logo

නැණස රූපවාහිනි අධ්‍යාපන නාලිකාව

නැණස ව්‍යාපෘතියේ පසුබිම

රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතා ක්‍රමවේදය යටතේ (public private partnership) ඩයලොග් ආයතනයේ CSR (Cooperate Social Responsibilities) වැඩසටහනක් ලෙස එහි පූර්ණ මූල්‍යමය දායකත්වය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍජු සම්බන්ධීකරණය හා මැදිහත්වීම ඇතිව නැණස රූපවාහිනි අධ්‍යාපන නාලිකාව වර්ෂ 2009 සිට ක්‍රියාත්මක වෙමින් පවතී.

නැණස ව්‍යාපෘතියේ අරමුණ

නැණස වැඩසටහන ක්‍රියාත්මක පාසල්වලට අදාළ නාලිකාව නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් ගෙවීමකින් තොරව හිමි වේ. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය තුළ විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය භාවිතයට ගැනීමේ එක් ක්‍රමවේදයක් ලෙස අධ්‍යාපනික රූපවාහිනි නාලිකා භාවිතයට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් පහත සඳහන් අරමුණු ඇතිව නැණස අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව ආරම්භ කරන ලදි. මෙය වර්ෂ 2009 දී පාසල් 5ක් යොදා ගනිමින් නියාමක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලදි.

  1. ග්‍රාමීය සිසුන්, විශේෂයෙන්ම ගුරු හිඟයක් ඇති පාසල්වල සිසුන්ට විෂය නිර්දේශය පදනම් කොට උසස් ගණයේ ඉගෙනුම් සම්පත් ලබාගැනීමේ පහසුකම් සැකසීම.
  2. විෂයය ඉගැන්වීම සඳහා ගුරුවරයෙකු හිටියද අදාළ ගුරුවරයා නොපැමිණි අවස්ථාවක ඒ විෂයයට අදාළ පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම.
  3. දිවයිනේ ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම හා ප්‍රමාණාත්මක මට්ටම වැඩි දියුණු කිරීමට සහාය වීම.
  4. වඩාත් ඵලදායී බව ඔප්පු වී ඇති බහු ඉන්ද්‍රීය ඉගෙනුම (multi - sensory learning) වර්ධනය කිරීම.
  5. නවීන තාක්ෂණය හා එහි යෙදුම් ග්‍රාමීය සිසුන්ට හඳුන්වා දීම.

නැණස කාල සටහන ජුනි 05 සිට ජුනි 09 දක්වා

නැණස කාල සටහන මැයි 29 සිට ජුනි 02 දක්වා

නැණස කාල සටහන මැයි 22 සිට මැයි 26 දක්වා

නැණස කාල සටහන මැයි 15 සිට මැයි 19 දක්වා

Nenasa Educational Mobile App

An exceptional educational platform for children of Sri Lanka.

Nenasa is an educational platform that enhances the learning experience, providing educational material in accordance with the Sri Lankan government schools’ syllabus.

The app contains in-built graphical content, videos and resources Grade 1 to 11 and includes all the subjects within the syllabus. Nenasa was developed in collaboration with the Ministry of Education to ensuring access and equal opportunity for a quality education for Sri Lankan students.

විකාශය පිළිබඳව

ඩයලොග් රූපවාහිනිය මගින් පාසල් කාල වේලාවේ නැණස විකාශය කරනු ලබන නාලිකා දෙකකි. 10 ශ්‍රේණියට අදාළ පාඨමාලා නැණස නාලිකා අංක 24 ද 11 වන ශ්‍රේණියට අදාළ පාඩම් නැණස නාලිකා අංක 25 මගින් ද පාසල් කාලවේලාව තුළදී විකාශය කරනු ලබයි. පාසල් කාල වේලාවෙන් පසුව එනම් ප.ව. 1.30 සිට නැවත විකාශනයක් නැණස 10 ශ්‍රේණිය විකාශය කරනු ලබන නාලිකාවෙහි එනම් නාලිකා අංක 24හි විකාශය කරනු ලබන අතර නැණස 11 ශ්‍රේණිය විකාශය ද නැවත විකාශනයක් ලෙස නාලිකා අංක 25 හි විකාශය කරනු ලබයි.

විකාශය කරනු ලබන පාඩම්

  • විකාශය කරනු ලබන පාඩම්
  • ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය
  • දෙමළ භාෂාව
  • පළමු බස - සිංහල
  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • ව්‍යවසායකත්ව අධ්‍යයනය
  • භූගෝල විද්‍යාව
  • ඉතිහාසය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • Civic Education

පාඩම්වල ගුණාත්මක බව සහ පෙළගැස්ම

10 සහ 11 ශ්‍රේණිවලට අදාළ, ජාතික අධ්‍යාපන ආයතනය හා ධර්මවාහිනී පදනම විසින් නිෂ්පාදනය කරන ලද සියලු ම පාඩම්, ඒ ඒ විෂයයන්හි ප්‍රවීන ගුරු උපදේශකවරුන් මගින් පරීක්ෂාවට භාජනය කර ඇත. ඉන් පසුව ඉහත විෂයයන් යටතේ විෂයය නිර්දේශයට අදාළව හා පෙළපොතට අනුකූල වන සේ සහ සම්පූර්ණ කරන ලද පාඩම් නිපුණතා මට්ටමට අදාළ වන පරිදි පෙළ ගැස්වීමෙන් පසුව කාලසටහන නිර්මාණය කර ඇත.

ප්‍රේක්ෂක අදහස්, යෝජනා හා ඉල්ලීම්

නැණස රූපවාහිනී අධ්‍යාපන විකාශය විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය හදාරන සහ එම වයසේ සිටින දූ දරුවන්ට වටිනා අත්වැලක් ලෙස ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානතම අපේක්ෂාවයි.

එහිදී ප්‍රේක්ෂක ඔබ සැමට එම අපේක්ෂාව ඉටුකරදීම සඳහා දායකත්වය ලබාදිය හැක. ඔබ ඉතා හොඳින් විෂයයෙහි නිපුණතාවලින් හෙබි ගුරුභවතෙකු නම් පාඩම් නිර්මාණය සඳහා ඔබට සහභාගී විය හැක.

එමෙන්ම ඔබ මෙම පාඩම් පරිශීලනය කරනු ලබන ප්‍රේක්ෂකයෙකු නම් එම පාඩම්වල ගුණාත්මකභාවය සහ පාඩම් සංවර්ධනය විය යුතු ආකාරය පිළිබඳව අලුත් අදහස් හා යෝජනා ලබාදිය හැක.

එමෙන්ම සෑම වාරයක් අවසානයේදී වාර අවසාන විභාගය පැවැත්වෙන බැවින් එම දිනයන්හිදී පාඩම් විකාශය නොවන අතර ඒ වන විට අදාළ වාරයට වෙන් වී ඇති පාඩම් විකාශය වීම අවසන් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ඔබට අතපසු වූ හෝ නැවත වතාවක් නැරඹීමට අවශ්‍ය පාඩම්/පාඩමක් වෙතොත් පහත සඳහන් තොරතුරු මගින් අප වෙත දන්වා එවීමෙන් එම දිනයන්හිදී අදාළ පාඩම් විකාශය කිරීමට අවස්ථාව ලබා දිය හැක. (රජයේ නිවාඩු දිනයන්හිදී (සති අන්ත හැර) මෙම ක්‍රමය භාවිතා කරනු ලැබේ)

ඒ අනුව ඉහත අවශ්‍යතාවන් සඳහා හෝ කුමන අවශ්‍යතාවක් සඳහා හෝ පහත සඳහන් ක්‍රමයක් මගින් අපව දැනුවත් කරන්න.

අප හා සම්බන්ධවන්න

අධ්‍යාපන අධ්‍යක්ෂ
නැණස ඒකකය,
අධ්‍යාපන අමාත්‍යාංශය,
"ඉසුරුපාය", බත්තරමුල්ල.
+94 117 209 354/ +94 117 209 719
+94 112 785 821
nenasa@10.1.0.66

Hello World!

TOP