• නවක වදය මෙන්ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසනයන් පිළිබඳ සොයා බලන්න…

    නවක වදය මෙන්ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසනයන් පිළිබඳ සොයා බලන්න…

    අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අමාත්‍යවරිය අතර අද (02) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කළාය.

    විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහිදී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දුන් අතර අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩ නැගී නොතිබීම, නවක වදය පිලිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී නියෝජිතයින් විසින් පැහැලිදි කරන ලදී. විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුනට ලකුණු ලබා දීමේදී සහ පන්ති සාමර්ථ ලබා දීමේදී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

    සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව හා දිගුකාලිනව ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත්, නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීතී යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා ය.

    විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්වන සිසුන් කෙරෙහි අවධානය යොමුකිරීම මෙන් ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-02
    අධ්‍යාපන
    පුවත්
  • ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර හමුවක් ජූනි 24 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තානාපතිනිය පිළිගත් අතර ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණි.

    රටේ ශ්‍රම බලකායට සරිලන ලෙස වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කාර්මික අධ්‍යාපනය සඳහා කෙරෙන හුවමාරු වැඩසටහන් සහ විශ්ව විද්‍යාවල උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එමෙන් ම ශ්‍රි ලංකාවේ පාසල් පද්ධතිය තුළ කොරියානු භාෂාව හැදැරීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සහ කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-06-27
    අධ්‍යාපන
    පුවත්
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන වල අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරු සඳහා සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවීම.

    නිවේදනයDownload
    ලකුණු පටිපාටියDownload
    ආදර්ශ අයදුම්පත්‍රයDownload

    Upendra Lakmali

    2025-06-24
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීමට “ක්ලීන් ශ්‍රී ලංකා” සමග එක්ව ශ්‍රම මෙහෙයුමක්..!

    වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීමට “ක්ලීන් ශ්‍රී ලංකා” සමග එක්ව ශ්‍රම මෙහෙයුමක්..!

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහාය ඇතිව, වෘත්තිය පුහුණු අමත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 311ම ආවරණය වන පරිදි ජුලි 04 වන දා පෙ.ව 8.00 මෙම වැඩසටහන ආරම්භ කෙරේ.

    වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

    වසරකට සිසුන් ලක්ෂ 03කට ආසන්න පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර, එයින් 240,000කට පමණ විශ්වවිද්‍යාල වරම් අහිමි වේ. එම සිසුන් අතරින්, 125,000ක් පමණ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණ ආයතන වෙත ඇතුළත් වන අතර 50,000ක පමණ පිරිසක් වෙනත් අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන වෙත යොමු වේ.

    ඒ අනුව, වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමි වන 175,000ක් පමණ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට නැඹුරු කිරීම සහ ඔවුන්ට අධ්‍යාපනයට සුදුසු පසුබිමක් හා පහසුකම් සපයා දීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.

    මෙම වැඩසටහන සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන සිසුන් 125,000 සමඟ, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 10,000ක පමණ පිරිසක් සහ ප්‍රදේශවාසින්ද ඇතුළුව 160,000ක පමණ පිරිසක් එක්වීමට නියමිතය.

    මෙම සාකච්ඡාවට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහුද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරිහුද, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියහ.

    Upendra Lakmali

    2025-06-23
    අධ්‍යාපන
    පුවත්
  • නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජාතික අධ්‍යාපන කොමිසමේදී පැවැත් විණි.

    නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම මෙහිදී සිදු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරගෙන යන කාර්ය භාරය මෙහිදී පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 සිට ආරම්භ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධව නිසි ක්‍රමවේදයකට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිසමේ කාර්යභාරය පිලිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහිදී කොමිසමේ පවතින ගැටළු පිලිබඳවත්, ඉදිරියේදී කළයුතු වැඩසටහන් පිළිබඳවත් අමාත්‍යවරිය කරුණු පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල් පිලිබඳ සමීක්ෂණ සිදු කිරීමත්, නියාමනය කිරීමත් ජාතික අධ්‍යාපන කොමිසමට පැවරෙන බව ද පැවසූ අමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිපත්ති වඩාත් තීව්‍ර ව සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂම ඒකාබද්ධ ව කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු කොමිසමේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු – 2025

    නිවේදනය – සිංහලDownload
    ස්ථාන මාරු ලේඛනය – සිංහලDownload
    Notice – TamilDownload
    Transfer List – TamilDownload

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය – 2025

    නිවේදනයDownload
    සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයන් හා වේලාවන් වෙන්කර ඇති ආකාරය දැක්වෙන ලේඛනයDownload
    කැඳවීමේ ලිපියේ ආකෘතිය – ඇමුණුම 02Download

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • විද්‍යාව සහ විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවටත්, ලෝකය දිනවන්නත් යොදා ගන්න ඉගෙනගන්න… – විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්

    විද්‍යාව සහ විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවටත්, ලෝකය දිනවන්නත් යොදා ගන්න ඉගෙනගන්න… – විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්

    අධ්‍යාපන අමත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා ජාතික සම්මාන ප්‍රදානෝත්සවය අද දින (20) අධ්‍යාපන අමාත්‍යංශයේ දී විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජාතික ඔලිම්පියාඩ් තරගාවලිය, විද්‍යාව, ගණිතය, තොරතුරු විද්‍යාව හා සංඛ්‍යානය යන විෂයයන් කේන්ද්‍ර කරගනිමින් අංශ ගණනාවක් ඔස්සේ පැවැත්වේ. මෙම විෂයයන් සඳහා දක්ෂතා දක්වන සිසුන් හඳුනා ගැනීම, දිරිමත් කිරීම හා විෂයානුබද්ධ දැනුම්වත්භාවය ඉහළ නැංවීම මෙන්ම අන්තර්ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ජාතික කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

    2024 වර්ෂයේ පැවති විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා සමස්ත ලංකා තරගාවලිය ජයගත් සිසුන් 101 ක් සඳහා කුසලතා සහතිකපත් බෙදාදීම හා පදක්කම් සම්මාන ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

    එම උත්සව සභාව ඇමැතු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා, ඔබ මෙතැනින් නොනැවතී ලෝකය දිනන ආකාරය සැලසුම් කරන්නැයී ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, පළාත් හා ජාතික මට්ටමේ සම්මානලාභී සිසුන්, විද්‍යා ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

      

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන
    පුවත්
  • සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව

    සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    නව යෞවනයේ සනීපාරක්ෂාව පිලිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව පැවසීය.

    මෙහිදී නව යොවුන්වියේ සනීපාරක්ෂාව පිලිබඳ විශේෂ දේශනය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අසාන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය විසින් සිදු කළාය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

    සනීපාරක්ෂාව අධ්‍යාපනයට සෘජුවම සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මොකක්ද අධ්‍යාපනය, සනීපාරක්ෂාව සමඟ තියෙන සම්බන්ධය කියලා.
    සනීපාරක්ෂාව සියලු දෙනාගේම අයිතියක් සියලුදෙනාටම අවශ්‍ය දෙයක් සහ දත්ත අනුව පෙන්නුම් කරනවා සනීපාරක්ෂක පහසුකම් හරියට පාසලක් තුළ නොතිබීම නිසා විශේෂයෙන් අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැණු දරුවන්ට මාසෙකට සැරයක්වත් අධ්‍යාපනය අතපසු වෙනවා. ඒ වගේම තමයි සමාජය තුළ ඔවුන්ට නිදහසේ අවශ්‍ය පරිදි ගැවසෙන්න තියෙන අයිතිය සීමා වෙනවා. ඒ සනීපාරක්ෂක පහසුකම් හරියට නැතිවීම හේතුවෙන්.

    ශිෂ්‍යාවන් වන ඔබ විතරක් නෙවෙයි අපි සියලු දෙනාත් මේ අත්දැකීම ඕන තරම් විඳලා තියෙනවා. පාසල තුළ විතරක් නෙවෙයි. පොදු පහසුකම් අවම වීම තුළින් කාන්තාවන් මේ අපහසුතාවට පොදු සමාජයේ දි මුහුණ දෙනවා.

    සනීපාරක්ෂාව කියන එක අතිශයින්ම වැදගත්. ඔබ අහන්න පුළුවන් පිරිමි අපිට මොකක්ද මෙතන දැනගන්න තියෙන දේ කියලා. මේක ගැහැණු ප්‍රශ්නයක් නේ ඒගොල්ලොම විසඳ ගත්තම ඉවරයි කියලා. නමුත් ඔබටත් සනීපාරක්ෂක ගැටළු තිබෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් ඒ පිලිබඳ සංවේදී වෙන්න පිරිමි පාර්ශවයට අවබෝධයක් සහකම්පනයක් තිබිය යුතුයි.

    සාර්ථක පුරවැසියෙක් කියන්නේ හොඳ රැකියාවක් කරන එකම නෙමෙයි. සමාජයේ කිසියම් කෙනෙක් අපහසුතාවයෙන් ඉන්නවා නම් ඒ පිළිබඳ සංවේදීවෙන්න පුලුවන් වෙන්න ඕන. කාන්තාවන්ගේ සංවේදී කාරණාවලදි සහකම්පනයක් ඇති වෙන්න ඕන. ඒ වගේම පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න අවබෝධයක් ඔබට තියනවා නම් තමයි ඔබ සාර්ථක.

    මෙතනින් ආරම්භ කරලා පාසල් මට්ටමින් සනීපාරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් අපි සිදු කරනවා. අධ්‍යාපනය කියන එක විශාල මාතෘකාවක්, මේ සමාජයට, මේ ප්‍රජාවට වැදගත් වන, නායකත්වය දෙන්න පුළුවන්, සමාජය තුළ සියලුම දෙනා සුවපත් කරන්න පුළුවන් ඊළඟ පරපුරක් බිහිකිරීමයි අධ්‍යාපනයෙන් සිදු වෙන්න ඕන. එකිනෙකා පිළිබඳ ගරුත්වය, එකිනෙකාට සළකන ආකාරය ඇතුළු සියල්ල අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.
    ඒ නිසා සනීපාරක්ෂාව කියන එක සෞඛ්‍යයට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සනීප ආරක්ෂාව කියන්නේ ඔසප් චක්‍රය පිළිබඳව කතා කරන එකම විතරක් නෙමෙයි. සනීපාරක්ෂාවට අවශ්‍ය පහසුකම් පාසල් තුළත්, පොදු සමාජයක් තුළත් තිබීම මූලික අයිතිවාසිකමක් ලෙස රජය සලකනවා. සනීපාරක්ෂාව හංගන්න ඕන දෙයක් නෙවෙයි.

    ඒ වෙනුවෙන් සමාජය මීට වඩා එකිනෙකාට ගරුත්වය තියෙන සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවය තියන, එකිනෙකාව ආරක්ෂා කරන, එකිනෙකාව රැකබලා ගන්න, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන සමාජයක් බවට පත් කළ යුතුයැයි අමාත්‍යවරිය පැවසුවා ය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිලධාරීන් පාසල් සිසුන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන
    පුවත්
  • 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වේ.

    2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වේ.

    2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර හා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජුනි 16 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියම්ත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවාය.
    මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

    මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බව හා මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තවද මෙම ප්‍රතිසංස්කරණ වලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

    මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුහ.

    Upendra Lakmali

    2025-06-17
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යයන කාර්යය මණ්ඩලවලට අයත් තනතුරුධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම.

    රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ 2025 – සංශෝධිත ලිපියDownload
    රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ 2025Download
    රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ 2025 – ආවරණ ලිපිය Download
    අරක්කැමිDownload
    කාර්යය සහායකDownload
    ක්‍රීඩා පුහුණුකරුDownload
    ජල නල විදුලිDownload
    තාක්ෂණපීඨ සහායකDownload
    පාසල් ආරක්ෂකDownload
    පුස්තකාල සහායකDownload
    රසායනාගාර සහකාරDownload
    රසායනාගාර සහායකDownload
    ලේඛන සහකාරDownload
    ශිෂ්‍ය නිවාස අධීකාරි – සහකාර ශිෂ්‍ය නිවාස අධීකාරිDownload
    සංවර්ධන – මූල්‍ය සහකාරDownload
    සේවා සහායක – සනීපාරක්ෂකDownload
    NORTH – EAST ANNUAL TRANSFER DECISIONS – LABORATORY AIDE – SERVICE ASSISTANT SANITARY – WORK AIDE – SCHOOL SECURITY – LIBRARY AIDEDownload

    Upendra Lakmali

    2025-06-17
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • බලංගොඩ රජවක මහා විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්. අනාරක්ෂිත බවට සැක ගස් පාසලේ ඇත්නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන්න…

    බලංගොඩ රජවක මහා විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්. අනාරක්ෂිත බවට සැක ගස් පාසලේ ඇත්නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන්න…

    – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

    බලංගොඩ රජවක මහ විදුහලේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසත්, අනාරක්ෂිත බවට සැක කරන ගස් පාසල් භූමිය තුළ ඇති නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන ලෙසත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

    බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක කොටසක් කඩා වැටීම හේතුවෙන් සිදු වූ හානිය නිරීක්ෂණය කරමින් වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර මූලික විමර්ශනයක්  සිදු කරන ලෙසත්, එහි වාර්තාව සතියක් තුළ ලබා දෙන ලෙසත්, එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට පැවසීය. 

    මේ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇතිද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යතුමන් නිලධාරීන්ට දන්වා සිටියේය. විනාශ වු ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අතිරේක පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඉදිරි විමර්ශන සිදු කරන බව  සබරගමුව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය පැවසීය.

    මේ වන විට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අනතුරට පත් දරුවන්ගේ සුවදුක් විමසීමට ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කටයුතු කළේය. අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ පිරිසෙන් හය දෙනෙකු පමණක්  රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්  බලංගොඩ මූළික රෝහලේ වෛද්‍ය අධිකාරී  කේ. ඒ. එල්. එල්. කේ ආරච්චි මහතා පැවසීය.  ප්‍රතිකාර ලබන දරුවන් වෙත සුරක්ෂා රක්ෂණාවරණය මගින් වන්දි ලබා දීම හෝ අවශ්‍ය කටයුතු සිදු කිරීම කඩිනම් කරන ලෙස මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    අනතුරුව මෙම සිද්ධියෙන් ජීවිතක්ෂට පත්  බලංගොඩ, බිබිලේවෙල ප්‍රදේශයේ පදිංචි කලා අංශයේ ඉගෙනුම ලැබූ කිවිර හිරුජය නැමැති 17 හැවිරිදි සිසුවාට අවසන් ගෞරවය දැක් වීමට නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහභාගී විය. සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කණගාටුව ප්‍රකාශ කළ  නියෝජ්‍ය අමාත්‍යතුමන් මියගිය දරුවා වෙනුවෙන්  අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම පවුලට සාධාරණයක් ඉටු කරන ලෙසත් දන්වා සිටියේය.

    සිසුවාගේ අවසන් කටයුතු අද දින සිදු කරන අතර අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් සභාව ඒ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍ය  මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

    දරුවන් ගේ ආරක්ෂාවට මූලික තැනක් ලබා දිය යුතු බවත්, පාසල තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගස් තිබේ නම්  වහාම ප්‍රාදේශීය ලේකම්ට, දැව සංස්ථාවට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට දැනුම් දෙන ලෙසත්, අදාල අංශ ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වසන්ත පුෂ්පකුමාර, සුනිල් රාජපක්ෂ, බලංගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රභාත් වර්ණසූරිය, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය.



    2025_06_14_Press_SinhalaDownload

    Upendra Lakmali

    2025-06-16
    අධ්‍යාපන
    පුවත්
  • විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් පිළිබඳව නිර්ණායකයන් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා…

    විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් පිළිබඳව නිර්ණායකයන් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා…

    රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් පිළිබඳ ව සොයා බැලීමට පත් කළ කමිටුව හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 

    මෙහිදී නව දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව විසින් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට අයත් ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලු  පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම වාර්තාව සැලකිල්ලට ගෙන ශිෂ්‍ය නේවාසිකාගාරවලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම කෙරෙහි  අග්‍රාමාත්‍යවරියගේ අවධානය මෙහිදී  යොමු විය.

    එසේම, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධ කරගනිමින් නේවාසිකාගාර පහසුකම් පිළිබඳව  නිර්ණායකයන් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය. 

    මෙම අවස්ථාවට කමිටුවේ සභාපති මහාචාර්ය කේ.එල් වසන්ත කුමාර මහතා ඇතුළු කමිටු සාමාජිකයින් එක්ව සිටියහ.

    මාධ්‍ය ඒකකය.



    Upendra Lakmali

    2025-06-13
    අධ්‍යාපන
    පුවත්
  • 2024 වර්ෂය 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය – පාසල් කඩඉම් ලකුණු

    කඩඉම් ලකුණුDownload

    Upendra Lakmali

    2025-06-12
    අධ්‍යාපන, පාසල් කටයුතු, පාසල් කටයුතු ශාඛාව
    විශේෂ නිවේදන
  • විදුහල්පති වෘත්තීය සංගම් හා අධ්‍යාපනය අමාත්‍යවරිය අතර හමුවක්…

    විදුහල්පති වෘත්තීය සංගම් හා අධ්‍යාපනය අමාත්‍යවරිය අතර හමුවක්…

    විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුලි 11 දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

    මෙහිදී විදුහල්පති සේවාවේ පවතින වැටුප් විෂමතා, උසස් වීම් හා විදුහල්පති සේවය ආශ්‍රිතව පවතින ගැටලු අධ්‍යාපන අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදී. 

    මෙම ගැටලු සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් වෙත අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය. 

    මෙම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයින් සහභාගී වූහ.



    Upendra Lakmali

    2025-06-12
    අධ්‍යාපන
    පුවත්
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය (අධ්‍යාපන අංශය) යටතේ වන ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා සංවර්ධන නිලධාරී කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීම.

    ආවරණ ලිපියDownload
    ඇමුණුම 01Download
    ඇමුණුම 02Download
    ඇමුණුම 03Download

    Upendra Lakmali

    2025-06-12
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය -2025

    චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහයDownload
    • ලියාපදිංචි වීමේ අවසාන දිනය – 2025.07.15
    • ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවසන් දිනය – 2025.08.15

    වැදගත් :- සියලුම සහභාගිවන්නන් තරඟය සඳහා ලියාපදිංචි විය යුත්තේ මාර්ගගත අයදුම්පත්‍රය භාවිතා කිරීමෙන් පමණි.

    ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය – (NSSC)

    ලියාපදිංචි වීම

    තරගය සඳහා අයදුම් කිරීමට C හෝ C++ හෝ Java හෝ C# හෝ පිළිබද මූලික දැනුමක් තිබිය යුතු ය.

    ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්නDownload
    • ලියාපදිංචියට අදාළ අයදුම්පත සම්පූර්ණ කර විදුහල්පති සහතික කිරීමෙන් අනතුරුව එහි පරිලෝකිතය (Scan Copy) මාර්ගගත අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ උඩුගත.(Upload) කළ යුතුය.
    • මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමේ දී එකම පාසලකින් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු සහභාගී වන අවස්ථාවකදී, එක් එක් ශිෂ්‍යයෙකු විසින් වෙනම අයදුම්පත් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. ශිෂ්‍යයන් කිහිප දෙනාගේ තොරතුරු එකම අයදුම්පත් පත්‍රයක ඇතුළත් කිරීම අනුමත නොවේ. තවද , සෑම ශිෂ්‍යයෙකුම වෙන වෙනම මාර්ගගත ලියාපදිංචියක් සිදු කළ යුතුය.

    මාර්ගගත අයදුම්පත සදහා මෙතනින් පිවිසෙන්න.

    තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය –(YCS)

    ලියාපදිංචි වීම

    • තරගය සදහා ලියාපදිංචි වීමට මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.

    නිර්මාණ ඉදිරිපත් කිරීම

    • නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ විස්තර ඔබ විසින් ලබා දී ඇති විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කෙරේ. (එබැවින් ඔබගේ විද්‍යුත් තැපෑල  නිරන්තරයෙන් පරීක්ෂා කරන්න)

    ගුරුවරුන් සදහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගාවලිය

    ලියාපදිංචි වීම

    ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.Download

    •ලියාපදිංචියට අදාළ අයදුම්පත සම්පූර්ණ කර විදුහල්පති සහතික කිරීමෙන් අනතුරුව එහි පරිලෝකිතය (Scan Copy) මාර්ගගත අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ උඩුගත (Upload) කළ යුතුය.

    •මාර්ගගත අයදුම්පත සදහා මෙතනින් පිවිසෙන්න.

    නිර්මාණ ඉදිරිපත් කිරීම

    නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.Download

    විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද ඉහත අයදුම්පත්‍රය සමග නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටිය  අධ්‍යාපන අධ්‍යක්ෂ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, 4 වන මහල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන  අමාත්‍යාංශය, ඉසුරුපාය,බත්තරමුල්ල යන ලිපිනය වෙත යොමු කරන්න.

    අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සදහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

    ලියාපදිංචි වීම

    ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.Download

    ලියාපදිංචියට අදාළ අයදුම්පත සම්පූර්ණ කර අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති සහතික කිරීමෙන් අනතුරුව එහි පරිලෝකිතය (Scan Copy) මාර්ගගත අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ උඩුගත (Upload) කළ යුතුය.

     •මාර්ගගත අයදුම්පත සදහා මෙතනින් පිවිසෙන්න.

    නිර්මාණ ඉදිරිපත් කිරීම

    නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.Download

    අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති විසින් සහතික කරන ලද ඉහත අයදුම්පත්‍රය සමග නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටිය  අධ්‍යාපන අධ්‍යක්ෂ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, 4 වන මහල, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,බත්තරමුල්ල යන ලිපිනය වෙත යොමු කරන්න.

    Upendra Lakmali

    2025-06-12
    අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව
    විශේෂ නිවේදන
  • විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි.

    විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිලිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ  සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන, ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

    විශ්වවිද්‍යල ආචාර්යවරුන් මුහුණ දෙන වැටුප් ගැටලු පිළිබඳව මෙහිදි රජය දැනුම්වත් කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කටයුතු කළේය.
    එහිදී 2025 වසරේ සිදු කළ වැටුප් වැඩි කිරීමේදී රාජ්‍ය සේවකයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම අතර වෙනසක් පවතින බවත්, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සහ ආචාර්යවරුන් අතර ද වැටුප් වැඩි කිරීමේ දී විෂමතාවක් නිර්මාණය වී ඇති බවත් මෙහිදී විශ්වවිදයාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.

    ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින තාක්ෂණික කාරණා පිළිබඳ අදාළ නිලධාරීන් සමග පළමුව සාකච්ඡා කිරීමටත්,  එළඹෙන  තීරණ අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමටත්  එහිදී තීරණය විය.

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති අනුරුද්ධ කරුණාරත්න, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ යන මහත්වරුන් ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.




    Upendra Lakmali

    2025-06-11
    අධ්‍යාපන
    පුවත්
  • නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජාතික අධ්‍යාපන කොමිසමේදී පැවැත් විණි.

    නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම මෙහිදී සිදු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරගෙන යන කාර්ය භාරය මෙහිදී පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 සිට ආරම්භ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධව නිසි ක්‍රමවේදයකට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිසමේ කාර්යභාරය පිලිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහිදී කොමිසමේ පවතින ගැටළු පිලිබඳවත්, ඉදිරියේදී කළයුතු වැඩසටහන් පිළිබඳවත් අමාත්‍යවරිය කරුණු පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල් පිලිබඳ සමීක්ෂණ සිදු කිරීමත්, නියාමනය කිරීමත් ජාතික අධ්‍යාපන කොමිසමට පැවරෙන බව ද පැවසූ අමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිපත්ති වඩාත් තීව්‍ර ව සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂම ඒකාබද්ධ ව කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු කොමිසමේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

    Upendra Lakmali

    2025-06-06
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ජගත් පරිසර දිනයට සමගාමීව ‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ
    රුක් රෝපණ වැඩසටහනක් ‘ඉසුරුපායේ ‘ දී ආරම්භ වෙයි.

    ජගත් පරිසර දිනයට සමගාමීව ‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේරුක් රෝපණ වැඩසටහනක් ‘ඉසුරුපායේ ‘ දී ආරම්භ වෙයි.

    ‘දලුලන්න ඉඩ දෙන්න’ තේමාව යටතේ ජාතික පරිසර සති සැමරුම හා ඊට සමගාමී ව යෙදී ඇති රුක් රෝපණ දින වැඩසටහන ක්‍රියාවට නංවමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍ර භූමියේදී පලතුරු පැළයක් රෝපණය කළා ය.


    අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජගත් පරිසර දින සැමරුම් දී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ඉදිරි පරපුරට සම්පත් ඉතිරි කර දීමේ තිරසර සංවර්ධන අරමුණු කරා යන ගමනේ දී සොබාදහම හා පරිසරය සුරැකීම පිළිබඳ යහ ආකල්පමය සිතුම්පැතුම් සහිත සංස්කෘතියක් ගොඩනැංවීම උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට පැහැර හැරිය නොහැකි නියමු කාර්යභාරයක් පැවරී ඇති බවයි.


    එමෙන් ම සොබාදහම හා පරිසරය සමඟ ඇති කරගන්නා අවියෝජනීය බැඳීම මත වර්තමානයේ අප මුහුණ පා සිටින දේශගුණික විපර්යාසයන්ගෙන් මිදී මතු පරපුර උදෙසා ගහකොළ වන බිම් ඇතුළු ස්වාභාවික පරිසරය සුරැකීමේ දීපව්‍යාප්ත කාර්යභාරය, අමාත්‍යාංශ මට්ටමින් ‘දලුලන්න ඉඩ දෙන්න’ නමින් අද දින සංකේතාත්මක ව ආරම්භ කළ බව ද අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවා ය.


    එම වැඩසටහනේ ඉදිරි පියවරයන්හි දී සියලු දෙනා දෛනික ජීවන රටාව තුළ පරිසරය හා සොබාදහම පිළිබඳ මනා විධිමත්බවකින් හා සංවේදීබවකින් කටයුතු කිරීම අපේක්ෂිත වන අතර ඒ අනුව අනවශ්‍ය ලෙස එක විදුලි පහනක් පවා නොදැල්වීම, නිකරුණේ කඩදාසි කොළයක් හෝ නාස්ති නොකිරීම, ප්ලාස්ටික් පොලිතීන් භාවිතයෙන් හැකිතාක් මිදී පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වීම වැනි හැසිරීම් මගින් අප සියලු දෙනා ද පරිසරයේ ම කොටසක් ය, යන හැඟීම සහිත ව කටයුතු කළ යුතු ව ඇති බවත් අමාත්‍යවරිය මෙහි දී පැවසී ය.


    මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, අතිරේක ලේකම් වසන්ත ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
    මාධ්‍ය ඒකකය.

    මාධ්‍ය ඒකකය.


    Upendra Lakmali

    2025-06-05
    අධ්‍යාපන
    පුවත්
  • පාසල් වාර සටහන – 2025

    පාසල් වාර සටහන – 2025
    සිංහලබාගත කරන්න
    தமிழ்බාගත කරන්න
    Englishබාගත කරන්න

    Upendra Lakmali

    2025-06-05
    අධ්‍යාපන, පාසල් කටයුතු, පාසල් කටයුතු ශාඛාව
    පුවත්
  • පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු සිදු කිරීම

    මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්, 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.

    එබැවින් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොර ව ආරක්ෂිත ව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි වලට අමතර ව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර සිසු දරුවන් හා අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙස සියලු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කර ඇත.

    ඒ අනුව සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් මෙයින් දැනුම්වත් කෙරේ.

    අදාල උපදෙස් පත්‍රය මේ සමඟ අමුණා ඇත.

    මාධ්‍ය ඒකකය.

    සිංහල ලිපියබාගත කරන්න
    Tamil Letterබාගත කරන්න

    Upendra Lakmali

    2025-06-05
    අධ්‍යාපන, පාසල් කටයුතු, පාසල් කටයුතු ශාඛාව
    විශේෂ නිවේදන
  • “ගුරු ප්‍රතිභා ප්‍රභා” ගුරු හා විදුහල්පති ඇගයීම – 2025

    “ගුරු ප්‍රතිභා ප්‍රභා” ගුරු හා විදුහල්පති ඇගයීම – 2025

    උපදෙස් සිංහලබාගත කරන්න
    Instructions Tamilබාගත කරන්න

    Upendra Lakmali

    2025-06-05
    අධ්‍යාපන
    පුවත්, විශේෂ නිවේදන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම

    ලිපියබාගත කරන්න

    Upendra Lakmali

    2025-06-05
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • නර්තන අවසන් තරගයේ කාල සටහන – 2025

    කාල සටහන බාගත කරන්න

    Upendra Lakmali

    2025-06-05
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයඳුම්පත් කැඳවීම – 2025

    නිවේදනයබාගත කරන්න
    පාසල් ලේඛනයබාගත කරන්න
    අයඳුම්පත්‍රය – සිංහලබාගත කරන්න
    අයඳුම්පත්‍රය – දෙමළබාගත කරන්න

    Upendra Lakmali

    2025-05-16
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2024

    පාසල් කඩඉම් ලකුණු

    කඩඉම් ලකුණුබාගත කරන්න

    Upendra Lakmali

    2025-03-17
    අධ්‍යාපන, පාසල් කටයුතු, පාසල් කටයුතු ශාඛාව
    විශේෂ නිවේදන
  • ලියාපදිංචි සැපයුම්කරුවන් – ලිපි ද්‍රව්‍ය

    සැපයුම්කරුවන්ගේ ලැයිස්තුවබාගන්න

    Upendra Lakmali

    2025-03-03
    අධ්‍යාපන, පාසල් කටයුතු, පාසල් කටයුතු ශාඛාව
    විශේෂ නිවේදන
  • රාජ්‍ය සේවා ප්‍රතිඥා සමගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය සමස්ත කාර්ය මණ්ඩලය නව වසරේ දී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා එක් වෙයි

    රාජ්‍ය සේවා ප්‍රතිඥා සමගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය සමස්ත කාර්ය මණ්ඩලය නව වසරේ දී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා එක් වෙයි

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය 2025 නව වර්ෂාරම්භය සනිටුහන් කර අද උදෑසන ‘ඉසුරුපාය’ පරිශ්‍රයේ දී රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කළහ.

    මේ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමගින් ද අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ. තිරසර අනාගතයක් සඳහා විසඳුම් වශයෙන් මෙරට පාලන, සමාජ, පාරිසරික හා ආර්ථික ක්ෂේත්‍රයන්හි තිරසරභාවය ඇති කිරීම උදෙසා ප්‍රධාන අරමුණු හතරක් කෙරෙහි මෙහි දී කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කෙරිණ.

    තවදුරටත් ඉවසා දරාගෙන සිටීමකින් තොර ව දූෂණයට එරෙහි වීම හා ඒ වෙනුවෙන් ඇති මහජන වගවීම හා දක්වන විශිෂ්ට ත්‍යාගශීලී ගුණය, එසේ ම පාරිසරික වගවීම හා සමාජ විඥානය පිළිබඳ මානසිකත්වයක් ඇති කරගැනීම, ස්වාභාවික සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම මගින් පිරිසිදු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික අන්තර් සම්බන්ධීකරණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් හා විධිමත් කිරීම යන ප්‍රධාන අරමුණු පිළිබඳ මෙහි දී පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදු විය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-02-26
    අධ්‍යාපන
    පුවත්
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වාර්ෂික ස්ථාන මාරුවීම් – 2025

    ආවරණ_ලිපියබාගන්න
    අභියාචනා_පෝරමයබාගන්න
    • අරක්කැමි
    උයන්නබාගන්න
    • සංවර්ධන සහකාර
    සංවර්ධන_මූල්‍යබාගන්න
    • ලේඛන සහකාර
    ලේඛන_සහකාරබාගන්න
    • රසායනාගාර සහායක
    රසායනාගාර සහායකබාගන්න
    • රසායනාගාර සහකාර
    රසායනාගාර සහකාරබාගන්න
    • පුස්තකාල සහායක
    පුස්තකාල_සහායකයාබාගන්න
    • ජලනල විදුලි
    ජලනල කාර්මික_විදුලි කාර්මිකයාබාගන්න
    • පාසල් ආරක්ෂක
    පාසල්_ආරක්ෂාවබාගන්න
    • කාර්ය සහායක
    වැඩ_සහායකයාබාගන්න
    • සේවා සහායක – සනීපාරක්ෂක
    වැඩ_සහාය_සනීපාරක්ෂකබාගන්න
    • ක්‍රිඩා පුහුණුකරු
    ක්‍රීඩා_පුහුණුකරුබාගන්න
    • ශිෂ්ය නිවාස පාලක
    නේවාසිකාගාර_පාලකබාගන්න
    • තාක්ෂණ පීඨ සහායක
    තාක්ෂණ_සහායබාගන්න

    Upendra Lakmali

    2025-01-20
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා

    Upendra Lakmali

    2025-01-17
    Uncategorized @si-lk
    පුවත්
  • පාසල්/පිරිවෙන් සිසුන්ට පාසල් උපකරණ සඳහා වවුචර්පත් ලබා දීමේ වැඩසටහන

    • ලිපිය
    කැම්ස්කැනර්01_11_2025බාගන්න
    • උපදෙස්
    ශිෂ්‍යධර_විදුහල්පති_සහ_කලාප_අධ්‍යාපන_අධ්‍යක්ෂක_මාර්ගෝපදේශ_සිංහලබාගන්න

    Upendra Lakmali

    2025-01-16
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • අයදුම්පත් කැඳවීම: ද්විභාෂා සාම අධ්‍යාපන ප්‍රවේශය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව 2024/2025

    ඇමුණුම පහතින්.

    PDF බාගන්න

    admin

    2025-01-02
    අධ්‍යාපන, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන
    විශේෂ නිවේදන
  • කුලියාපිටියේ පිහිටි ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යාලයට (NCOET) අධ්‍යාපනවේදී (BEd) උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඇතුළත් වීම – 2025

    පාඨමාලා ලැයිස්තුව (උපාධි වැඩසටහන්)

    1. ඉංජිනේරු තාක්ෂණය (ET)
    2. ජෛව පද්ධති තාක්ෂණය (BST)
    3. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT)
    4. සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ 2023
    5. කාලය: අවුරුදු 04 යි

    විස්තර: https://ncoe.moe.gov.lk/NcoeTechApp/

    අවසන් දිනය: 2025-01-10

    admin

    2025-01-02
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • විශ්වසනීය හා ආතතියෙන් තොර අධ්‍යාපනයක් ලබා දීමෙන්, නව යුගයකට සුදුසු පුරවැසියන් බවට පත්විය හැකි සිසුන් පෝෂණය කිරීමට අපි කැපවී සිටිමු.

    විශ්වසනීය හා ආතතියෙන් තොර අධ්‍යාපනයක් ලබා දීමෙන්, නව යුගයකට සුදුසු පුරවැසියන් බවට පත්විය හැකි සිසුන් පෝෂණය කිරීමට අපි කැපවී සිටිමු.
    නව පුනරුද යුගයට උචිත පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්යාපනයක් වෙනුවෙන් කැප වෙනවා
    උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය ධුරයේ වැඩ භාර ගනිමින් ආචාර්ය හරිනී අමරසූරිය අග්රාමාත්යවරිය පවසයි

    ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ – අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේ දී අභිනව රජයේ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ අමාත්ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්රාමාත්යතුමිය පැවසී ය.

    එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්යවරිය පැවසුවේ අධ්යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වන බවත් එසේ ම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ය. නව රජයේ ප්රතිපත්ති අනුව ඉහළ ප්රමුඛත්වයක් අධ්යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්යාපනය නිසි ක්රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථක ව ක්රියාත්මක කළ යුතු බවත් අමාත්යවරිය පැවසී ය. එමගින් දරුවන්ට සතුටින් අධ්යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු ව ඇති අතර ඊට අවශ්ය වන පරිදි වර්තමානයේ අධ්යාපන ක්ෂේත්රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු ව ඇති බවත් සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්යවශ්ය බවත් ඇය වැඩිදුරටත් පැවසී ය.

    අද දිනයේ දී ම අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස් එන්. කලුවැව මහතා ‘ඉසුරුපාය’ අමාත්යාංශ පරිශ්රයේ දී එම ධුරයේ වැඩ භාරගත් ගත්තේ ය.

    admin

    2025-01-02
    Uncategorized @si-lk
    පුවත්
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලයම රාජ්‍ය සේවා ප්‍රතිඥාවන්ට කැපවීමෙන් නව වසරේ ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ වැඩසටහනට එක්වෙති.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලයම රාජ්‍ය සේවා ප්‍රතිඥාවන්ට කැපවීමෙන් නව වසරේ ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ වැඩසටහනට එක්වෙති.

    අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්රධානත්වයෙන් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ කාර්ය මණ්ඩලය 2025 නව වර්ෂාරම්භය සනිටුහන් කර අද උදෑසන ‘ඉසුරුපාය’ පරිශ්රයේ දී රාජ්ය සේවා ප්රතිඥාව ලබා දීම සිදු කළහ.

    මේ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්රියාත්මක ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහන සමගින් ද අමාත්යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ. තිරසර අනාගතයක් සඳහා විසඳුම් වශයෙන් මෙරට පාලන, සමාජ, පාරිසරික හා ආර්ථික ක්ෂේත්රයන්හි තිරසරභාවය ඇති කිරීම උදෙසා ප්රධාන අරමුණු හතරක් කෙරෙහි මෙහි දී කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කෙරිණ.

    තවදුරටත් ඉවසා දරාගෙන සිටීමකින් තොර ව දූෂණයට එරෙහි වීම හා ඒ වෙනුවෙන් ඇති මහජන වගවීම හා දක්වන විශිෂ්ට ත්යාගශීලී ගුණය, එසේ ම පාරිසරික වගවීම හා සමාජ විඥානය පිළිබඳ මානසිකත්වයක් ඇති කරගැනීම, ස්වාභාවික සම්පත් භාවිතය ප්රශස්ත කිරීම මගින් පිරිසිදු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ රාජ්ය හා පෞද්ගලික අන්තර් සම්බන්ධීකරණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්රව්ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් හා විධිමත් කිරීම යන ප්රධාන අරමුණු පිළිබඳ මෙහි දී පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදු විය.

    admin

    2025-01-02
    අධ්‍යාපන
    පුවත්
  • පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලු සම්බන්ධ සාකච්ඡාවකට වෘත්තීය සංගම් නියෝජිතයන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන විද්‍යා අමාත්‍යවරයා මුණගැසේ

    පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලු සම්බන්ධ සාකච්ඡාවකට වෘත්තීය සංගම් නියෝජිතයන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන විද්‍යා අමාත්‍යවරයා මුණගැසේ

    පාසල් සංවර්ධන නිලධාරීන් මෙන් ම උපාධිධාරී ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් පාසල් සංවර්ධන නිලධාරීන් සංගම් කීපයක නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් පසුගිය දා අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ආයතනය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන්ගේ ප්‍රධානීන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.

    එහි දී සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඔවුන් ගුරු සේවයට අනුමැතිය ලබා ගැනීමේ දී ශ්‍රව්‍ය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා සභාව නිර්දේශයන්ට යටත් ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේ අදහස විය.

    අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව පැවැත්වීමට නියමිතව ඇති නියෝගයක් සඳහා ලේකම්වරයා පැවසීය. ඉතා කඩිනමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාල පුද්ගලයා සමග සාකච්චා කර ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය අමාත්‍යවරයා විසින් ද වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

    admin

    2025-01-02
    Uncategorized @si-lk
    පුවත්
Previous Page
1 2

අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

+(94) 11- 278 5141 / 142 / 143 / 144

+(94) 11- 278 5162

info@moe.gov.lk

අඩවි සංචාලන
  • අමාත්‍යාංශය ගැන
  • පුහුණු අවස්ථාව
  • චක්‍රලේඛ
  • අධ්‍යාපන සේවා
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • නිතර අසන පැන
  • අඩවි සිතියම
මාධ්‍ය මධ්‍යස්ථානය
  • පුවත්
  • විශේෂ නිවේදන
  • මාධ්ය නිකුතුව
  • සිදුවීම්
  • ඡායාරූප ගැලරිය
  • වීඩියෝ ගැලරිය

ප්‍රකාශන හිමිකම © 2024 – අධ්‍යාපන අමාත්‍යාංශය | සියලුම හිමිකම් ඇවිරිණි

සැලසුම් කර සංවර්ධනය කරන ලද්දේ:
Webcomms Global (PVT) Ltd.

නියම සහ සේවා