පී. කේ. එස්. සුභෝදිනි මිය

අතිරේක ලේකම්, ආයතන

පී. කේ. එස්. සුභෝදිනි මහත්මිය යනු කළමනාකරණය හා පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි වසර 20කට අධික අත්දැකීම් සහිත ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක ලෙස ඇය තම සේවය අරඹා ඇත. එතැන් පටන්, තැපැල් හා විදුලි සංදේශන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, සමාජ සේවා අමාත්‍යංශය, අමාත්‍යමණ්ඩල කාර්යාලය, මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරු දරා ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයට සම්බන්ධ වීමට පෙර ඇය ජාතික අධ්‍යාපන ආයතනයෙහි වසර තුනක කාලයක් සේවය කර ඇත.

පී. කේ. එස්. සුභෝදිනි මහත්මිය රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධි ධාරිනියකි. එමෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ විද්‍යාපති උපාධියක් ද කොළඹ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ආර්ථික විද්‍යාව හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිය.

TOP