අයි.එම්.ඒ.බී.ඉලංගසිංහ මයා

අතිරේක ලේකම්, අධ්‍යාපන සේවා ආයතන

නිතීඥ, ආචාර්ය අයි.එම්.කේ.බි. ඉලංගසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්         (අධ්‍යාපන සේවා ආයතන ) ලෙසට රාජකාරී කටයුතු කරනු ලබයි. ඔහු 1988 වර්ෂයේදී  ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පළමුවර විවෘත තරඟ විභාගයෙන් බඳවා ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. එමෙන්ම,  2015  ජුලි  මස  01  වන දින සිට  ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙසට කටයුතු කරයි. ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බල සේනාවේ ලුතිනන් කර්නල්වරයෙකු, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු හා අධ්‍යාපනය පිළිබදව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා ගෙන ඇති නිලධරයෙකි. ඔහු  දිවයිනේ ප්‍රධාන පාසල් කීපයකම විදුහල්පතිවරයෙකු ලෙසට ද කලාප අධ්‍යාපන කාර්යාලවල  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා පළාත් අධ්‍යාපන කාර්යාලවල  අතිරේක ‍පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ  අධ්‍යාපන අධ්‍යක්ෂ ආදි තනතුරුවල වර්ෂ කීහිපයක්ම සේවය කර අත්දැකීම් ලබා ඇත. තවද,  ජාතික අධ්‍යාපන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ගුරු අධ්‍යාපන හා නියෝජ්‍ය  අධ්‍යක්ෂ  ජනරාල් , අධ්‍යාපන නායකත්ව සංවර්ධන ආයතනය මීපේ මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු කර ඇති ඔහු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයෙකු  ලෙසට  ද සේවය කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගෙන ඇති ඉලංගසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩි‍ප්ලෝමාව, අධ්‍යාපනපති පශ්චාත් උපාධිය, අධ්‍යාපන දර්ශනපති පශ්චාත් උපාධිය හා එම විශ්ව විද්‍යාලයෙන්ම අධ්‍යාපන දර්ශන ශුරී  උපාධිය ලබා ගෙන ඇත. එමෙන්ම  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන කළමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද , මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් ද පශ්චාත් උපාධි අධ්‍යාපන කළමණාකරණ ඩිප්ලෝමාව ද ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී  උපාධිය  හා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන්  පරීක්ෂණ සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙසට ද නොතාරිස්වරයෙකු හා දිවුරුම් කොමසාරිස්වරයෙකු ද ලෙසට ද කටයුතු  කරනු ලබයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය  හා භාණ්ඩ සමීක්ෂණ පැවැත්විම, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය හා එහි ආරම්භය හා විකාශය, මුලික විමර්ශන පැවැත්වීම, විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීම හා සාක්ෂි මෙහෙයවීම යන මාතෘකා ඔස්සේ ග්‍රන්ථ 04 ක් ද රචනා කර ඇති නිලධරයෙකි.

TOP