ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම
සඳුදා, 11 ජූලි 2022
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022 ජුලි මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.
- Published in විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීම.
සිකුරාදා, 08 ජූලි 2022
රටෙහි පවතින ගැටලුකාරී තත්ත්වය මත 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. ඒ අනුව, උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කරේ.
අයදුම්පත හා ආකෘති පත්‍රය බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න
විවිධ තනතුරුධාරීන්හට වාරාන්තර නිවාඩු ලබා දීම
බ්‍රහස්පතින්දා, 07 ජූලි 2022
විවිධ තනතුරුධාරීන්හට වාරාන්තර නිවාඩු ලබා දීම
ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව
සඳුදා, 04 ජූලි 2022
සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපනික සමුඵවක් පසුගිය ජූනි 29 වන දින ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද සහභාගි විය. “අධ්‍යාපනයේ පරිවර්තනය” (Transforming Education) තේමාව කොට ගෙන පැවැති මෙම සමුඵව 2020/21 වර්ෂවල ගෝලීය කොවිඩ් 19 ව්‍යසනය හේතු කොට ගෙන පාසල්
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ
ඉරිදා, 03 ජූලි 2022
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද දින එනම් 2022.07.03 දින පැවැත්වූ සාකච්ඡාවේ දී, පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන 2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්