• ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම 2019(2020)

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2019(2020) – යෝග්‍යතා ඇගයීමේ හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වන නිවේදනය

    Notice – sinhalaබාගතකරන්න

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2019(2020) හි යෝග්‍යතා ඇගයීමේ හා ප්‍රායෝගික පරීක්ෂණය පවත්වන දින හා නියමිත වේලාව සඳහන් ලේඛනය

    CALLING LISTබාගතකරන්න

    යෝග්‍යතා ඇගයීමේ හා ප්‍රායෝගික පරීක්ෂණය පවත්වන දින හා නියමිත වේලාව සඳහන් කරමින් අයදුම්කරුවන් වෙත යොමු කරන ලද කැඳවීම් ලිපියෙහි ආදර්ශ ආකෘතිය

    candidates calling letter – approvedබාගතකරන්න

    සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියෙහි සඳහන් කර ඇති ඇමුණුම 01 හා ප්‍රායෝගික පරීක්ෂනය සඳහා ලකුණු පටිපාටිය යටතේ දක්වා ඇති ආකෘති පත්‍රය

    vii. Presentation marks (Eng) (1) බාගතකරන්න
    SINHALAබාගතකරන්න

    සම්මුඛ පරීක්ෂණ අංකය සහ මණ්ඩල අංකය සඳහන් කර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ලිපිගොනු කවරය සකස් විය යුතු ආකාරය දැක්වෙන ආකෘතිය

    SINHALAබාගතකරන්න

    Upendra Lakmali

    2025-12-29
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ඒකාබද්ධ සේවයේ වාර්ෂික ස්ථාන මාරු – 2026

    දැනුවත් කිරීමේ ලිපියDownload

    Upendra Lakmali

    2025-12-29
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2025 අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සංශෝධනය කිරීම (රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්)

    2025 අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සංශෝධනය කිරීම (රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්)
    SinhalaDownload
    TamilDownload

    Upendra Lakmali

    2025-12-24
    අධ්‍යාපන
    පුවත්, විශේෂ නිවේදන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අරක්කැමි තනතුර සඳහා බඳවා ගැනීම

    වැඩිදුර විස්තරDownload

    Upendra Lakmali

    2025-12-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය නිවාසාධිකාරි තනතුරට පත් කිරීම

    වැඩිදුර විස්තරDownload

    Upendra Lakmali

    2025-12-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2025.07.01 දිනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය

    2025.07.01 Seniority List Class IDownload

    Upendra Lakmali

    2025-12-23
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අයත් තනතුරුධාරීන්ගේ 2026 වාර්ෂික ස්ථාන මාරු

    Covering LetterDownload

    Upendra Lakmali

    2025-12-22
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2026 වසරේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම

    ආවරණ ලිපියDownload

    Upendra Lakmali

    2025-12-19
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2026 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 6 ශ්‍රේණියේ ක්‍රියාත්මක වන වැඩිදුර අධ්‍යයන මොඩියුල සහ පරිවර්තනීය කුසලතා මොඩියුල පිළිබඳ උපදෙස් සංග්‍රහය

    SINHALADownload
    TAMILDownload

    Upendra Lakmali

    2025-12-18
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • සමස්ත ලංකා පාසල් සෞන්දර්ය තරගවලිය – 2025 (දෙමළ මාධ්‍ය)

    All Island Schools Bharatha Natyam Competition – 2025

    2025 Bharatha Natyam Competitionබාගතකරන්න

    All Island Schools Carnatic Music Competition – 2025

    2025 Carnatic Music Competitionබාගතකරන්න

    All Island Schools Drama & Theatre Festival – 2025

    2025 Drama & Theatre Festivalබාගතකරන්න

    Upendra Lakmali

    2025-12-18
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • සමස්ත ලංකා ඉංග්‍රිසි භාෂා හා නාට්‍ය තරඟාවලියේ ප්‍රතිඵල ලේඛනය – 2025

    English Day Drama 2025_1බාගතකරන්න

    Upendra Lakmali

    2025-12-17
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දීම.

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දීම.

    රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් 2025.12.09 දිනැති අංක ED/09/12/06/05/01 – 2025 දරන ලිපියට වැඩිමනත් වශයෙනි.

    එමඟින්, 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට, විශේෂයෙන්ම සියලු ම විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙන්නෙමු.

    මාධ්‍ය අංශය

    Upendra Lakmali

    2025-12-16
    අධ්‍යාපන
    පුවත්
  • 2025 අ .පො.ස. උසස් පෙළ විභාගයේ දැනට අවසන් නොවු අංශ වල විෂය අන්තර්ගතයන් මෙම සබැදියෙන් ලබා ගන්න

    2025 අ .පො.ස. උසස් පෙළ විභාගයේ දැනට අවසන් නොවු අංශ වල විෂය අන්තර්ගතයන් මෙම සබැදියෙන් ලබා ගන්න

    https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=949

    Upendra Lakmali

    2025-12-12
    අධ්‍යාපන
    පුවත්, විශේෂ නිවේදන
  • පහසුවෙන්ම 06 සිට 09 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි විෂය සඳහා ක්‍රියාකාරකම් පත්‍රිකා, වීඩියෝ පාඩම්, කියවීම් ද්‍රව්‍ය සහ අන්තර්-ක්‍රියාකාරී අන්තර්ගතයන් ලබා ගැනීම සඳහා දැන්ම පිවිසෙන්න…

    පහසුවෙන්ම 06 සිට 09 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි විෂය සඳහා ක්‍රියාකාරකම් පත්‍රිකා, වීඩියෝ පාඩම්, කියවීම් ද්‍රව්‍ය සහ අන්තර්-ක්‍රියාකාරී අන්තර්ගතයන් ලබා ගැනීම සඳහා දැන්ම පිවිසෙන්න…

    Grade -6 – https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=356
    Grade -7 – https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=383
    Grade -8 – https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=377
    Grade -9 – https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=361

    Upendra Lakmali

    2025-12-12
    අධ්‍යාපන
    පුවත්, විශේෂ නිවේදන
  • ප්‍රතිෂ්ඨා

    ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ ජාතික ක්‍රියාන්විතයට උර දෙමුDownload

    Upendra Lakmali

    2025-12-11
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බිදවැටුණු මහජන සේවා යථාවත් කිරීම පිළිබද රාජකාරි සදහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීම

    දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බිදවැටුණු මහජන සේවා යථාවත් කිරීම පිළිබද රාජකාරි සදහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීම- ආවරණ ලිපිය Download

    Upendra Lakmali

    2025-12-11
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් නැවත ආරම්භ කිරීම

    පාසල් ආරම්භ කිරීම උපදෙස් ලිපිය Download
    ඇමුණුමDownload

    Upendra Lakmali

    2025-12-10
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සඳහා අධ්‍යාපනපති උපාධි (එක් අවුරුදු සති අන්ත) සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම – 2025

    වැඩිදුර විස්තරDownload

    Upendra Lakmali

    2025-12-09
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026

    සමාලෝචන කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමේ ලිපියDownload

    Upendra Lakmali

    2025-12-08
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කෙරේ.

    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කෙරේ.

    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2025.11.01 වන දින සිට 2025.11.30 දක්වා විවෘත කර ඇත. කෙසේ වුවද, 2022, 2023 හෝ 2024 වර්ෂයන් හිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට ඔවුන්ගේ පළමු හෝ දෙවන වාරය ලෙස සිටි පෙනී දරුවන්, 2025 වර්ෂයේදී ද නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලා පවතින අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කිරීම සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

    මෙම පොලී රහිත ශිෂ්‍යණය යොජනා ක්‍රමය සඳහා අයදුම්පත් යොමු කිරීම www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ව සිදු කළ හැකි බව වැඩි දුරටත් දන්වා සිටිනු ලැබේ.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-12-03
    අධ්‍යාපන
    පුවත්
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම – 2025

    ආවරණ ලිපියDownload
    ස්ථාන මාරු යෝජනාDownload
    කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සහ සහකාර විදුහල්පති තනතුරු ඇතුලත් ලේඛනය (ඇමුණුම – 01)Download
    අභියාචනා ආකෘති පත්‍රය (ඇමුණුම 02)Download

    Upendra Lakmali

    2025-12-03
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී…

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී…

    • අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ඇරඹේ…

    • ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කෙරේ…

    රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

    එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් සමාලෝචනය කරමින් ගමනාගමන පද්ධතියේ බිඳ වැටිම්, සන්නිවේදන අපහසුතා, විදුලිය බිඳ වැටීම් වැනි අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන අතර අනෙකුත් පාසල් ආරම්භ කිරීම පිළිබඳ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඉදිරියේ දී හැකි ඉක්මනින් තීරණ ගන්නා බවත් ය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම් පෙන්වා දුන්නේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම ප්‍රායෝගික අපහසුකම් ඇති කිසියම් උසස් අධ්‍යාපන ආයතනයක් වේ නම් අදාළ ආයතනයේ ප්‍රධානියාට ආරම්භ කරන දිනය පිළිබඳ තීරණ කිරීමට අදාළ ආයතන ප්‍රධානීන්ට බලය පැවරෙන බවයි.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-12-02
    අධ්‍යාපන
    පුවත්
  • විශේෂ නිවේදන

    විශේෂ නිවේදන

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු 2025 දෙසැම්බර් 8 වන දින දක්වා අත්හිටුවන බව දැනුම් දෙනු ලැබේ.

    නාලක කළුවැව

    ලේකම්

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

    Upendra Lakmali

    2025-12-01
    අධ්‍යාපන
    පුවත්
  • අයහපත් කාලගුණයත් සමග අ.පො.ස. උසස් පෙළ විභාග‍ය පැවැත්වීමට අදාළව ක්ෂණික සැලසුම් සකස් කිරීමට අගමැතිතුමියගෙන් උපදෙස්.

    අයහපත් කාලගුණයත් සමග අ.පො.ස. උසස් පෙළ විභාග‍ය පැවැත්වීමට අදාළව ක්ෂණික සැලසුම් සකස් කිරීමට අගමැතිතුමියගෙන් උපදෙස්.

    පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන  ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද (27) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙ‍විරත්න මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. ඒ සඳහා අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීහු  සහභාගී වූහ.

    මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට  අපහසුතාවකින් තොරව  විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසිය යුතු බව මෙහිදී ‍ප්‍රකාශ කළ අමාත්‍යතුමිය ඒ සඳහා පළාත් සහ කලාප මට්ටමින් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධ කරගනිමින් නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බවත්, සෑම අවස්ථාවක ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සහාය ගත හැකි සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් මනා සංවිධානයකින් යුතුව මෙම ක්‍රියාවලිය සංවිධානය කරගත යුතු ආකාරය පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කළා ය.

    මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යතුමිය ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ සියලු බලධාරීන් එක්ව අ.පො.ස. උසස් පෙළට පෙනී සිටින දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවයි. එමෙන්ම විභාගය අවසන් කළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඉතා ආරක්ෂිතව ඇති අතර මේ වන විටත් ඒවායේ  ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන් කළ ඇය කිසිදු ආකාරයකින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස වැඩි දුරටත් සඳහන් කළා ය.

    එමෙන්ම මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා  අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දිවයිනේ සියලු ම මුස්ලිම් පාසල් අද සහ හෙට දිනයේ (27-28) වසා තැබෙන බවයි. පාසල් වාරයේ ඉතිරි කොටස  ආරම්භ කරන දිනය පසුව මාධ්‍යයට දැනුම් දෙන බව සඳහන් කළ ඒ මහතා  පවතින ආපදා තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම පිළිබඳ බලය එම උපකුලපතිවරුන්ට ලබා දී ඇති බව පෙන්වා දුන් අතර අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන නිල ප්‍රවෘත්ති නිවේදන අනුව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    මේ අවස්ථාවේ දී විභාග කොමසාරිස් ජනරාල්තුමිය අදහස් දක්වමින් පෙන්වා දුන්නේ නොවැම්බර් 27, 28, සහ 29 යන දින තුනෙහි පැවැත්වීමට නියමිතව තිබූ විෂයන්  පවත්වන දින පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන අතර  යහපත් කාලගුණයක් පැවතුණහොත් සඳුදා (දෙසැම්බර් 01) පෙර කාලසටහනට අනුවම විභාගය පැවැත්වෙන බවයි. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවෙන්  නොවැම්බර් 29 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ රෙජිස්ටාර් ජනරාල් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට අයත් සීමිත විෂය ධාරාව යටතේ බඳවා ගැනීමේ තරග විභාගය -2025 සහ නොවැම්බර් මස 30 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නොවන කාණ්ඩයේ III ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණු කරන නිලධාරීන් ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය  අයහපත් කාලගුණය හමුවේ කල් දමා ඇති බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-12-01
    අධ්‍යාපන
    පුවත්
  • නිවේදනය – 2023 හා 2024 අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම

    ජාතික ශික්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව.

    තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය 2025.12.05 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කරන ලදී.

    Upendra Lakmali

    2025-11-27
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අයහපත් කාලගුණය හේතුවෙන් මුස්ලිම් පාසල් නිවාඩු ලබා දීම.

    Upendra Lakmali

    2025-11-27
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත,

    සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත,

    මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා අ.පො.ස. (උ.පෙල) 2025 විභාගයේ 2025.11.27 හා 2025.11.28 දෙදින පැවැත්වීමට නියමිත විෂයයන් නොපැවෙත්වෙන බවත් එම විෂයයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවත් කාරුණික ව දැනුම් දෙමි. විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් අවධාරණය කරමි.

    මේ සම්බන්ධයෙන් ඔබගෙන් ලැබෙන සහාය අගය කරමි.

    ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ
    විභාග කොමසාරිස් ජනරාල්
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

    Upendra Lakmali

    2025-11-27
    අධ්‍යාපන
    පුවත්
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු පාටිපාටිය – 2026

    Transfer_Siබාගතකරන්න

    Upendra Lakmali

    2025-11-26
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ශිෂ්‍යභට අක්‍රීය නාමලේඛනය

    Inactive Listබාගතකරන්න

    Upendra Lakmali

    2025-11-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2025 වර්ෂය 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය – පාසල් කඩඉම් ලකුණු

    2025 වර්ෂය 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය – පාසල් කඩඉම් ලකුණු

    2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැක.

    2025 – தரம் ஐந்து புலமைப் பரிசில் பரீட்சைப் பெறுபேறுகளின் அடிப்படையில் பாடசாலைகளில் 2026ம் ஆண்டில் தரம் 06 இற்கு அனுமதிப்பதற்குரிய பாடசாலை வெட்டுப் புள்ளிகளை  www.moe.gov.lk இணையத் தளத்தினுள் பிரவேசிப்பதனூடாக பெற்றுக் கொள்ள முடியும். கிடைக்கப் பெற்ற பாடசாலையை https://g6application.moe.gov.lk இணையத் தளத்தினூடாக பரிசோதிக்கலாம்.

    CUTOFF MARK -2025Download

    Upendra Lakmali

    2025-11-21
    අධ්‍යාපන
    පුවත්, විශේෂ නිවේදන
  • පාසල් සංවර්ධන නිලධාරීන් සහ උපාධිධාරී සංගම් නියෝජිතයන් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි.

    පාසල් සංවර්ධන නිලධාරීන් සහ උපාධිධාරී සංගම් නියෝජිතයන් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි.

    උපාධිධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

    මෙහිදී පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමිය පවසා සිටියේ මේ වන විට අධිකරණයේ පවතින නඩු කටයුතු අවසන් වී තීන්දුව ලැබුණු පසු ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව පවතින නෛතික රාමුව තුළ ඉදිරියේ පත්වීම් ලබාදීමට නියමිත බවයි.

    Upendra Lakmali

    2025-11-20
    අධ්‍යාපන
    පුවත්
  • සමස්ත ලංකා නාට්‍ය හා රංග කලා උලෙළ – 2025 ප්‍රතිඵල ලේඛනය

    2025 ප්‍රතිඵල ලේඛනය – සමස්ත ලංකා නාට්‍ය හා රංග කලා උලෙළDownload

    Upendra Lakmali

    2025-11-19
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • සමස්ත ලංකා නාට්‍ය හා රංග කලා උලෙළ – 2024 ප්‍රතිඵල ලේඛනය

    2024 ප්‍රතිඵල ලේඛනය – සමස්ත ලංකා නාට්‍ය හා රංග කලා උලෙළDownload

    Upendra Lakmali

    2025-11-19
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • පාසල් පුස්තකාල ග්‍රන්ථ නාමාවලිය

    Books_List_2022_2025බාගතකරන්න

    Upendra Lakmali

    2025-11-19
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට දේශීය පාවහන් කර්මාන්තකරුවන්ට ‍අවස්ථාව…

    පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට දේශීය පාවහන් කර්මාන්තකරුවන්ට ‍අවස්ථාව…

    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

    මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී සාකච්ඡාවක් පැවැත්විය.

    අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්ව නව ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ දී සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල්, සිසුන් 251 -500 අතර සිටින වතු පාසල්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසල් සහ පිරිවෙන් ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු පාසල් සිසු සිසුවියන්ට දේශීය ව නිෂ්පාදනය කරන ලද පාසල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් මෙම පාවහන්වල ප්‍රමිතිය නිරීක්ෂණය කරනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයින් පමණක් තෝරා ගන්නා අතර, වසරක වගකීමක් යටතේ ගුණාත්මක සපත්තු සැපයීමට නිෂ්පාදකයින් එකඟ වී ඇති බවත් පාසල් වෙත සෘජු ව ම අළෙවිකරුවන් යෑම නිසා සිසුන්ට නිවැරදි ප්‍රමාණයේ සපත්තු තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් කර්මාන්ත සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අග්‍රාමාත්‍යවරිය ඉදිරියේ සඳහන් කළේ ය.

    මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ බස්නාහිර සහ දකුණ යන පළාත්වල පාසල් තෝරාගෙන ඇති අතර එහි ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව අනෙකුත් පළාත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සුදුසු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා ය.

    මෙම රැස්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-11-19
    අධ්‍යාපන
    පුවත්
  • සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය – 2025

    ALL ISLAND ART COMPETITION 2025 – EASTERN PROVINCE RESULTSබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර කරගය 2025 – බස්නාහිර පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 – උතුරු මැද පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 – ඌව පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 – දකුණු පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 – මධ්‍යම පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 – වයඹ පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න
    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 – සබරගමුව පළාත් ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න

    Upendra Lakmali

    2025-11-18
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • පාසල් පුස්තකාල සහායක, පාසල් පුස්තකාල සේවක පාසල් පුස්තකාල සේවා සහායක පුහුණු මොඩියුල

    සිංහලDownload
    TamilDownload

    Upendra Lakmali

    2025-11-18
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ වාර්ෂික ස්ථාන මාරු – 2026

    වාර්ෂික ස්ථාන මාරු තීරණ – 2026 ආවරණ ලිපියDownload
    වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පත – 2026Download
    අරක්කැමිDownload
    කාර්ය සහායකDownload
    ක්‍රීඩා පුහුණුකරුDownload
    ගිලන්හල් සේවකDownload
    ජල නල – වඩු – විදුලි කාර්මිකDownload
    තාක්ෂණපීඨ සහායකDownload
    පාසල් ආරක්ෂකDownload
    පුස්තකාල සහායකDownload
    රසායනාගාර සහකාරDownload
    රසායනාගාර සහායක Download
    ලේඛන සහකාරDownload
    ශිෂ්‍ය නිවාසාධිකාරි – සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරිDownload
    සංවර්ධන සහකාර – මූල්‍ය සහකාර – කළමනාකරණ සහකාර (උපාධි)Download
    සේවා සහායක – සනීපාරක්ෂකDownload

    Upendra Lakmali

    2025-11-18
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • විදුහල්පති සේවයට නිලධාරීන් බඳවාගැනීම සඳහා වන ගැසට් නිවේදනය – 2025

    2025-11-14 (I-IIA) SDownload

    Upendra Lakmali

    2025-11-17
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • සමස්ථ ලංකා පාසල් නර්තන අවසන් තරගය-2025 ප්‍රතිඵල

    සමස්ථ ලංකා පාසල් නර්තන අවසන් තරගය-2025 ප්‍රතිඵලDownload

    Upendra Lakmali

    2025-11-13
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • නිවේදනය – ජාතික ශික්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව

    ජාතික ශික්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව

    “තුන් අවුරුදු පූර්ව සේවා විද්‍යා ජාතික ශික්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය 2025.11.07 දින නිකුත් කරන ලදී. ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ. 2025.11.07 දින පෙ.ව. 10.00 සිට 2025.11.28 දින රාත්‍රී 12.00 දක්වා යොමු කරන ලද අයදුම්පත් පමණක් ඒ සඳහා වලංගු වේ.”

    අයදුම්පත් යොමු කිරීමේ සබැඳිය – https://ncoe.moe.gov.lk/NCOE/

    Upendra Lakmali

    2025-11-12
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • “අධ්‍යාපනයේ සාධාරණ ඉඩහසරක්” අත්පොත

    Englishබාගතකරන්න
    සිංහලබාගතකරන්න
    தமிழ்බාගතකරන්න

    Upendra Lakmali

    2025-11-11
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • පාසල් යටිතල පහසුකම් සහ පාරිසරික සැකැස්ම

    02-2024-Enබාගතකරන්න
    02-2024-Siබාගතකරන්න
    02-2024-Taබාගතකරන්න

    Upendra Lakmali

    2025-11-11
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ඒකාබද්ධ සේවයේ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ – 2026

    ආවරණ ලිපියDownload
    සමාලෝචන කමිටු තීරණ – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයDownload
    සමාලෝචන කමිටු තීරණ – කළමනාකරණ සේවා නිලධාරී සේවයDownload
    සමාලෝචන කමිටු තීරණ – සංවර්ධන නිලධාරී සේවයDownload
    සමාලෝචන කමිටු තීරණ – පුස්තකාලයාධිපති සේවයDownload
    සමාලෝචන කමිටු තීරණ – ඒකාබද්ධ රියදුරු සේවයDownload

    Upendra Lakmali

    2025-11-11
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහගත සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහගත සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්

    ක්‍රියාකාරකම් මත පදනම් වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන පද්ධතියේ ඒකාබද්ධ ප්‍රයත්නයක්

    ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්වය සහ ඊට සමගාමීව සිදුවන පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන මාධ්‍ය හමුවක් අද (06) දින නාලක කලුවැව (අධ්‍යාපන ලේකම්)ගේ මූළිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය.

    මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන ලද්දේ නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණු කරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර ඇති බවයි. ඒමෙන්ම 1 සහ 6 ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම 2025.12.31 පමණ වන විට අවසන් කරන බවත් මෙම ශ්‍රේණි දෙක සඳහා එක වාරයක් සඳහා අවශ්‍ය මොඩියුල 106ක් ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර අවසන් කරන බවත්ය.

    මේ වන විට සමාජයේ බොහෝ කතා බහට ලක්ව ඇති පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීම 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිදු කරන බව සඳහන් කළ ලේකම්වරයා මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදු වන බවත්, ඊට සාපේක්ෂව දුම්රිය, ලංගම බස් වැනි පොදු ප්‍රවාහන සේවා වල කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන මණ්ඩලය වැනි ආයතන සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ප්‍රකාශ කරන ලදි.

    එමෙන්ම ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ පළාත් 09 ආවරණය වන පරිදි සියලුම අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ්වා අවසන් අදියරේ පසුවන බවත් ප්‍රකාශ කරන ලදි.එමෙන්ම මේ සම්බන්ධව දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් ප්‍රකාශ කරන ලදි.

    එසේම මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටියේ මෙම විෂය මාලා සකස් කිරීමේදී ලෝකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රමය පිළිබද පුළුල් නිරීක්ෂණයක් සිදු කළ බවත් ළමා මනසට උචිත ආකාරයෙන් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය ආකාරයට මෙය සකස් කර ඇති බවත්ය.

    පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 10 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ මූලික අඩිතාලම සිදු කරන බවත්, එය ඉදිරියට ගෙන යාමක් ලෙස අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව තුළත් එම අධ්‍යනයන් ඉදිරියට කරගෙන යා හැකි වන පරිදි සකස් කරන බව ප්‍රකාශ විය.

    පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීමට අදාළව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාලක කලුවැව මහතා සදහන් කළේ නවීන තාක්ෂණයත් සමග බද්ධ වී ඉදිරියට යන ලෝකයට ගැලපෙන දරුවකු සමාජගත කිරීමේ අරමුණින් සිදුකරගෙන යන මෙම නව අධ්‍යාපන පරිවර්තනයට ගුරුවරුන් සහයෝගය ලබා දෙතැයි අපේක්ෂා කරන බවයි.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු සහභාගි විය.

    මාධ්‍ය ඒකකය
    අධ්‍යාපන අමාත්‍යාංශය

    Upendra Lakmali

    2025-11-11
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම

    නිවේදනයDownload
    පැමිණිලි යොමුකල යුතු ආකාරයDownload

    Upendra Lakmali

    2025-11-10
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් වල 6 – 11 ශ්‍රේණි සඳහා පාසල් කාලසටහන සකස් කිරීම – චක්‍රලේඛ අංක 34/2025

    34-2025_6-13_Timetableබාගතකරන්න
    Primary_timetable_guidelinesබාගතකරන්න
    Tamil Circularබාගතකරන්න

    Upendra Lakmali

    2025-11-05
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
  • 2025.10.22 වැනි දින පර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකාවේ කෙටුම්පත.

    Englishබාගතකරන්න
    සිංහලබාගතකරන්න
    தமிழ்බාගතකරන්න

    Upendra Lakmali

    2025-11-04
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අධ්‍යාපනය රටේ සංස්කෘතික පරිවර්තනයේ මූලාරම්භයයි. • ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කොට දැයේ දරුවන්ට ප්‍රසස්ථ අධ්‍යාපනයක් ලබා දීම අප සියලු දෙනාගේ සාමූහික වගකීමකි.

    අධ්‍යාපනය රටේ සංස්කෘතික පරිවර්තනයේ මූලාරම්භයයි. • ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කොට දැයේ දරුවන්ට ප්‍රසස්ථ අධ්‍යාපනයක් ලබා දීම අප සියලු දෙනාගේ සාමූහික වගකීමකි.

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය.

    දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කළ බවයි.
    කල්මුණේ අල් අස්‍රක් විදුහලේ සහ අම්පාර ඩී. එස්. සේනානායක විදුහලේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව කල්මුණේ සමන්තුරේ සහ අම්පාර කලාප වලට අයත් පාසල් 01 සහ 06 ශ්‍රේණි වල ගුරුවරුන් දැනුවත් කිරීමත් සහ දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වුණු අතර අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යායේ දී විදුහල්පතිවරුන් අමතමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ප්‍රකාශ කළා ය.

    සම්පත් විෂමතාව, යටිතල පහසුකම් හිඟය සහ ගුරු හිඟය වැනි ගැටලු රැසක් මැද කන්නංගර චින්තනයෙන් අපට දායාද වූ නිදහස් අධ්‍යාපනය මේ දක්වා පවත්වාගෙන ඒමට දැරූ උත්සාහයන් හා කැපවීම් අගය කළ යුතු බවත් අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් නොමඳව ඇගයීමට ලක් විය යුතු බවත් අමාත්‍යවරිය මෙහි දී විදුහල්පතිවරුන් හමුවේ කියා සිටියා ය.

    මේ වනවිට ලංකාවේ පාසල් 10,097ක් පැවතිය ද, අසීමාන්තික අධ්‍යාපන තරගකාරීත්වයක් පවතින්නේ සීමිත පාසල් 300ක් වැනි සංඛ්‍යාවක බවත් පැවසූ අමාත්‍යවරිය, එවැනි ඇතැම් පාසල්වල එක් පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 50–60ක් වැනි ඉහළ අගයක් ගන්නා විට ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පාසලකට ම සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 10–20ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකට සීමා වන බවත් මෙය පැහැදිලිව ම විශාල විෂමතාවක් ඇති අන්ත දෙකක් බවත් කියා සිටියා ය.

    මෙම විෂමතාව ඉවත් කිරීමේ අවශ්‍යතාව රජයට දැඩි ලෙස පවතින බවත් ඒ සඳහා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු හිගය නැති කිරීම වැනි සාධනීය පියවර ගන්නා අතර ම පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 30-35 වැනි උචිත මට්ටමක පවත්වාගෙන යමින් පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී පැවසුවා ය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා පරිවර්තනීය වෙනසක් අධ්‍යාපන පද්ධතිය තුළ ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක කිසි දු දරුවෙකු හෝ පාසලක් අතනොහැරෙන පරිදි ඉදිරි නායකත්ව පරපුර බිහි කිරීමට උත්සාහ කිරීම අප සියලු දෙනාගේ ම සාමූහික වගකීමක් බවත් මෙම ක්‍රියාදාමය සිදු කිරීම එක් අයෙකුට පමණක් තනි ව කළ නොහැකි අතර ඒ සඳහා සියලු දෙනාගේ ම සහයෝගය අවශ්‍ය බවත් ඇමතිතුමිය මෙහි දී අවධාරණය කළා ය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රියන්ත විජේරත්න, ආදම්බාවා, ඇතුලු පලාත් අධ්‍යාපන බලධාරීන් මෙම අවස්ථාවට එක් විය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-11-03
    අධ්‍යාපන
    පුවත්
  • ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යනවා. නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

    ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යනවා. නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

    ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    ඉන්දියානු රජයේ සහය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකළ බහුවාර්ගික ත්‍රෛභාෂා පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය. ඇය මේ අදහස් පළ කරන ලද්දේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද දින සහභාගී වෙමිනි.

    අපේ රට විවිධ ආගම්, භාෂා සහ ජන වර්ගවලට අයත් පුද්ගලයන් එකමුතුව ජීවත් වන රටක් බව අභිමානයෙන් සඳහන් කළ හැකි බවත්, ඉතිහාසයේ පළමු වතාවට, විවිධත්වය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික ඉලක්කයක් කරා පොදු සංස්කෘතික ගමනක් යාමට හැකි වීම අතිශය සතුටට කරුණක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පොළොන්නරුවේ දී ප්‍රකාශ කර සිටියා ය.

    ත්‍රෛභාෂා සංකල්පය යටතේ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම විශාල අභියෝග මැද සාර්ථකව ඉටු කළ හැකි වීම ‍ඓතිහාසික කටයුත්තක් බවත් මෙම භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීම මේ වන විට සිදු කර ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යතුමිය එමඟින් ප්‍රදේශයේ ජනතාවට, විශේෂයෙන් තරුණ තරුණියන්ට, අධ්‍යාපනික හා වෘත්තීය වශයෙන් සාර්ථක විය හැකි අවස්ථා නිර්මාණය වනු ඇති බවත් ප්‍රකාශ කළා ය.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාමත් තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින මොහොතක සියලුම දරුවන්ට, වෙනසක් නැතිව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අපේ ප්‍රධාන අරමුණ බවත්, මේ සඳහා විෂය මාලාව අලුත් කිරීම පමණක් නොව, අධ්‍යාපනයේ නව පරිවර්තනීය මගක් නිර්මාණය කිරීමද සිදු කෙරෙන බවත් අමාත්‍යතුමිය වැඩි දුරටත් පැවසීය.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාමත් තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින මොහොතක සියලුම දරුවන්ට, වෙනසක් නැතිව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අපේ ප්‍රධාන අරමුණ බවත්, මේ සඳහා විෂය මාලාව අලුත් කිරීම පමණක් නොව, අධ්‍යාපනයේ නව පරිවර්තනීය මගක් නිර්මාණය කිරීමද සිදු කෙරෙන බවත් අමාත්‍යතුමිය වැඩි දුරටත් පැවසීය.

    වේගයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකයක ජීවත් වන දරුවන් ඩිජිටල් අධ්‍යාපනයට සූදානම් කිරීමේ ප්‍රමුඛ අරමුණින් දරුවන්ට තාක්ෂණය නිවැරදි ලෙස භාවිතා කර, නව දැනුම හා නව නිපුණතා ලබා ගැනීමට අවශ්‍ය අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත්, ඩිජිටල් අන්තර්කරණ තාක්ෂණය අධ්‍යාපනයට නිසි ලෙස යොදා ගැනීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළා ය. ඒ සඳහා ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් අධ්‍යාපන පද්ධතිය තුළට හා රට තුළට නව තාක්ෂණික දැනුම හා අදහස් ගෙන ඒමට අපේක්ෂිත බව ද වෙනස් කළ යුතු තැන් නිවැරදි කරමින්, දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම අභිප්‍රාය වන බව ද පැවසූ අගමැතිතුමිය, අධ්‍යාපනය මගින් රටේ පුරවැසියන් නව ආධ්‍යාත්මික ගුණ වගාවකින් හෙබි නව පරපුරක් ලෙස සමාජයට දායාද කිරීම රජයේ අරමුණ බවත් මෙහි දී ප්‍රකාශ කළා ය.

    මේ අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නි‍යෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රත්නසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-31
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ.

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ.

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් අද දින (2025/10/28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආචාර්‍ය මහාචාර්යවරුන් ඇතුළු විශ්වවිද්‍යාලයී‍ය අචාර්‍යවරුන්ගේ සංගමගේ සභාපති මහචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි, ගුරු වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-28
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2019(2020) හි සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය ප්‍රකාරව සුදුසුකම් ලැබු අයදුම්කරුවන්ගේ නාමලේඛනය.

    Board Aබාගතකරන්න
    Board Bබාගතකරන්න
    Board Cබාගතකරන්න
    Board Dබාගතකරන්න
    Board Eබාගතකරන්න

    Upendra Lakmali

    2025-10-27
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමයි.

    ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමයි.

    “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇත. මෙම Whatsapp සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව මෙමගින් දන්වා සිටිමු.

    එමෙන් ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් ඉල්ලා සිටිමු.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-27
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

    සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව.

    ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අතර එය කිසි දු අයුරකින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

    මෙම ව්‍යාජ ලේඛනය සකසා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-24
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • විදේශ භාෂා තරගයේ ප්‍රතිඵල – 2025

    ප්‍රතිඵල ලේඛනයබාගතකරන්න

    Upendra Lakmali

    2025-10-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2වන ශ්‍රේණියේ නිලධාරීන් සහ අධි සේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට පත් කරනු ලැබු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (I) හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2025(I)

    ගැසට් නිවේදනයDownload

    Upendra Lakmali

    2025-10-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්…

    2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්…

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.

    මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව ය.

    ඇය තවදුරටත් පැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ය. එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අමාත්‍යතුමිය පැවසී ය.

    අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය. මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා ය.

    මෙම පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් මෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීහූ රැස් ව සිටියහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-23
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියතමිත අතර, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම එම කුළුණු වේ. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමටත් කටයුතු සූදානම් කර ඇත.

    සාමාන්‍ය අධ්‍යාපනයට අවශ්‍ය විෂයමාලා සම්පාදනය මෙන්ම ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය ජාතික අධ්‍යාපන ආයතනයට පැවරී ඇත. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විදුහල්පතිවරුන් ‍හා ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර, මානව සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-21
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ.

    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ.

    රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙත නිර්දේශ හා යෝජනා ලබා දීමට සාමාජිකයන් හය දෙනෙකුගෙන් (6) යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත. ඊට අදාළ පත් කිරීම් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් සිදු කරනු ලැබූ අතර එම කමිටු සාමාජිකයන්ගේ නම් පහත පරිදි වේ.

    • ආචාර්ය ජානක ජයලත් – සභාපති (අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශන මණ්ඩල සභික)
    • මහාචාර්ය තුෂාර චාමින්ද – සමාජික (ඉංජිනේරු පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය)
    • මහාචාර්ය ජේ.සී. එන් රාජේන්ද්‍ර – සාමාජික( වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කවුන්සිල සාමාජික)
    • ආචාර්ය කේ.ඒ. ලලිතධීර – සමාජික (අධ්‍යක්ෂ ජනරාල්, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව)
    • ඉංජිනේරු එස්.බී. අනුර දේශප්‍රිය සේමසිංහ – සාමාජික (ප්‍රධාන විධායක නිලධාරි, මධ්‍යයම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා/ අබුඩාබි
    • හිමාලි ඩබ්. කේ අතාවුදගේ – කැඳවුම්කරු (අතිරේක ලේකම්, වෘත්තීය අධ්‍යාපන අංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය)

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-17
    අධ්‍යාපන
    පුවත්
  • අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක…

    අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක…

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ (State Printing Corporation – SPC) පානළුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවේ නිල නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා 2025.10.15 එක්විය. මෙම සංස්ථාව, පාසල් පෙළපොත් මුද්‍රණය, අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සහතික පත්‍ර මුද්‍රණය වැනි විශේෂිත මුද්‍රණ කටයුතු සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි.

    ආයතනික ප්‍රගති සමාලෝචනය, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය, ලබන වසර සඳහා උපාය මාර්ගික සැලසුම්කරණය, සේවක සුබසාධනය හා සංවර්ධනය පිළිබඳ අදහස් ලබා ගැනීම මෙම නිල නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණු විය.

    නිරීක්ෂණ චාරිකාවේදී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවකයින් සමග සුහද සංවාදයකද නිරත විය. සේවකයින් අමතා අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ, “මීළඟ වසර වන විට සම්පත්වල උපරිම දායකත්වය අත්පත් කරගෙන සංස්ථාවක් ලෙස වපසරිය තව තවත් පුළුල් කර ගනිමින් සේවක තෘප්තියද ඉහළ නැංවීම” සිය ඒකායන බලාපොරොත්තුව බවයි.

    තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ “පුළුල් වපසරියක් සහිත සංස්ථාවක් බවට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පත් කර රටට මෙන්ම සේවකයින්ටද ප්‍රතිලාභ ලබා දීම” සිය පරමාර්ථය බවයි.

    මෙම චාරිකාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය හමුවී සාකච්ඡාවකද නිරත වූ අතර එහිදී දැනට පවතින ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අභිමතාර්ථ ජය ගැනීම සඳහා වන නව උපාය මාර්ගික සැලසුම් පිළිබඳ අවධාරණය කළේ ය.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමන්, ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-15
    අධ්‍යාපන
    පුවත්
  • පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.

    31-2025-SiDownload

    Upendra Lakmali

    2025-10-14
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025” තුළින් නව තරග වාර්තා රැසක්.

    “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025” තුළින් නව තරග වාර්තා රැසක්.

    ‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ ‍පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි සමාප්ති උළෙල උත්කර්ෂවත් ව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (14)වන දින පැවැත්වුණි.

    මෙහිදී දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් පහළොස් දහසකට ආසන්න පිරිසක් කණ්ඩායම් තරග සඳහාද, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක – ක්‍රීඩිකාවෝ පන්දහසකට ආසන්න පිරිසක්ද සහභාගි වූ අතර, පාසල් 1,170 ක් නියෝජනය කරන ලදි.

    අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක සම්මාන ලබන අතර වාරයේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග අති ශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

    අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 49.90 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් අයෝමාල් අකලංක ද අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 54.09 ක තරග නිමි කාලය පදනම් කර ගනිමින් ජිත්මා විජේතුංග ද අදාළ සම්මාන දිනා ගත්හ.

    මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ජවන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට කඳාන ශාන්ත සෙබෙස්තියන් විදුහල නියෝජනය කළ ඔමෙල් සශින්ත (අවුරුදු 20 න් පහළ මීටර් 400 – තත්. 46.17) සමත් වූ අතර දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කළ එච්. යූ. ජයසිංහ (අවුරුදු 20 න් පහළ යගුලිය දැමීම – මීටර්. 16.27) ට හැකියාව ලැබිණි.

    මෙවර දක්ෂතම කඬුළු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීම – තත්.49.90) සමත් වන අතර වාරයේ දී දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිරිනැමෙන කුසලානය දිනා ගැනීමට කොළඹ 06, ශාන්ත ලෝරන්ස් විදුහල නියෝජනය කළ ඔෂිනී කොඩිකාර (අවුරුදු 20 න් පහළ බාලිකා දුර පැනිම මීටර් 06. 03) සමත් වූවාය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය විසින් සංවිධානය කර තිබුණු මෙවර තරගාවලියට ද මධ්‍යම, සබරගමුව, ඌව, උතුර, දකුණ, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

    මෙවර මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව සමස්ත ලංකා පාසල් තරග වාර්තා 38 කින් ස්වයංපෝෂිත වීම ඒ අතරේ කැපී පෙණුනි.

    දින 05 ක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතා කුසලාන මීගමුවට රැගෙන යාමට මාරිස්ටෙලා විදුහල (ලකුණු 148) සමත් වූ අතර වාරයේ දී සමස්ත බාලිකා ශූරතා කුසලාන වත්තලට රැගෙන යාමට ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 213) ට සමත් විය. මාරිස්ටෙලා විදුහල මෙන්ම ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතා කුසලාන නොකඩවා දිනා ගන්නා ලද තෙවන අවස්ථාව මෙවර සටහන් වීම ඉහළ අගයක් ගත්තේය.

    එකී බාලක අනු ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල ( ලකුණු 99) ට හිමි වූ අතර බාලිකා ලකුණු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 93 ) සතු විය. සමස්ත බාලක සහ බාලිකා තෙවන ස්ථානය පිළිවෙලින් තහවුරු කර ගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 77) සහ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 61) සමත් විය.

    ලකුණු 1,277 වාර්තා කර ගනිමින් අන්තර් පළාත් සටනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ. එකී අනු ශූරතාව මධ්‍යම පළාත (ලකුණු 414) ට හිමි වූ අතර තෙවැනි ස්ථානය වයඹ පළාත (ලකුණු 315.5) සතු විය.

    මෙවර ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    අවසන් දිනය වූ ඊයේ (14) බිහි වූ නව තරග වාර්තා සංඛ්‍යාව 09 කි. මෙවර ක්‍රීඩා උළෙල වර්ණවත් කළ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ තරුෂී අභිෂේකා ප්‍රේමසිරි ක්‍රීඩීකාව තමන් සහභාගී වූ ඉසව් ත්‍රිත්වය ජය ගත්තේ නව තරග වාර්තා ත්‍රිත්වයක් බිහි කරමින් වීම ඉහළ අගයක් ගත්තේය.

    Upendra Lakmali

    2025-10-14
    අධ්‍යාපන
    පුවත්
  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026

    ආවරණ ලිපියDownload
    කළමනාකරණ සේවා නිලධාරී සේවයDownload
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයDownload
    සංවර්ධන නිලධාරීන්Download

    Upendra Lakmali

    2025-10-14
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය (IMSO – 2025) සඳහා සහභාගී වූ සිසුන්ට ජයග්‍රහන රැසක්

    අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය (IMSO – 2025) සඳහා සහභාගී වූ සිසුන්ට ජයග්‍රහන රැසක්

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයට අයත් විද්‍යා ශාඛාව හා ගණිත ශාඛාව මගින් වාර්ෂිකව අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය සඳහා සිසුන් සහභාගී කරවන අතර,

    2025 තරගය මැලේසියාවේ කෙදා හිදී 2025.10.05 සිට 2025.10.09 දින දක්වා පැවැත්වීනි.

    පාසල් , කලාප හා පළාත් මට්ටමේ තරග පවත්වා පළාත් තරගයෙන් ජයග්‍රහණය කළ සිසුන්ට, පවත්වන ලද ජාතික තරගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් මේ සඳහා තෝරාගනු ලැබේ. එසේ තෝරාගත් සිසුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමෙන් පසු විද්‍යා අංශයෙන් සිසුන් 12 ක් හා ගණිත අංශයෙන් සිසුන් 12 ක් අන්තර්ජාතික තරගාවලියට සහභාගී විය. එහිදි විද්‍යා අංශය නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් දොළොස් දෙනාගෙන්,

    හිමෙත් කෙම්සර අබේසිංහ කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එම්.එම්.කවිත්ම කොළඹ ආනන්ද විද්‍යාලය, ආර්. අක්ෂත් හින්දු විද්‍යාලය, යාපනය , එන්.බී.තෙනුක් වින්සිත බදුල්ල මධ්‍ය විද්‍යාලය යන සිසුන් විසින් රිදී පදක්කම් 04 ක් හිමිකරගත් අතර, සහභාගී වූ අනෙක් සිසුන් 8 දෙනාම ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත.

    ගණිත අංශය නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් දොළොස් දෙනාගෙන් සිසුන් හත් දෙනෙකු ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත.

    එමෙන්ම මෙම තරගාවලියේ පැවති STEM කණ්ඩායම් තරගයෙන් සහභාගී වූ සියළුම රටවල් අතරින් හතරවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට හැකිවිය.

    අන්තර්ජාතික තරගයකින් මෙලෙස පදක්කම් රැසක් දිනාගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-10-13
    අධ්‍යාපන
    පුවත්
  • සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මතුගමදී…

    සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මතුගමදී…

    නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම් උළෙල 2025 ඔක්තෝබර් 13 දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    නිදහස් අධ්‍යාපන ක්‍රමය රටට දායාද කිරීම වෙනුවෙන් කන්නන්ගර මහතා කළ මෙහෙය අගය කිරීම සහ එම ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම සිහිපත් කිරීම මෙම සැමරුම සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ විය.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මඟ ඔස්සේ යමින් නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සිය ඒකායන වෑයම බවයි.

    ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ විෂය මාලාවක් හඳුන්වා දීම,තාක්ෂණය හා නවෝත්පාදනය අධ්‍යාපනයට මුසු කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන පරපුරක් බිහි කිරීම,ගුරු පුහුණුවෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සෑම දරුවෙකුටම සමාන අවස්ථා උදාකරමින් සමාන පහසුකම් ඇති පාසල් ගොඩ නැඟීම පිළිබඳ ව ඒ මහතා මෙහිදී අවධාරණය කළේ ය.

    කන්නන්ගර මහතා දැකීමට උත්සාහ කළ සමානාත්මතාව හා ගුණාත්මක අධ්‍යාපනය 21 වන සියවසේ දැනුම හා කුසලතාවලින් සන්නද්ධ කරමින් ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙය හුදෙක් පුද්ගල සැමරුමක් ලෙස නොගෙන සමස්ත නිදහස් අධ්‍යාපනය හා බැඳුණු ප්‍රතිපත්ති මාලාවක් ලෙස වටහා ගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

    මෙහිදී කන්නන්ගර ගුණානුස්මරණ පදනම දීපව්‍යාප්තව පැවැත්වූ කන්නංගර අනුස්මරණ නිර්මාණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන්ට ත්‍යාග බෙදාදීම ද සිදුකරන ලදි.

    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ කන්නන්ගර පවුලේ ඥාතීහු ද සහභාගී වී සිටියහ.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-10-13
    අධ්‍යාපන
    පුවත්
  • එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු හැර නිදහස් අධ්‍යාපනයේ වරම් සියලු ගම් දනව් කරා පැතිර යාමේ මංපෙත් විවර කළේ කන්නංගර මැතිතුමායි.

    එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු හැර නිදහස් අධ්‍යාපනයේ වරම් සියලු ගම් දනව් කරා පැතිර යාමේ මංපෙත් විවර කළේ කන්නංගර මැතිතුමායි.

    — වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ

    එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු පියන් හැර දමා අධ්‍යාපනය සඳහා සම බිමක් නිර්මාණය කරමින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය, ගම් දනව් කරා පතුරුවා හැරීමේ මං පෙත් විවර කළේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්වතාණන් බව වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන් ම වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දිනට (2025.10.13) යෙදෙන කන්නන්ගර මැතිතුමන්ගේ 141 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට ඇති කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙවගේ මහතා ප්‍රකාශ කළේ, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළ කන්නංගර විද්වතාණන් ලාංකික ජන හදවත් තුළ අමරණීය මතක සටහන් එක් කළ සීමිත පිරිස අතර ඉහළින් ම සිටින චරිතයක් ලෙස අවිවාදයෙන් ම හැඳින්විය හැකි බවයි.

    විශේෂයෙන් ම 50-60 දශකයේ දී බොහෝ ග්‍රාමීය දරු දැරියන් පිරිසකට මෙම නිදහස් අධ්‍යාපනය යටතේ සරසවි වරම් විවර වූ අතර අධ්‍යාපනයේ සම අවස්ථා රටේ සැමට හිමි කර දීමට ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් ඒ මහතා අද වන තෙක් මෙරට ජනතාවගේ ගෞරවාදරයට ලක් වන බවයි.

    අද දින දිවයින පුර කන්නංගර ගුණානුස්මරණ වැඩසටහන් මගින් එතුමාගේ ගුණ සැමරෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-10-13
    අධ්‍යාපන
    පුවත්
  • සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්…

    සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්…

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝප‍රේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සමග 2024.07.01 දින අත්සන් කරන ලද ගිවිසුම සංශෝධන සහිතව යාවත්කාලීන කර එහි නව ගිවිසුම සඳහා අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (09) දින සිදු විය.

    ඒ අනුව යාවත්කාලීන කළ නව ගිවිසුම හරහා පාසල් සිසුන් වෙත ලබා දෙන ප්‍රතිලාභවල වැඩිවීමක් සිදු කර ඇති අතර එම නව සංශෝධිත ප්‍රතිලාභ මෙසේ ය.

    සෞඛ්‍ය රක්ෂණාවරණ

    • නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000 /- (රජයේ / පෞද්ගලික රෝහල්)
    • බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/-
    • අසාධ්‍ය රෝග ප්‍රතිලාභ – රු. 1,500,000/- සිට

    අනතුරු රක්ෂණාවරණ

    • පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු. 200,000/-
    • සදාකාලික අර්ධ අකර්‌මණ්‍යතා සඳහා – රු. 150,000/-
    • තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000 /- සිට රු.100,000/- දක්වා

    ජීවිත රක්ෂණාවරණය

    වාර්ෂික ආදායම රු. 180,000/- කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ”අස්වැසුම” වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය/නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/- බැගින් හිමි වේ. එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/- වන අතර පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කෙරේ. මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වේ.

    මෙම වැඩසටහන 2025/2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමේ දී පෙර පැවති ප්‍රතිලාභවලට අමතරව නව සංශෝධන ඇතුළත් කරමින් 2025.10.09 දින ගිවිසුම සංශෝධනය කිරීමේ හේතුවෙන් නව ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින්නේ 2025.09.01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා පමණි.

    සිදු වූ එම සංශෝධන පහත පරිදි ය.

    I. 2024/2025 වර්ෂයේ දී දෙමාපිය මරණයක දී හිමි වන ප්‍රතිලාභය ලබා දීම සඳහා සලකා බලනු ලැබූ වාර්ෂික ආදායම රු.180,000/- ක් වේ. එසේ වුව ද, 2025.09.01 දිනෙන් පසු එම ප්‍රතිලාභය ලබා දීමට සලකා බලනු ලබන වාර්ෂික ආදායම රු.240,000/- කට වඩා අඩු ආදායමක් ලෙස සංශෝධනය වේ.

    II. මෙම වැඩසටහන යටතේ විවිධ වූ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන් මින්පෙර ආවරණය නොවුණි. එබැවින් 2025.09.01 දිනෙන් පසු අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සහ පහත සඳහන් රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්හට බාහිර ප්‍රතිලාභ ලෙස රු 20,000/- යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

    • Epilepsy
    • Nephrotic syndrome
    • Rheumatoid arthritis
    • Systemic lupus erythematosus
    • Ulcerative colitis
    • Crohn’s disease
    • Rheumatic valvular heart disease

    III. කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.

    IV. කර්ණ ශංඛ උපකරණ සඳහා වන වියදම (උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු විසින් නිර්දේශිත) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.

    V. හදිසි අනතුරක දී පමණක් ලබා දුන් ‘Lumber Guards and cervical collars’ උපාංග සඳහා හදිසි අනතුරක් නොවන අසනීප අවස්ථාවක දී ද ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම (විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශිත).

    ප්‍රතිලාභ ලබා ගැනීමේ දී හිමිකම් පත්‍රය ඇතුළු අදාළ අනෙකුත් සියලු ම ලිපි ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක් වෙත භාර දිය යුතු වේ.

    මාධ්‍ය ඒකකය.

    2025-10-10 Pressබාගතකරන්න

    Upendra Lakmali

    2025-10-10
    අධ්‍යාපන
    පුවත්
  • 38 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය දියගම දී…

    38 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය දියගම දී…

    සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.10 වන දින දියගම දී ආරම්භ විය. දිවයිනේ පාසල් 1,170ක් නියෝජනය කරමින්, තරග අංශ 525කින් සමන්විත මෙම මලල ක්‍රීඩා තරගාවලිය මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලියයි.

    ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරමින් සමාරම්භක ප්‍රකාශය සිදු කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසා සිටියේ ක්‍රීඩාව පමණක් නොව දරුවෙකුගේ පෞරුෂය, තීරණ ගැනීමේ හැකියාව, සහ කණ්ඩායම් හැඟීම වර්ධනය සඳහා පාසල තුළ සිදු කරන ක්‍රීඩා ඉවහල් වන බවයි.

    තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රීඩාවේ වැදගත්කම දන්නා රජයක් ලෙස, ක්‍රීඩකයෙකුගේ අංකුර අවස්ථාවේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයින් ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවයි. ඊට අමතරව, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද ක්‍රීඩාවේ සංවේදනය ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව ද එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජී. ජී. අනුර අබේවික්‍රම මහතා ඇතුළු කලාප අධ්‍යක්ෂවරුන්, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විෂය භාර කලාප අධ්‍යක්ෂවරුන්, පුහුණුකරුවන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    Upendra Lakmali

    2025-10-09
    අධ්‍යාපන
    පුවත්
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම – 2025

    උපදෙස් පත්‍රිකාවDownload
    ආකෘති පත්‍රයDownload
    අයදුම් පත්‍රයDownload

    Upendra Lakmali

    2025-10-09
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අ.පො.ස. (උසස් පෙළ) පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස්.

    උපදෙස් හා අයදුම්පත්‍රයDownload

    Upendra Lakmali

    2025-10-09
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්…

    ‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්…

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

    කුඩා කාලයේ දී දරුවන්ගේ මනසට වැටෙන වචන, සිතුවිලි සහ කතා ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලපාන ප්‍රබල සාධකයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

    අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මඟින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කළ ළමා පොත් පිළිබඳ ව උපදෙස් සංග්‍රහය වන “Fiction Wonderland : A Comprehensive Guide to Creating Children’s Fiction Books” යන කෘතිය අමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමේ වැඩසටහනට එක් වෙමිනි.

    එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසී ය:

    “දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන අතිශය බලවත් මාධ්‍යයක් ලෙස ළමා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. අපේ අරමුණ වන්නේ දරුවන්ට කියවීමේ රසයත් සමග නිරෝගී, සංවේදී මනසක් ගොඩනගා දීමයි. එබැවින් ළමා සාහිත්‍ය නිර්මාණය කළ යුත්තේ සරල වචන වලින් පමණක් නොව, දරුවාගේ මනස බබළවන විචාර සහ වටිනාකම් අන්තර්ගත කරමිනුයි.”

    මෙවැනි ඉතා කාලෝචිත කෘතින් නිර්මාණය කිරීම හා එම පොත් පරිශීලනය කිරීමෙන් ඉදිරියේදී ළමා සාහිත්‍ය කෘති රචනා කරන ලේඛකයන්ට ඉතා උසස් නිර්මාණ බිහි කිරීමට මනා පිටිවහලක් ලැබෙන බවත් දරුවන් කුඩා කාලයේ සිට ම කියවීමට යොමු කරවීම හා උසස් රසවින්දනයක් ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

    ඉංග්‍රීසි භාෂාවෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අතර ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ඒකාබද්ධව දියත් කරන මෙම වැඩසටහනට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරිහූ එක් වූහ.

    Upendra Lakmali

    2025-10-09
    අධ්‍යාපන
    පුවත්
  • අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය

    අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය

    ඔක්තෝබර් 05 ලෝක ගුරු දිනයට සමගාමී ව අපේ රටේ ඔක්තෝබර් මස 06 වෙනිදාට යෙදී ඇති ජාතික ගුරු දිනය සමරමින් මෙවරත් දීපව්‍යාප්ත ව පවත්වනු ලබන විවිධ ගුරු ගුණ සැමරුම් උපහාරයන්ගෙන් පිදුම් ලබන සියලු ගුරු භවතුන්ට හෘදයාංගම ව සුබ පතමි.

    මෙවර ජාතික ගුරු දින තේමා පාඨය වී ඇත්තේ, “ඉගැන්වීම, සාමුහික වෘත්තියක් ලෙසින් නව අරුතකින් හඳුනාගැනීම”, යන්නයි.

    ඒ අනුව ගුරුවරුන්ගේ හඬට සවන් දී ගුරුවරුන් අගයන අතර ම අධ්‍යාපනය සඳහා වූ නව සමාජ කතිකාවතක ඉදිරියට ම යෑමට අප පියවර ඔසවා ඇත්තෙමු.

    ජාතික ගුරු දිනයේ දී අපේ රටේ සමස්ත ගුරු භවතුන්ගෙන් ම මා ඉල්ලා සිටින්නේ, ඒ ගමන තුළ අධ්‍යාපන ඉතිහාසයේ නව පිටුවක් ලිවීමට අප හා එක් ව අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

    අනාගත ලෝකයේ ඉදිරි දශකයක දුරට අවධානය යොමු කළත් අප සිසු පරපුර රැගෙන යා යුතු වෘත්තීයාභිමුඛ, තාක්ෂණික ඩිජිටල් අධ්‍යාපන රටාව පිළිබඳ පෙරදැක්මක්, දැයේ මාර්ගෝපදේශක ගුරු පරපුරට පවතිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

    එම අනාගතය දිනාගැනීම සඳහා දරුවන් ජානගත ව දක්ෂයන්, සුදුස්සන් බවට පත් කිරීමේ වගකීමෙහි වැඩි බරක් ගුරු පරපුරේ දෑත මතට පැවරී තිබෙන බව නොරහසක්.

    ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපනය, පාසල් විෂය නිර්දේශයේ උසස් පෙළ විෂය ධාරාවේ අනිවාර්ය විෂයක් වන අතර ඊට අවශ්‍ය ද්විතීයක පාසල් හා පුහුණු ගුරු භවතුන් ඇතුළු පහසුකම් හා මානව සම්පත් කඩිනමින් අප තෝරාබේරාගත යුතු ව ඇත.

    අවම පහසුකම් මත ඉතා දුෂ්කර ප්‍රදේශවල පවා දරුවන්ට සිප් සත බෙදන ගුරු දෙමාපියවරුන් මේ අවස්ථාවේ දී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.

    අද දින ඇගයෙන ගුරු ගුණ අතර ප්‍රසිද්ධියේ ඉස්මතු නොවන තම හෘද සාක්ෂ්‍යයට එකඟ ව අසීමිත කැපවීම් නිහඬ ව සිදු කළ ගුරුභවතුන් ද මේ මොහොතේ මම ඉතා ගෞරවාදරයෙන් සිහිපත් කරමි.

    නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත ව ගුරු භවතුන්ගේ අසීමිත සේවය සිසු හදවත්වල සදා නොමැකෙන සේ සනිටුහන් කරවීමට සමත් සේවයක් ඉටු කිරීමට, අධ්‍යාපන පද්ධතිය තුළ වර්තමානයේ සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට හැකි වේවායි, 2025 වසරේ ජාතික ගුරු දිනයේ දී මම ඉතසිතින් ම ශුභ ප්‍රාර්ථනා කරමි.

    ආචාර්ය හරිනි අමරසූරිය
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

    Upendra Lakmali

    2025-10-08
    අධ්‍යාපන
    පුවත්
  • සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය – 2025 (ජාතික වටය)මූලික විනිශ්චය – අවසන් වටය සඳහා තෝරා ගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය (භූමී දර්ශන)

    නාම ලේඛනය Download

    Upendra Lakmali

    2025-10-08
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී….

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී….

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025 නමින් මෙවර පාසල් ක්‍රීඩා උළෙල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝම්බර් මස 10 සිට 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.

    38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන් ම ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරගවලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වන දූ දරුවන්ට සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් හිමි වනු ඇත.

    දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන පහළොස් දහසකට ආසන්න දරු දැරියන් සංඛ්‍යාවක් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගී වන අතර, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පන්දහසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරයි. පාසල් 1170ක් නියෝජනය වන මෙම උත්සවයේ දී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කෙරෙනු ඇත.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා ටී. දික්කුඹුර මහත්මිය, අධ්‍යක්ෂ ජී. ජී. අනුර අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-08
    අධ්‍යාපන
    පුවත්
  • ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – 2025/26

    නිවේදනයයි.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීභාෂා අධ්‍යාපන ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය එක් ව සංවිධානය කරන ද්වීභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 50 ක් ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා ද්වීභාෂා අධ්‍යාපන කාර්යයේ යෙදෙන ගුරුභවතුන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත හා අදාළ අනෙකුත් තොරතුරු https://pgie.ou.ac.lk/postgraduate-diploma-in-bilingual-education අන්තර්ජාල සබැඳිය හරහා ලබා ගත හැකිය. නිසි ලෙසට සම්පූර්ණ නොකළ හා ආයතන ප්‍රධානියා සහතික නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

    දැන්වීමබාගතකරන්න
    අයඳුම්පත්‍රයබාගතකරන්න

    Upendra Lakmali

    2025-10-08
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අ.පො.ස. (උ.පෙළ) පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම.

    වැඩිදුර විස්තරDownload

    Upendra Lakmali

    2025-10-07
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි.

    පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි.

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දී ඇති විවිධ ගැටලු පාසල් පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අතර පාසල්වල තිබෙන අසමානතාවය, දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී ප්‍රකාශ කරන ලදි.

    තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවයබවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

    ඇය කියා සිටින්නේ, මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බවයි. එසේම ‘දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපන අත්දැකීම් ගුණාත්මක ලෙස ලබා දීමේ අරමුණින්, පාසල් වල නමට වඩා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය උසස් තත්වයට පත් කිරීම ප්‍රමුඛත්වයයි’ යන්නයි.

    අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බව අවධාරණය කරන ලදි.

    Sඅමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම, සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශ වලට විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු කරන බවත්, පද්ධතියේ දුර්වලකම හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාවත්කාලීන කිරීම් සිදු කරන බවත් අපි දැක්මෙන් හා ඉලක්කයෙන් යුතුව වසර තුනකින් මූලික පදනම ගොඩනැගීමට කටයුතු කරමින් පසුව ඵලදායී විධිමත් පරිපාලනමය ප්‍රතිසංස්කරණ, යටිතල සහ ඩිජිටල් නවීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ‍අපේක්ෂාවෙන් සිටින බවද ඇමතිතුමිය විසින් ප්‍රකාශ කරන ලදි.

    දරුවන්ගේ අත්දැකීම් ගුණාත්මක කිරීම සඳහා පන්ති කාමර පහසුකම් වැඩි කිරීම, සහ දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේදී විශේෂ කටයුතු සිදු කර තිබේ. ප්‍රාථමික පන්තිවල දරුවන් 40 දක්වාත් සහ ද්විතියික පන්තිවල 45 දක්වා සීමා කර ඇති බවත් අමාත්‍යතුමිය පෙන්වා දෙයි.

    අමාත්‍යතුමිය සඳහන් කරන්නේ ‘අධ්‍යාපන පද්ධතිය විභාගවලට ලියාපදිංචි කරන ආයතනයක් පමණක් නොවී දරුවන්ගේ අත්දැකීම් හා ගුණාත්මක ඉගෙනුම් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට, තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි. මෙම පරිවර්තනයේ දී දෙමාපියන් ගේ සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, අභියෝග ඇති වුවද එය ජාතියක් වශයෙන් එකමුතු වී ඉදිරියට ගෙන යා යුතු ගමනක් බවත් අවධාරණය කෙරේ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-07
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ජාතික අධ්‍යාපන ආයතනයේ මගපෙන්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු නව අධ්‍යාපන දැක්ම දැනුවත් වෙයි.

    ජාතික අධ්‍යාපන ආයතනයේ මගපෙන්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු නව අධ්‍යාපන දැක්ම දැනුවත් වෙයි.

    “අවුරුදු දහයකින් පහළොවකින් මේ රට කොහොමද තියෙන්න ඕන, අන්න ඒ සඳහා අවශ්‍ය DNA එක හදන එකයි, අධ්‍යාපනයෙන් අපි මේ කරන්නේ”

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් ජාතික හා පළාත් පාසල්වල විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

    මෙම වැඩසටහන යටතේ මේ දක්වා දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කර ඇති අතර, එහි අඛණ්ඩ පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (2025.10.04) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, හා විවිධ අධ්‍යාපන බලධාරීන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ තුන්සිය පනහකට ආසන්න විදුහල්පතිවරු පිරිසක් සහභාගි විය.

    ජාතික අධ්‍යාපන ආයතනයේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා ක්‍රියාමාර්ග පිළිබඳ විදුහල්පතිවරුන් අතර සවිස්තර අවබෝධයක් ඇති කිරීමයි.

    ඒ අනුව, අනාගතයේ දී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-04
    අධ්‍යාපන
    පුවත්
  • ගුරු අධ්‍යාපනඥ සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය

    SeniorityListDownload

    Upendra Lakmali

    2025-10-03
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • “ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025”

    “ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025”

    ඔක්තෝබර් 05 දින යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින්, සංවිධානය කරනු ලබන “ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025” ඇගයීම් උළෙල 2025.10.03 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ හත්වන මහල ශ්‍රවණාගාරයේ  දී පැවැත්වේ.

    Upendra Lakmali

    2025-10-02
    අධ්‍යාපන
    පුවත්, විශේෂ නිවේදන
  • සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමෙන් සමාජගත කළ යුතුයි

    සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමෙන් සමාජගත කළ යුතුයි

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව සැමරුමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ, ‘ලස්සන අගය කරන, ගීතිකා පූජා පවත්වා ආදරය සතුට පතුරවන අද වැනි දවසක බෙදාහදාගැනීම, එකමුතුකම වැනි යහ ආකල්ප කෙරෙහි වැඩි අවධානයක්’ යොමු කළ යුතු බවයි.

    අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු අංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන් ම කාර්ය මණ්ඩලය ද එක් ව සිටියහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-10-02
    අධ්‍යාපන
    පුවත්
  • පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම

    පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම

    2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇත. එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.

    නාලක කළුවැව

    ලේකම්

    Upendra Lakmali

    2025-10-01
    අධ්‍යාපන
    පුවත්
  • ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

    ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

    මෙම යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව එයට අදාළව ලබා දිය යුතු උපදෙස්/මාර්ගෝපදේශ වන්නේ නම් ඒවා පාසල් වෙත නිකුත් කිරීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

    නාලක කළුවැව

    ලේකම්

    නිවේදනයබාගතකරන්න

    Upendra Lakmali

    2025-10-01
    අධ්‍යාපන
    පුවත්
  • ගුරු ප්‍රතිභා ප්‍රභා – 2025 ඇගයීම් උළෙල සඳහා තෝරාගත් ප්‍රණාමලාභී නාම ලේඛනය

    Guru Pratiba Prabha – 2025 – National Level Awardees Name ListDownload

    Upendra Lakmali

    2025-09-30
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2026 වර්ෂයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා “දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන” ක්‍රියාත්මක කිරීම.

    වැඩිදුර විස්තරDownload

    Upendra Lakmali

    2025-09-30
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ලෝක ළමා දින සැමරීම

    Doctor Kids – SinhalaDownload
    Doctor Kids – TamilDownload

    විඩියෝ ලින්ක්:– https://drive.google.com/file/d/1aMZnYG0m6ZSyeu05rJRsbPw5f2oI1MT1/view

    Upendra Lakmali

    2025-09-30
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • “දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත ගුරුවරුන් හා පාසල් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවෙයි”

    “දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත ගුරුවරුන් හා පාසල් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවෙයි”

    දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

    ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසී ය:

    “මේක පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දරුවන්ට දෙන ශාරීරික සහ මානසික දඬුවම් පිළිබඳ ප්‍රශ්නයක්. පාසලේ විතරක් නෙවෙයි, ඔබ දන්නවා පොලිසිය විසින් පරිවාසය භාරයට ගත්ත දරුවන්ට, ආයතනගත දරුවන්ට, අතරමං වෙච්ච දරුවන්ට වගේ ම සමාජයේ ඉන්න සියලු ම දරුවන්ට එල්ල වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒක ශාරීරික වත්, මානසික වත් සිදු වෙනවා. සමාජයේ වැඩිහිටියන්ගෙන් නැත්නම් වගකිව යුතු අයගෙන් ඒ දරුවන්ට සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. මේක පාසල් ඉලක්ක කරගෙන නැත්නම් ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක්. ශාරීරික දඬුවම් පිළිබඳ වත් මානසික හිංසනය පිළිබඳ වත් විශේෂයෙන් ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය භාරයේ ඉන්න දරුවන්, පරිවාස භාරයේ ඉන්න දරුවන් යන මේ සියලු දෙනා ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්, මේක. මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය. අපි දඬුවම් දෙන එක කොතනින් වත් නතර කරලා නැහැ. විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැහැ. හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරික ව වද හිංසා දීම තුළින් පමණයි, එහෙම නැත්නම් ඔවුන්ව මානසික ව වට්ටලා විතරයි කියලා. අන්න එහෙනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ, අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා, මම හිතන්නෙ. ඒ නිසා තමයි අපි මේ විවාදය තව දික් කරලා තියෙන්නෙ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්. අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න ධනාත්මක දේවලුත් තියෙනවා, කරන්න කියලයි. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නෙ නැතුව වද හිංසා නොකර පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු. මීට වඩා අපේ සමාජය තුළ අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා.

    අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා බලන්න, අපේ රටේ ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි. සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒ අර්බුද තුළ ගැටුම් කියන්නෙ ප්‍රධාන ම අර්බුදයක්. ඕනෑ ම සමාජයක ගැටුම් තියෙන නමුත් අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. එක්කයි, ගැටලුව. ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. අපේ පරම්පරාවේ අය නවක වදය ගැන හිතන කොට තව මත් ඉතා ම ප්‍රේමණීය විදිහටනේ හිතන්නේ. ඒ අපේ වයසෙ අය ලබපු අත්දැකීම් එක්ක. ඒත් අද නවකවදය ළමයින්ට දරාගන්න බැරි තත්වයකට පත් වෙලා. අපේ සමාජයේ ගැටුම් අපි නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. ඔබේ දරුවන්ගෙන් කතා කරලා අහන්න නේවාසිකාගාරවල වෙන සිද්ධීන් ගැන. ප්‍රචණ්ඩත්වය එතන තියෙන්නේ. ආයතන තුළ තරුණ තරුණියන් අතරේ, පන්සල් පල්ලි කෝවිල්වලත් මේ තත්වයන් නිර්මාණය වෙමින් යනවා. එක අතිශයින් ම භයානකයි. එතකොට අපි ගැටුම් නිරාකරණය කිරීම ප්‍රචණ්ඩත්වය තුළින් කළ හැකියි කියලා පිළිගන්න සමාජයක් බවට පත් වෙලා ද? එහෙමනම් ඒක ඉතා බරපතළයි. ඒක ශිෂ්ට සම්පන්න නෑ”.

    මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ, මීට වඩා දියුණු තැනකට සමාජය ගෙනයාම අත්‍යවශ්‍ය බවයි.

    අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ද මෙහි දී අදහස් දැක්වී ය:

    “අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සහ පාසල් සම්බන්ධයෙන් කියන්න වෙන දෙයක් තියෙනවා. ඒ තමයි පාසල් පවත්වාගෙන යෑම සඳහා ඉතා විශාල අරගලයක විදුහල්පතිවරුන් නියැළිලා ඉන්නවා කියන එක. බොහෝ වෙලාවට ළමයින්ගෙන් සල්ලි එකතු කරන දේවල් අපිටත් වාර්තා වෙනවා. දවසක් මම ලේකම්තුමාටත් කතා කළා මේ ගැන. චක්‍රලේඛත් නිකුත් කරලා තියෙනවා. පාසල් සංවර්ධන සමිතිත් තියෙනවා. ඒවට සල්ලිත් ගන්නවා. පාසලේ වැඩ කරන්නත් තියෙනවා. දැන් ඒවා යම් කෙනෙකුට අල්ලසක් විදිය පේන්නත් පුළුවන්. ඒ නිසා ඒවා ඇත්තට ම විධිමත් කරන්න ඕනේ. ඔබට ගත හැකි දේවල් සහ ගන්න බැරි දේවල් ලෙස. මොකද එහෙම නැත්නම් අවංක ව තමන්ගේ ඉස්කෝලේ හදන්න ඕන කියලා කියන ගුරු ගීතයේ වගේ ඉන්න විදුහල්පතිවරුන් අමාරුවෙ වැටෙනවා. ඒක නිසා ඒවා හදන්න ඕනේ. එතකොට අපිටත් ඇයි වැඩි දේවල් ගත්තේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ළමයි ඉස්කෝලේ දාන ඒකත් ඇත්තට ම අපිට එක පැත්තක ඉඳන් බලන්න බෑ. විදුහල්පතිවරුන්ට තියෙන වැඩි ම චෝදනාව ළමයි ඉස්කෝලේ දාන්න සල්ලි ගන්නවා කියන එක. එතකොට ළමයි ඉස්කෝලේ දාන්න සමහරුන් සල්ලි දෙනවා. සල්ලි දීලා ළමයි ඉස්කෝලේ දාගත්ත අය කවදා වත් අපිට පැමිණිලි කරලත් නැහැ, මගේ ළමයා ඉස්කෝලෙට දැම්මේ සල්ලි දීලා කියලා. හැබැයි ඒ අයත් කියනවා ලංකාව මාර දූෂිතයි, ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න වත් බෑ සල්ලි දෙන්නේ නැතුව කියලා. එතනත් මානුෂික ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ඒකට ‘සිස්ටම්’ එකක් හදන්න ඕනේ අනිවාර්යයෙන්.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-27
    අධ්‍යාපන
    පුවත්
  • සිසුන් තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති කිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සාර්ථකව සිදු කළ හැකි ය…

    සිසුන් තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති කිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සාර්ථකව සිදු කළ හැකි ය…

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    සියලු සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය අංග පිළිබඳ සරල අවබෝධයක් සහ හඳුනාගැනීමක් සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති වන බවත් ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලය අමතමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.

    පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් පාදක වනු ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවා ය.

    සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳ කරන ලද යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යාලේඛන විමසා බලා දත්ත මත පදනම් ව අවශ්‍යතාව අනුව බඳවා ගැනීම් කළ හැකි බව ද අමාත්‍යතුමිය මෙහි දී ප්‍රකාශ කළා ය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-26
    අධ්‍යාපන
    පුවත්
  • නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක්…

    නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක්…

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

    නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

    අමාත්‍යවරිය මේ බව පැවසූවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රොබෝ ෂූ -2025 රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ සමස්ත ලංකා පාසල් තරගාවලිය නමින් අද දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පැවසූවේ, රටක් වශයෙන් තාක්ෂණය මුල් කරගනිමින් අභියෝග ජයගත හැකි පරපුරක් බිහි කිරීමේ භුමිකාවක් අධ්‍යාපනයෙන් ඉටු කරන බවයි. ගෝලීය තාක්ෂණික පරිණාමයන් හා රැකියා වෙළඳපොළේ ඉල්ලුම සමග ගැළපෙන ආකාරයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ද, වර්තමානයේ කෘත්‍රීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව යන විෂයන් පමණක් නොව, කෘෂිකර්මය, කර්මාන්ත මෙන් ම එදිනෙදා සාමාන්‍ය ජීවිතය ද වෙනස් වෙමින් තාක්ෂණය ද ශීඝ්‍රයෙන් යාවත්කාලීන වෙමින් පවතින බව ද අමාත්‍යවරිය මෙහි දී පෙන්වා දුන්නා ය.

    පාසල් දූ දරුවන්ගේ සැඟවුණු දක්ෂතා එළි දැක්වීම, ඔවුන් දිරිගැන්වීම හා ඇගයීම, අනාගත වැඩ ලෝකයේ දිශානතිය පිළිබඳ අවබෝධය යාවත්කාලීන කරවීම, නව්‍යතාවෙන් යුතුව සිතීමට දරුවන් යොමු කරවීම හා එමඟින් දරුවන්ගේ නවෝත්පාදන හැකියාව වැඩි දියුණු කිරීම, රොබෝ තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි රජයේ මැදිහත්වීම ශක්තිමත් කර, පාසල් දූ දරුවන්ගේ හැකියාවන් දිවයින පුරා ප්‍රචලිත කරවීම මෙන් ම අනාගත වැඩ ලෝකයට සරිලන පරිදි ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය රොබෝ ශිල්පීය කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම එමඟින් ස්වංක්‍රීයකරණය පිළිබඳ ව්‍යවසායකත්ව සංකල්ප ස්ථාපනය කිරීම යන අරමුණු පෙරදැරිව මෙම රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලිය පැවැත්වෙන අතර නිෂ්පාදන කර්මාන්ත හා පරිසර අධ්‍යයන, අධ්‍යාපන, ඉංජිනේරු, නිෂ්පාදන, විනෝදාස්වාද, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක යන ක්ෂේත්‍ර ඔස්සේ වාර්ෂික ව මෙම තරඟාවලිය පවත්වනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි ජාතික හා පළාත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතුවල නිරත වන වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් මෙම තරගය සඳහා සහභාගී වන අතර, ජයග්‍රාහකයන් සඳහා ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා මූල්‍ය ත්‍යාග සහ කුසලතා සහතිකපත් ලබා දේ.

    මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහමඩ් නවවි යන මහත්ම මහත්මීන් එක් වූ අතර සිසු දරුවන්ගේ විවිධ නිර්මාණ නිරීක්ෂණයට අගමැතිනිය ද ඔවුන් හා එක් වූවා ය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-25
    අධ්‍යාපන
    පුවත්
  • උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නවා.

    උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නවා.

    – අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

    උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පාසල් තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මානසික මට්ටම යහපත් පරිදි පවත්වාගෙන යා හැකි මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි විධිමත් සැලැස්මක් අනුව සියලු ම පාසල්වලට මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. පළාත් මනෝ සමාජීය සම්පත් මධ්‍යස්ථාන කළමනාකරුවන්ගේ පුරප්පාඩු සහ සම්පත් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳ ව මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ධනාත්මක විනය පාලන ක්‍රම පිළිබඳ ව ද, මෙහි දී අවධානය යොමු කළ අමාත්‍යවරිය ගැටලු නිරාකරණය, මත්ද්‍රව්‍ය, අපයෝජන මෙන් ම ළමා හිංසනය ආදී ගැටලු සියල්ල ම එක ම තැනකින් විසඳීම හරහා වඩා ඵලදායීතාවක් ලබා ගත හැකි දැයි යන්න සලකා බලන ලෙස ද පැවසී ය.

    ගුරුවරුන් ගුරු උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කරමින් අන්තර් ජාතික ප්‍රමිතීන් ද සැලකිල්ලට ගෙන ළමා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බවත් එහි නියමු ව්‍යාපෘතිය යටතේ සකස් කරන ලද පන්ති කාමර තුළ දරුවන් ඉතා සතුටින් සිටින බවත්, එහි නියමු වැඩසටහන මේ වන විට පළාතකින් පාසල් 10 බැගින් ගෙන පාසල් 50ක් ආවරණය වන පරිදි සාර්ථකව සිදු වන බවත් මෙහි දී අමාත්‍යවරියගේ අවධානයට යොමු විය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-25
    අධ්‍යාපන
    පුවත්
  • ජාතික පාසල්වල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කිරීම (ශ්‍රී ලං.අ.පරි.සේ. I ශ්‍රේණිය) – 2025

    නිවේදනයDownload
    පාසැල් ලේඛණයDownload
    ලකුණු පරිපාටියDownload
    ආදර්ශ අයදුම්පතDownload

    Upendra Lakmali

    2025-09-25
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2025 වර්ෂයේ ලෝක ළමා දිනය සැමරීම

    පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලිපියDownload
    චක්‍රලේඛය – සිංහලDownload
    Tamil CircularDownload

    අදාල සැබැඳිය – https://drive.google.com/drive/folders/1vzGBJU01ul53EGKooOGTJDDOmjx6cOF0?usp=drive_link

    Upendra Lakmali

    2025-09-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කළ හැකියි.

    ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කළ හැකියි.

    – අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

    ඩිජිටල් කාර්ය සාධක බලකාය පත් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් බවත්‍ ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදු කළ හැකි බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ‍ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසී ය,

    “ඩිජිටල් අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ එක් ව ඉදිරියට යන ක්‍රියාවලියක්. මේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටත් ප්‍රතිපත්ති සකස් කරමින් ඒ සඳහා මග පෙන්වීමටත් අපි අවුරුදු තුනක් සඳහා ඩිජිටල් කාර්ය සාධන බලකාය පත් කළා.

    ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම හදලා අපි දරුවන්ට දුන්නහම දරුවන් ඒ මාර්ගයේ ඉදිරියට යයි. ඒ නිසා ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම, ව්‍යුහය, ප්‍රතිපත්ති ආදිය හදලා ඒකට අවශ්‍ය පියවර සකස් කර දීම අනිවාර්යයෙන් ම අපි අතින් සිද්ධ විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් ඔබෙන් ලැබෙන දායක්ත්වය අගය කරනවා.”

    අමාත්‍යවරියගේ අදහස් දැක්වීමෙන් අනතුරු ව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ. බී. එම් අස්රෆ් මහතා ද මෙහි දී අදහස් පළ කළේ ය:

    “දැනට 42,000ක පමණ ගුරු හිඟයක් පවතිනවා. සියලු ම විෂයන්ට හා සියලු ම ප්‍රදේශවලට මෙය පැතිරිලා තියෙන්නේ. අපි මෙහි දී ඩිජිටල්කරණයෙන් යම් සහනයක් ලබා දෙන්න උත්සහ කරනවා. අධ්‍යාපනය ලැබීම සඳහා තොරතුරු තාක්ෂණයෙන් සූදානම් කිරීම හා ඊට අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් ඉදිරියේ දී අපි කටයුතු කරනවා.

    ව්‍යසනයක් ඇති වුවහොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ, පාසලට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය මොන වගේ විය යුතු ද කියලා අපි සොයා බලනවා. ඒ වගේ ම අන්තර්ජාලයට හා විද්‍යුත් උපාංගවලට ළමුන් ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්නත් අප සූදානම්.”

    වැඩිදුරටත් අදහස් දක්වමින්, දරුවන් අධ්‍යාපනයේ සිරකරුවන් නොකර ඩිජිටල්කරණයෙන් දරුවන්ට අලුත් ජිවිතයක් නැවත ලබා දෙන්න කටයුතු කළ යුතු අතර පවතින අසමතුලිතතාව අඩු කර දුෂ්කර පළාත්වල පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඩිජිටල්කරණය උපයෝගි කරගත යුතු බවත් ඒ. බී. එම් අස්රෆ් මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-24
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත් මට්ටමින් පියවර…

    ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත් මට්ටමින් පියවර…

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ දීර්ඝ කාලීන සැලැස්ම යටතේ පාසල් සඳහා ඩිජිටල් උපාංග ලබා දීමට සමාන්තරව පාසල් පද්ධතියේ මානව සම්පත් ධාරිතා සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස චීන මහජන සමූහාණ්ඩුව සමග පවත්වන ලද වි‍දේශ පුහුණු වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.

    ඩිජිටල් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාසල්, කලාප හා පළාත් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන වැඩසටහන, මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියට ලැබුණුු සුවිශේෂ අවස්ථාවක් වන අතර එහි පළමු වටය සඳහා 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වි‍දේශ පුහුණු වැඩසටහනට සහභාගී වී ඇත.

    Upendra Lakmali

    2025-09-23
    අධ්‍යාපන
    පුවත්
  • නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දෙයි.

    නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දෙයි.

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්විය.

    මෙම රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

    මෙහි දී උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාවය අවධාරණය කරන ලද අතර දැනට පවතින ප්‍රතිපත්තීන්, නීති සහ නියාමන රාමු සමාලෝචනය කර, නව යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීම අවශ්‍ය බව අමාත්‍යවරිය අවධාරණය ‍කරන ලදි.

    සියලු උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා විවෘත සහ ගුණාත්මක නියාමන රාමුවක් නිර්දේශ කිරීමේ වැදගත්කමත්, ජාතික සංවර්ධන ප්‍රමුඛතා හා ගෝලීය ප්‍රමිතීන් සමග උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගමන සම්බන්ධ කරගැනීමේ වගකීමත් විශේෂයෙන් අවධාරණය කෙරිණි. එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම නව ජාතික ප්‍රතිපත්ති සමාලෝචනය හරහා මූලික මට්ටමේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති සංවර්ධන යෝජනා ගොඩනැගීමේ අරමුණ ඉටු කිරීමට පියවර ගත හැකි වනු බවත් අමාත්‍යවරිය ‍වැඩිදුරටත් පෙන්වාදෙන ලදි.

    මෙම අවස්ථාවට අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) ඒච්.ඩී. චන්දිමා ජානකී මහත්මිය සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු සහ විශේෂඥයන් විශාල පිරිසක් සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-22
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ ව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට…

    බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ ව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට…

    බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ඇතුලු ගිහි පැවිදි සාමාජිකයින් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වන ලදි.

    එහි දී වත්මන් රජය ය‍ටතේ ආගමික අධ්‍යාපනයට මෙන්ම සෞන්දර්යය විෂයන්ද කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කරන ලදි.

    එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් කරන ලද විමසීමක දී ආගමික හා සාරධර්ම ශාඛාවේ අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කර සිටියේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩම තුළින් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලු දරුවන්ට ලබා දීමට අපේක්ෂිත බවත්, ඉන්පසුව තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන බවත්ය.

    එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳවත් අවධානය යොමු වූ අතර ඒ සඳහා පිළියමක් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ප්‍රකාශ කර සිටියේ මේ දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස්කරමින් සිටින බවත්, ඉන්පසුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවයි.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-20
    අධ්‍යාපන
    පුවත්
  • පාසල් ආගමික අධ්‍යාපනය ශක්තිමත් කිරීමට නව මොඩියුලර් සහ විධිමත් ඇගයීමේ ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්න.

    පාසල් ආගමික අධ්‍යාපනය ශක්තිමත් කිරීමට නව මොඩියුලර් සහ විධිමත් ඇගයීමේ ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්න.

    බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී සිදුවිය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික මොඩියුලර් සකස් කර ඒවා හඳුන්වාදීමටත්, ඒ සඳහා ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප කාර්යාල හරහා ඒවා අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.

    පාසල් තුළ ආගම විෂය උගන්වන ගුරුභවතුන්හට වෙනත් විෂයන් ඉගැන්වීමට සිදුවන අවස්ථා අවම කොට කාලපරිච්ඡේද 20ක් ආගම ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවට යෝජනා වූ අතර, මේ වන විට අක්‍රීය වී ඇති බෞද්ධ ශිෂ්‍ය සංගමය යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලදි.

    පාසල්වල ගුරු සේවයේ නිරත වන ස්වාමීන් වහන්සේලා හට විශේෂ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට සුදුසු බවට ද යෝජනා විය.

    අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහ නායක කොලොන්නාවේ සිරි සුමංගල හිමි සහ අමරපුර මහා නිකාය අරියවංශ සද්ධම්ම යුුක්තික පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි මහනායක හිමියන් ඇතුළු උපදේශක සභාවේ සාමාජික ස්වාමීන් වහන්සේලා එකොළොස්නමක් සහභාගී වූ මෙම සාකච්ඡාව සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්, ආගමික සාරධර්ම ශාඛාවේ අධ්‍යක්ෂතුමිය ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-18
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන්ගේ දහම වත්මන් සමාජයට මනා පූර්වාදර්ශ සපයයි.

    ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන්ගේ දහම වත්මන් සමාජයට මනා පූර්වාදර්ශ සපයයි.

    – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනානුස්මරණ මිලාද් උන් නබී උත්සවයට සමගාමීව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව මගින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2025.09.16 වන අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සත්වන මහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී ප්‍රකාශ කර සිටියේ නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් ඉස්මතු වන කරුණාව, අවංකභාවය, අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය සහ වෛර ‍නොකිරීම වැනි උසස් මානව ගුණාංග අද සමාජයට ගත හැකි හොඳ ම ආදර්ශයන් වන බවයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය ප්‍රකාශ කර සිටියේ, ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන් තම දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන් මෙන් ම පරිත්‍යාගශීලී ක්‍රියාවන්ගෙන් ද සමාජය වෙනුවෙන් ප්‍රකට කරමින් අපරිමිත කැපකිරීමක් සිදු කර ඇති බවයි.

    මෙම උත්සවය සඳහා වැඩ බලන අධ්‍යාපන ලේකම් ඒ. ජේ. එස්. එස්. එදිරිසූරිය, විවෘත විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තෘතීයක අධ්‍යාපන අධ්‍යයනාංශයේ මහාචාර්ය ජේ. ඩී. කරීම්ඩීන් (J. D. Careemdeen) යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අධ්‍යක්ෂවරු සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-09-17
    අධ්‍යාපන
    පුවත්
  • ගුරු අධ්‍යාපනඥ සේවයේ I, II ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛන

    ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයබාගතකරන්න
    ගුරු අධ්‍යාපනඥ සේවයේII ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයබාගතකරන්න

    Upendra Lakmali

    2025-09-16
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ගුරු අධ්‍යාපනඥ සේවයේ I සහ II ශ්‍රේණිවල නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය

    ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයDownload
    ගුරු අධ්‍යාපනඥ සේවයේ II ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයDownload

    Upendra Lakmali

    2025-09-16
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
1 2 3
Next Page

අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

+(94) 11- 278 5141 / 142 / 143 / 144

+(94) 11- 278 5162

info@moe.gov.lk

අඩවි සංචාලන
  • අමාත්‍යාංශය ගැන
  • පුහුණු අවස්ථාව
  • චක්‍රලේඛ
  • අධ්‍යාපන සේවා
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • නිතර අසන පැන
  • අඩවි සිතියම
මාධ්‍ය මධ්‍යස්ථානය
  • පුවත්
  • විශේෂ නිවේදන
  • මාධ්ය නිකුතුව
  • සිදුවීම්
  • ඡායාරූප ගැලරිය
  • වීඩියෝ ගැලරිය

ප්‍රකාශන හිමිකම © 2024 – අධ්‍යාපන අමාත්‍යාංශය | සියලුම හිමිකම් ඇවිරිණි

සැලසුම් කර සංවර්ධනය කරන ලද්දේ:
Webcomms Global (PVT) Ltd.

නියම සහ සේවා