ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යසාධන සමාලෝචන

බී.එම්.වීරසූරිය මිය

අතිරේක ලේකම්, ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යසාධන සමාලෝචන

දැක්ම හා මෙහෙවර

දැක්ම

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සම-සාධාරණත්වය (equity), ගුණාත්මකභාවය (quality) සහ කාර්යක්ෂමතාවය (efficiency) තහවුරු කෙරෙන ප්‍රතිපත්තිමය රාමුවක් හා ඊට යාදෙන සැලසුම් සංස්කෘතියක්.

මෙහෙවර

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, සම-සාධාරණත්වය, ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය තහවුරු කෙරෙන පරිදි අධ්‍යාපන පද්ධතිය සඳහා ක්‍රියාකාරී ප්‍රතිපත්ති හඳුනාගැනීම හා එම ප්‍රතිපත්ති මත පිහිටා, පද්ධතියේ උන්නතිය උදෙසා හඳුනාගනු ලබන අරමුණු ඔස්සේ දිගුකාලීන, මධ්‍යකාලීන හා අවස්ථානුකූල ක්‍රමෝපායික සැලසුම්, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට සහයවීම

කාර්යයන්

පවත්නා අධ්‍යාපන ප්‍රතිපත්ති විග්‍රහ කිරීම, විශ්ලේෂණය කිරීම:

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ සම-සාධාරණත්වය ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය සම්බන්ධව පවත්නා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම, ඒවා සාධාරණිකරණය සහ ඊට අවශ්‍ය සංශෝධන හඳුනා ගැනීම සහ ප්‍රධාන වශයෙන්ම පවත්නා විෂමතා තුරන් කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා ප්‍රතිපත්ති විශ්ලේෂණ සිදු කිරීම

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජන ඉහළ නැංවීම සඳහා අදාළ දේශිය හා විදේශීය පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීම, විදේශාධාර ලබා ගැනීම හා ආයෝජනය කිරීම සම්බන්ධ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කටයුතු ඉටු කිරීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

ජාතික අධ්‍යාපන අරමුණු කරා ළඟාවීම තහවුරු කෙරෙන විශිෂ්ඨ නියාමන හා කාර්යසාධන සමාලෝචන පද්ධතියක් ස්ථාපිත කිරීම

මෙහෙවර

අධ්‍යාපන සැලසුම් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම තහවුරු කිරීම සඳහා සියලුම අංශයන්හි ප්‍රගතියට අදාළව තොරතුරු නිරන්තරව එකතු කිරීම, ඇගයීම, විශ්ලේෂණය හා එම තොරතුරු, තීරණ ගනු ලබන පාර්ශවයන් වෙත යොමු කිරීම හා ඒ මත ගැටලු හඳුනාගැනීම හා ක්‍රමෝපාය හා ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා සියලුම පාර්ශවයන් දිරිමත් කිරීම

කාර්යයන්

කාර්යක්ෂම සැලසුම්කරණය හා නව ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වූ සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීම උදෙසා විද්‍යාත්මක, ක්‍රමානුකූල තොරතුරු සැපයීම

සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ජාතික ප්‍රතිපත්තින්, අවශ්‍යතා හා අරමුණු කරා එළැඹීම තහවුරු කෙරෙන අයුරින් අදාළ පාර්ශව සමග ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත් වීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

සැමට අධ්‍යාපනය අරමුණු රටට අදාළ ක්‍රියාකාරකම් නියාමනය සම්බන්ධීකරණය, සැලසුම් කිරීම හා අවශ්‍ය ප්‍රතිපත්තීන් සඳහා දිශාභිමුඛ කිරීම

මෙහෙවර

සැමට අධ්‍යාපනය ලබාදීම සඳහා පවතින බාධක හඳුනාගැනීම සහ එසේ හඳුනාගත් බාධක අවම කර වසර 2015 දී සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තහවුරු කිරීම

කාර්යයන්

සැමට අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති තීරණය කිරීම සදහා අදාළ පාර්ශව සමඟ සම්බන්ධීකරණය

ජාතික අධ්‍යාපන සැලසුම්වල සැමට අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළත් කිරීම සඳහා අදාළ අංශ සමග සම්බන්ධීකරණය/li>

දැක්ම හා මෙහෙවර

දැක්ම

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සහතික කිරීම සඳහා පහසුකම් සැලසීම

මෙහෙවර

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සහතික කිරීම සඳහා පහසුකම් සැලසීම.

දැක්ම

මෙහෙවර

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙවර කරා ළඟාවීම පිණිස හා පසු විපරම් සදහා අවශ්‍ය සාමාන්‍ය අධ්‍යාපන තොරතුරු රැස්කිරීම, යාවත්කාලීනව පවත්වාගෙන යාම හා අදාළ පාර්ශවකරුවන් වෙත ලබාදීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

අධ්‍යාපන අමාත්‍යංශයේ පරමාර්ථ ප්‍රශස්ථ ආකාරයට ළගා කර ගැනීමට හැකිවන පරිදි සියලු මානව සම්පත්වල නිපුණතාවන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම

මෙහෙවර

පවත්නා මානව සම්පත්වල නිපුණතා හා ඌණතා අතර පරතරය හඳුනාගනිමින් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබා දෙමින් මානව සම්පත් කළමනාකරණ මූලධර්ම හා විධිමත් සැලසුම් සහගත මානව සම්පත් සංවර්ධන ප්‍රතිපත්තියක් ගොඩ නගා ඒ අනුව අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන්, විදුහල්පතිවරු ඇතුළු සියලු මානව සම්පත්වල නිපුණතා ධාරිතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය අධ්‍යයන, සැලසුම් හා මෙහෙයවීම් සිදු කිරීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

ජාත්‍යන්තරයෙන් උකහා ගත හැකි සියලු යහපත් අධ්‍යාපනික ක්‍රියාවලි තුළින් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සංවර්ධනය කරා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රඳවමින් ජාත්‍යන්තර සමාජය තුළ විශිෂ්ඨත්වය කරා එළැඹීම

මෙහවර

ජාත්‍යන්තර අධ්‍යාපන නවීකරණයන් තුළින් මෙරට සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ වෘත්තිකයන් සංවර්ධනය පදනම් කරගත් විදේශ ක්‍රියාකාරකම් වෙත යොමු කොට එතුළින් ක්ෂේත්‍රය තුළ සමස්ථ වෘත්තීය සංවර්ධනයක් ඇති කර ජාත්‍යන්තර ප්‍රවනතාවන්ට සරිලන දක්ෂ පුරවැසියන් බිහි කිරීම

කාර්යයන්

TOP