• ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවලට NVQ 6 සහතිකය පිරිනැමීමට අනුමැතිය

    ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවලට NVQ 6 සහතිකය පිරිනැමීමට අනුමැතිය

    ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් වන ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) පාඨමාලාව සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්‍රදානය කිරීමට අනුමැතිය හිමි වී තිබේ.

    2025 ජූලි 8 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේදී, ඉහත පාඨමාලා දෙක NVQ 6 මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල බව තීරණය කළ අතර ඒ අනුව ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව පාඨමාලා සාර්ථකව නිම කළ අයට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය නිකුත් කිරීම සඳහා රු. 1000.00 ක ගාස්තුවක් සමඟ SLIATE අධ්‍යක්ෂ/විදුහල්පති/අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ තම ඉල්ලීම් එවිය හැකිය. ඊට අදාල චක්‍රලේඛය 2025.07.09 දින සිට ක්‍රියාත්මක කෙරේ. ඉහත පාඨමාලා දෙක NVQ 6 මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල බව තීරණය කළ අතර ඒ අනුව ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව පාඨමාලා සාර්ථකව නිම කළ අයට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය නිකුත් කිරීම සඳහා රු. 1000.00 ක ගාස්තුවක් සමඟ SLIATE අධ්‍යක්ෂ/විදුහල්පති/අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ තම ඉල්ලීම් එවිය හැකිය. ඊට අදාල චක්‍රලේඛය 2025.07.09 දින සිට ක්‍රියාත්මක කෙරේ.

    NVQ_Circular – 04/2025බාගතකරන්න

    Upendra Lakmali

    2025-07-23
    අධ්‍යාපන
    පුවත්
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සාධනීය ප්‍රතිචාර…

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සාධනීය ප්‍රතිචාර…

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ හමුවක් අද 22 දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

    එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “අපගේ රජය විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරමින් ඉන්න යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජය තුළ ලොකු උනන්දුවක් වගේම සැලකිය යුතු මට්ටමේ කතාබහකුත් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ අපි රජයක් හැටියට සතුටු වෙනවා. ජාතික වැදගත්කමක් තියෙන මේ වැඩපිළිවෙළ ගැන සමාජ සංවාදයක් ඇතිවෙන එක ඉතාම වැදගත්.

    මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඔබ සියලුදෙනාම යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන, ඒ අනුව ඔබ දැනුම්වත් කිරීමේ සහ මේ පිළිබඳ ඔබගේ යෝජනා සහ අදහස් ලබාගැනීමේ එක් පියවරක් විදිහටයි අද අපේ මේ හමුව පැවැත්වෙන්නෙ.

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සැකසු විස්තරාත්මක ලේඛනයක් ඔබ වෙත ලබාදීමෙන් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ඔබගේ අදහස් සහ යෝජනාවලට ඇහුම්කන් දෙන්න අපි සූදානම්” යනුවෙන් අග්‍රමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

    අගමැතිතුමියගේ මූලික කරුණු දැක්වීමෙන් අනතුරුව, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය දර්ශන සමරවීර මහතා විසින් විස්තරාත්මක දෘශ්‍ය මාධ්‍ය පැහැදිලි කිරීමක් පැමිණ සිටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය.

    අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවඥානම් ශ්‍රීධරන්, අජිත් පී පෙරේරා, රෝහිණි කවිරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අදහස් දැක් වූ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සාධනීය කාරණා වෙත තම සහායෝගය ලබා දෙන බවත් එහිදී පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් පැවසූහ.

    ඉංග්‍රීසි බස අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදාගැනීම කෙරෙහි සහ ඉංග්‍රීසි බස වඩා ප්‍රචලිත කිරීම, අධ්‍යාපනයට අවශ්‍ය මානව සම්පත් හැකි උපරිමයෙන් ලබාදීම යනාදි කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අවධානය යොමු වු අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ඔවුන් මතු කළ ප්‍රශ්නවලට, අගමැතිතුමියත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් පිළිතුරු ලබා දුන්හ.

    එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

    විෂයමාලා ප්‍රතිසංස්කරණය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු එකක් නොව එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවත්, ඒ අනුව මෙවර සිදු වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය (System) එකම වෙනස් කිරීම බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, එය කඩිමුඩියේ නොව කාලයක් අරගෙන පරික්ෂාකාරීව අදියරෙන් අදියර ඉදිරියට කරගෙන යාමට නියමිත ක්‍රියාවලියක් බවත් ප්‍රකාශ කළාය.

    මෙහි පළමු අදියර 2026 දී පළමු වසර සහ හය වසර සිසුන් සඳහා ක්‍රියාත්මක කරන බවත්, එහිදී ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළාය. එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සාපේක්ෂව වෙනස් මෙන්ම නව ප්‍රවේශයකින් ක්‍රියාත්මක කරන බව පැවැසූ අග්‍රාමාත්‍යතුමිය, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, විෂයමාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්, අධ්‍යාපන පරිපාලන ව්‍යුහයේ ප්‍රතිසංකරණ, තක්සේරුකරණය සහ ඇගයීම් ක්‍රියාවලිය, මහජනයා දැනුම්වත්කිරීම හා ප්‍රචාරණය යන කුළුණු පහ මත පදනම් වන බවත් පෙන්වා දුන්නාය.

    පක්ෂ විපක්ෂ සියලූම ගරු මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීම් සහ ඔවුන්ගෙන් මතු වූ ප්‍රශ්නවලට සාවධානව සවන් දෙමින් ඒවාට නිසි පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යතුමිය, මෙවැනි දැනුම්වත් කිරීම් ඉදිරියේදිත් සිදු කරන බවත්, මෙම අවස්ථාවේදී ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් පිළිබඳ තම අවධානය යොමු කරන බවත්, එසේ කරුණු ඉදිරිපත් කිරීම ගැන තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළාය.

    මෙම හමුවට පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-22
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ගුරු ශික්ෂණලාභීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා.

    ගුරු ශික්ෂණලාභීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා.

    – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

    ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු ශික්ෂණලාහීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමත් සිය විශේෂ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ මහතා මේ බව පැවසූයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සඳහා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමනි.

    මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ සියලු අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් සහභාගී වී සිටි අතර එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා සිය අධ්‍යයන සහ අනධ්‍යයන ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් වන ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි විය. ගුරු ශික්ෂණලාහීන්ට ගුණාත්මක අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් කල් අවධානය යොමු නොවුණු ගැටලුවලට සිය විශේෂ අවධානය යොමු කරන බවත්, සුවිශේෂි ගැටලු පවතින විද්‍යා පීඨවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කර කඩිනම් විසඳුම්වලට එළඹෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

    ගුරු ශික්ෂණලාහීන්ට නිදහස් ඉගෙනුම් පරිසරයක් සකසා දීම සහ ඔවුන්ගේ මානසික යහ පැවැත්ම වෙනුවෙන් පියවර ගැනීම අනාගත ආයෝජනයක් වෙනවා. මොකද ඉදිරියේ දී පාසල් ගුරුවරුන් විදියට සිසුන් අතරට යන්නෙ ඔවුන් නිසා. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා උපදේශන සේවා ශක්තිමත් කිරීමට මේ වන විටත් අප පියවර ගනිමිනුයි තිබෙන්නෙ.

    මේ අවස්ථාව සඳහා ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් ඉරෝෂිණී කේ. පරණගම මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක් සහභාගි වී සිටියහ.

    Upendra Lakmali

    2025-07-21
    අධ්‍යාපන
    පුවත්
  • රජයේ හා රජයේ ආධාර ලබාදෙන සියලු පාසල් වෙත 2025 වර්ෂය සදහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරේ.

    රජයේ හා රජයේ ආධාර ලබාදෙන සියලු පාසල් වෙත 2025 වර්ෂය සදහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරේ.

    2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව ජුලි 16 දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    එහිදී 2025 වර්ෂයේ සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.

    මේ වන විට 2026 වර්ෂය සඳහා ද පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇත.

    එහිදී අදහස් දැක්වූ අධ්‍යාපනය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින්නේ සහයෝගීතාවයෙන් යුත් දිගු කාලීන මිත්‍රත්වයක්. අපේ රටේ පාසල් දරුවන්ට ලබා දුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය ද මෙම දීර්ඝ කාලීන මිතුදමේ එක් පියවරකි.

    2023 සහ 2024 වර්ෂවල චීන රජය පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අපගේ ජාතික අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් ලබා දී ඇති අතර, 2025 වර්ෂයේ සම්පුර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවයම අප රටේ දරුවන්ට ලබා දී ඇත.
    ශ්‍රී ලංකාවට අතිශයින් දුෂ්කර කාලයකදී අප රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් චීන රජයෙන් ලබා දුන් මෙම පරිත්‍යාගය අපට බොහොම වටිනවා.

    2026 වසර සදහා ද , චීන රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස අප රජය දැනටමත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම අපේ රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට මාගේ ස්තූතිය පුද කරනවා” යැයි පැවසීය.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,

    “ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය ඔබේ විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහායකයා ලෙසද කටයුතු කරනවා. දරුවන් යනු මේ රටේ අනාගතය පමණක් නොව චීන ශ්‍රී ලංකා මිතුදමේ උරුමක්කාරයන්.

    ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති සෑම මැහුමකින්ම අපේ පැරණි ශිෂ්ටාචාර දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ කතාව කියනු ඇත.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන දායකත්වය සහ කැපකිරීම් මම ඉතාමත් අගය කොට සලකනවා. ”

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    Upendra Lakmali

    2025-07-17
    අධ්‍යාපන
    පුවත්
  • තොරතුරු පනත සම්බන්ධව පාසල් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පැවැත්වීමට නියමිත පුහුණු කඳවුර සඳහා ළමුන් තෝරා ගැනීම

    ලියාපදිංචිය සඳහා අදාල සබැඳිය

    Upendra Lakmali

    2025-07-14
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • Clean Steps – Safe Space වැඩසටහන

    මාර්ගෝපදේශයDownload
    වැඩසටහන් කාල සටහනDownload

    Upendra Lakmali

    2025-07-11
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින් නව සමාලෝචන රැසක්.

    තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින් නව සමාලෝචන රැසක්.

    – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    2026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමට විෂය මාලා සංශෝධනය කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කොට ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජුලි 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී පවසන ලදී.

    මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය විෂය ධාරාවන් 10 සහ 11 ශ්‍රේණි සඳහා හඳුන්වාදීමට නියමිත අතර එහිදී සෑම පාසලකම 10 සහ 11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයක් ලෙස මෙම වෘත්තීය විෂයන් හඳුන්වා දෙනු ඇති බවත්, ඒ අනුව 10 ශ්‍රේණියේ සිට වසර හතරක පාසල් කාලයක් වෘත්තීය විෂයක් හදා‍රා NVQ 4 සහතිකය ලබා ගැනීමේ හැකියාව සිසුන්ට හිමි වේ.

    ඒ සඳහා විෂය මාලාව සහ මොඩියුල සංවර්ධනය කිරීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ වන විට සිදුකරමින් සිටින බවත් මේ හරහා උසස්පෙළ වෘත්තීය විෂයන් ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව පවතින පාසල් 609ක ප්‍රමාණයේ සිට පාසල් 1,000ක් දක්වා වර්ධනය කිරිමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යතුමිය පැවසී ය.

    පාසල් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා එම අංශයට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ ද සහය ඇතිව උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා එම ක්ෂේයට අදාළ සියලු පාර්ශවකරුවන් සමඟ රැස්වීම් පවත්වමින් මූලික කෙටුම්පතක් සකස් කෙරෙමින් පවතින බවත් එළඹෙන සැප්තැම්බර් වන විට සම්පූර්ණ කෙටුම්පත සකස් කොට ඉදිරිපත් කෙරෙන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

    එම සැලසුම් යටතේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් 10, 11 ශ්‍රේණිවල වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරු විද්‍යාල හරහා ගුරුවරුන් බඳවාගෙන පුහුණු කිරීමට කටයුතු කරනු ඇත.

    දැනට වෘත්තීය විෂය ධාරාවන් සඳහා පත් කර ඇති ගුරුවරුන් වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ද සහය ඇතිව විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රවණතා සහ අත්දැකීම් ලබා දෙමින් ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් ඉදිරි අවුරුදු පහක කාලයක් දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වෘත්තීය විෂය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා අනුව වෘත්තීය විෂය ධාරාව නැවත සමාලෝචනය කර විෂය මොඩියුල සඳහා අවශ්‍ය වෙනස්කම් ඇතුලත් කිරීම 2026 සහ 2027 වසරවල් තුළ අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-09
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය

    නිවේදනයDownload
    ආදර්ශ අයඳුම් පත්‍රයDownload

    Upendra Lakmali

    2025-07-04
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් නිකුත් කෙරේ.

    නිවේදනයDownload

    Upendra Lakmali

    2025-07-03
    අධ්‍යාපන, ජාතික පාසල්, පාසල් කටයුතු
    විශේෂ නිවේදන
  • පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන – 2025

    පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම – 2025 වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS – 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණයි.

    එම ආයතන පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබා දෙන බැවින්, එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිළදී ගත නොහැක.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-03
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
Previous Page
1 2 3 4 … 6
Next Page

අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

+(94) 11- 278 5141 / 142 / 143 / 144

+(94) 11- 278 5162

info@moe.gov.lk

අඩවි සංචාලන
  • අමාත්‍යාංශය ගැන
  • පුහුණු අවස්ථාව
  • චක්‍රලේඛ
  • අධ්‍යාපන සේවා
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • නිතර අසන පැන
  • අඩවි සිතියම
මාධ්‍ය මධ්‍යස්ථානය
  • පුවත්
  • විශේෂ නිවේදන
  • මාධ්ය නිකුතුව
  • සිදුවීම්
  • ඡායාරූප ගැලරිය
  • වීඩියෝ ගැලරිය

ප්‍රකාශන හිමිකම © 2024 – අධ්‍යාපන අමාත්‍යාංශය | සියලුම හිමිකම් ඇවිරිණි

සැලසුම් කර සංවර්ධනය කරන ලද්දේ:
Webcomms Global (PVT) Ltd.

නියම සහ සේවා