පී. එල්. පත්මකුමාර මයා

අතිරේක ලේකම්, පාලන

පී. එල්. පත්මකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) වශයෙන් කටයුතු කරයි. පරිපාලන හා සංවර්ධන ක්‍ෂේත්‍රයේ වසර විස්සක (20) පළපුරුද්දක් ඇති ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. ඔහු 2000 වසරේ දී අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස රාජ්‍ය පරිපාලනය ක්ෂේත්‍රය තුළ තම සේවය ආරම්භ කර තිබේ. එතැන් පටන් ඔහු ප්‍රාදේශීය, දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ මට්ටමින් සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ, සහකාර පාලක, නියෝජ්‍ය පාලක, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ අධ්‍යක්ෂ ලෙස විවිධ තරාතිරම් යටතේ සේවය කර ඇත.
පී. එල්. පත්මකුමාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සමාජ විද්‍යාව) උපාධිධාරියෙකු වන අතර කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව) උපාධියක් ද, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා තිබේ. 
TOP