සාමාන්‍ය පෙළ ඉහළින් සමත් ව උසස් පෙළ හදාරන සිසුන් 150කට ‘මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව’
Friday, 12 February 2021
අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන උපදේශක ගෝපාලන් නාරායනන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
“බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 ආරම්භ කරනවා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී. එල්. පීරිස්
Wednesday, 10 February 2021
පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි මේ සම්බන්ධ ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් නිර්දේශ ලබා ගත්තා.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
උතුරු-දකුණු සන්නිවේදන ගැටලුවට විසඳුම භාෂා අධ්‍යාපනයයි. – අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Wednesday, 10 February 2021
“සිංහල-දෙමළ අය අතර සන්නිවේදනය නිසි ලෙස සිදු කරගැනීමට නම් දකුණේ අය දෙමළ ඉගෙන ගන්නා අතර උතුරේ ජනතාවට ද සිංහල භාෂාව ඉගැන්විය යුතු යි. සිංහල භාෂාව ඉගෙන ගැනීමට උතුරේ පාසල් දරුවන් බොහොම කැමැත්තෙන් සිටින්නේ. ඒ කටයුත්ත පාසල් මට්ටමින් ඉටු කිරීමට අපේ රජය කටයුතු කරනවා” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ, අනුරාධපුර ලංකාරාමාධිපති
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
WHO | COVID-19 Content Update
Monday, 08 February 2021
Click here to More on COVID-19 vaccines
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්
Monday, 08 February 2021
ජපානයේ ජයිකා (JICA) ආයතනයේ අනුග්‍රහයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට අභිනවයෙන් එක්වූ පර්යේෂණ හා පුහුණු සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන්ගේ සහ ජපන් තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය කෘෂි විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පර්යේෂණ හා පුහුණු, ගොවිපල කළමනාකරණය සහ සැකසුම් පුහුණුව සඳහා විශේෂයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි ත්‍රිත්වයකින් මෙම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය – දෘශ්‍ය අධ්‍යාපන ඒකකයක්
Monday, 08 February 2021
විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ දී එක් එක් විශ්වවිද්‍යාලයට වඩාත් යෝග්‍ය වන පාඨමාලා හඳුනාගනිමින් ඒ ඒ විෂයයන් සඳහා දිරිගැන්වීම සාර්ථක වන බව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව මාධ්‍යවේදීන් බිහිකිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙතෙක් පැවති අභියෝගයට විසඳුමක් ලෙස අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යයන ඒකකයක් ලබාදීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත් වෙනවා.”. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 08 February 2021
උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂ කාර්යභාරයක් කළ යුතුව පවතින බවත්, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂනිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (7) පෙරවරුවේ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ආතතියෙන් තොර යහපත් මානසික සෞඛ්‍යයක් දරුවන්ට අත්පත් කරදීමට සතිපාසල් වැඩසටහන ඉතා කාලෝචිතයි.
Monday, 08 February 2021
සෑම දරුවෙකුගේ ම ශාරීරික සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත් වන බවත්, එහෙත් ඒ සියල්ලට ම වඩා දරුවා ආතතියෙන් තොරව, මානසික සුවයෙන් සිටීම අතිශයින් වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අතිපූජ්‍ය උඩඊරියගම ධම්මවිජය ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් අනුව සති පාසල වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂයමාලාවට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
‘சியோதா’
Tuesday, 02 February 2021
விசேட தேவைகள் உடனான சிரார்களினது கல்வி அபிவிருத்திக்காக ஹோமாகம கல்வி வலயத்தில் கஹதுடுவ, வெனிவல்கொலவில் அமைந்துள்ள ‘சியோதா’ விசேட மற்றும் உள்ளடங்கல் கல்விக்கான தேசிய நிறுவகத்தின் விசேட கல்வி ஆசிரியர் (04 பதவிகள்), உடற்கல்வி, ஆலோசனை, சித்திரம், நடனம், சங்கீதம், தகவல் மற்றும் கணணித் தொழில்நுட்ப ஆசிரியர்கள் (06 பதவிகள்) இற்காக இலங்கை ஆசிரியர் சேவையைச் சேர்ந்த ஆசிரியர்களிடமிருந்து விண்ணப்பங்கள் கோரப்படுகின்றன. விண்ணப்பப் படிவத்தினை கீழே பதிவிறக்கம் செய்துகொள்ள முடியும். 1 2
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් “ශිෂ්‍යෝදා”
Tuesday, 02 February 2021
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් හෝමාගම අධ්‍යාපන කලාපයෙහි කහතුඩුව, වෙනිවැල්කොළ පිහිටි “ශිෂ්‍යෝදා” විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන ජාතික ආයතනයෙහි විශේෂ අධ්‍යාපන ගුරු (තනතුරු 04), ක්‍රීඩා, උපදේශනය, චිත්‍ර, නැටුම්, සංගීත, තොරතුරු හා පරිගණක තාක්ෂණ ගුරු (තනතුරු 06) සඳහා, ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු භවතුන්ගෙන් අයදුම්පත් කැඳවේ. අදාල ලිපිය සහ අයදුම්පත පහළින් භාගත කළ හැකිය. අදාල