logo

ආචාර්‍ය එම්. එම්. වේහැල්ල මිය

අතිරේක ලේකම්, ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යසාධන සමාලෝචන

ආචාර්ය එම්. එම්. වේහැල්ල මහත්මිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිණියක වේ. ඇය නියෝජ්‍ය විදුහල්පතිවරියක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක, ජාතික අධ්‍යාපන කොමිසන් සභාවේ ලේකම් ලෙස හා අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස 1988 වසරේ සිට සේවය කර ඇති අතර වර්තමානයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යසාධන සමාලෝචන) වශයෙන් සේවය කරයි.

කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ වසර 32කට අධික අත්දැකීම් ඇයට ඇති අතර බස්නාහිර හා සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, රජයේ පාසල් හා අධ්‍යාපන අමාත්‍යංශය යන ආයතනයන්හි විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.

ආචාර්ය එම්. එම්. වේහැල්ල මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකවන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හා ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ දර්ශනපති උපාධියක් හා  එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද හිමිය.

TOP