logo

ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහත

අතිරේක ලේකම්, අධ්‍යාපන සේවා ආයතන

ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වේ. ඔහු සහකාර කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, කොමසාරිස්වරයෙකු සහ විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු වශයෙන් 1988 සිට සේවය කර ඇති අතර වර්තමානයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) වශයෙන් සේවය කරයි.

කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ වසර 32කට වඩා අත්දැකීම් ඔහු සතුවන අතර අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තුළ විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.

ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදි (විශේෂ) උපාධිධරයෙක්වන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් විශ්වවිද්‍යාලයේ තක්සේරුකරණය සහ ඇගයීම පිළිබඳ පශ්චාත් උපාධියක් සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමිය.

TOP