
e-තක්සලාව
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් පද්ධතිය සඳහා 2013 වර්ෂයේදී හඳුන්වාදෙන ලද e-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය සඳහා වන ජාතික නිල ඉගෙනුම් අන්තර්ගත පද්ධතිය ලෙස “e-තක්සලාව” සකියව ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම පද්ධතියට https://e-thaksalawa.moe.gov.lk මගින ප්‍රවේශ විය හැක.
e-තක්සලාව, 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් පවත්වනු ලබන ජාතික මෘදුකාංග ඇගයීම සඳහා වන “e-ස්වාභිමානී” තරඟයෙන් ජයග්‍රාහකයා ලෙස ද, දකුණු ආසියා රටවල් කේන්ද්‍ර කරමින් ඉන්දියාවේ පවත්වනු ලැබූ “මාන්තන්” තරඟයෙන් ද ලද ජයග්‍රාහකයා ලෙසද තේරී පත් විය
e-තක්සලාව පාඩම් මාලා, ක්‍රියාකාරකම්, පැරණි හා ආදර්ශ ප්‍රශ්නපත්‍ර, පෙළපොත් හා ගුරුමාර්ගෝපදේශ සංග්‍රහ සහිත ඉගෙනුම් සම්පත් ,ජාත්‍යන්තර ඩිවි වර්ගීරණටයට අනුව සකස් කළ ඉ-පුස්තකාලය, සුවිශේෂී චරිත කතා සහිත සිරිත්මුතුදම, වදන් අරුත් සපයන අර්ථකෝෂය, ලංකාවේ හා ලෝකයේ වැදගත් සිතියම් සහිත සිතියම් පොත, මිහිමඬල - පාරිසරික අධ්‍යපන අත්වැල, අමතර දැනුම වඩන ඉ-පොත් එකතුව, විනෝදාස්වාදය සපයන අතර උසස් රසඥතාවක් වර්ධනය කරන ගීත එකතුව, බුද්ධිය පුබුදන අධ්‍යාපනික ක්‍රීඩා එකතුව, දින දින වැදගත්කම පෙන්වන, දින දින විත්ති-පින්තූර දිනපොත, පිරිවෙන්අධ්‍යාපන අංශය, විශේෂ අධ්‍යාපන අංශය ආදී අංග රැසක් e තක්සලාව තුල සංචිතව ඇත.