ප්‍රසම්පාදන හා ඉදිකිරීම්

දේවිකා ලියනගේ මිය

අතිරේක ලේකම් ප්‍රසම්පාදන හා ඉදිකිරීම්

දැක්ම සහ මෙහෙවර

දැක්ම

අධ්‍යාපන ආයතනවල ප්‍රජාව සඳහා ආරක්ෂිත හා සුවපහසු ගොඩනැඟිලි පරිසරයක් ඇති කිරීම.

මෙහෙවර

අභිමානවත් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හා ජාතික ඒකාග්‍රතාව පවත්වාගෙන යාමෙහිලා ඵලදායීව දායකවීමට සිය ශක්‍යතා උපරිම මට්ටමින් සාක්ශාත් කර ගැනීමේ පූර්ණ අවස්ථා හැම පුරවැසියකු වෙත ම සලසා දිය හැකි අන්දමින් දැනුම, කුසලතා, ආකල්ප හා සාරධර්ම සංවර්ධනය කෙරෙන විශ්ව ප්‍රවණතාවන්ට සම්මුත්ක අධ්‍යාපන පද්ධතියක් වර්ධනය කොට ක්‍රියාත්මක කිරීම

ශාඛාවේ කාර්යයන්

මිලදී ගැනීමේ කාර්යයන්: පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (NCOE), ගුරු පුහුණු විද්යාල (TC) ආදිය.පළාත් අධ්‍යාපන හා ඉංජිනේරු දෙපාර්තමේන්තු වල සහාය ඇතිව සහ ව්‍යාපෘති කාර්යාලය 'ළඟම පාසල හොඳම පාසල' (NSBS)

ඉදිකිරීම්, අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු සඳහා චක්‍රලේඛ සහ අත්පොත්

දැක්ම සහ මෙහෙවර

දැක්ම

අධ්‍යාපන පද්ධතියේ පාසල් හා ආයතනවල ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ඉගෙනුම් උපකරණ ගබඩා තුළ රැදෙන කාලය හැකිතාක් දුරට අවම කර ගුණාත්මක භාවයෙන් කිසිදු අඩුවක් නොවන පරිදි අප්‍රමාද ව නියමිත ස්ථාන වෙත සපයා දීමේ අධ්‍යාපනික සේවාව ප්‍රශස්ථ මට්ටමකින් ඉටු කරලීම

මෙහෙවර

සාමාන්‍ය ඉගෙනුම් උපකරණ දිවයිනේ සියලු ම ජාතික පාසල් වෙතත්, සුවිශේෂී ඉගෙනුම් උපකරණ පළාත්/ කලාප අධ්‍යාපන බලධාරීන් සම්බන්ධීකරණයෙන් යුතු ව නියමිත සියලු ම පාසල් වෙත හා විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන ආදී අධ්‍යාපන ආයතන වෙත ඉහත දැක්මෙන් යුතු ව බෙදා දීම

ශාඛාවේ කාර්යයන්

සැපයීම් ශාඛාව හා සම්බන්ධීකරණ ජාලය පහත සඳහන් කාර්යයන් ඉටු කිරීමෙහිලා සමගාමිව කටයුතු කළ යුතුව ඇත. පාසල් පද්ධතිය තුළ විෂය මාලාව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව ක්‍රියාත්මක කිරිම සඳහා විෂය අධ්‍යක්ෂවරුන් විසින් ඉගෙනුම් උපකරණ අවශ්‍යතා ගණනය කර ඉන් රේඛිය අමාත්‍යාංශය මගින් මිල දී ගෙන බෙදා හරිනු ලබන භාණ්ඩ තීරණය කිරීමෙන් අනතුරු ව ප්‍රසම්පාදන ඒකකය හරහා ඇණවුම් කර මිල දී ගැනීම සිදු කෙරේ. එම ඉගෙනුම් උපකරණ උචිත අන්දමින් ගබඩාකරණය කිරීම පිණිස පහසුකම් සලසාදීමත්, තත්ත්ව පරීක්ෂණ මණ්ඩලයෙන් අනුමත වූ පසු විධිමත් පරිදි ගබඩාවට භාර ගන්නා භාණ්ඩ අදාළ විෂය අධ්‍යක්ෂවරුන් විසින් ලබා දෙනු ලබන ලැස්තුවලට අදාළ පාසල්, ආයතන වෙත නියමිත කාලය තුළ බෙදා හැරීමත් ශාඛාවේ ප්‍රධාන වගකීම වේ. ඒ සඳහා කටයුතු සංවිධානය කිරීමත්, අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් සලසා ගනිමින් ජාතික පාසල් වෙත ද විශේෂ තත්ත්ව යටතේ පළාත් හා කලාප මනා සම්බන්ධිකරණයෙන් යුතුව පළාත් පාසල් වෙත ද භාණ්ඩ සැපයීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමත් මීට අයත් වේ.

ඒ සඳහා,
* ඒ ඒ භාණ්ඩයේ ගුණාත්මකභාවය රැකෙන පරිදි ඇසිරීම් කිරීමත්
* වටිනාකමින් වැඩි හා විශේෂ භාණ්ඩ සඳහා විශේෂිත ආරක්ෂා තත්ත්ව තහවුරු කිරීමත්
* සීමිත මානව සම්පත් හා ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් අදාළ භාණ්ඩ අවශ්‍ය ස්ථානයන්ට අවශ්‍ය වේලාවට සැපයීමත්
පැහැදිලි අවබෝධයෙන් හා සම්බන්ධීකරණයෙන් යුතුව සැලසුම් සහගතව සිදුකළ යුතු ය.

TOP