අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන

ගයාත්‍රි අබේගුණසේකර මිය

අතිරේක ලේකම්, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන

 

 

 

 

දැක්ම හා මෙහෙවර

දැක්ම

සමබර පෞරුෂයකින් හෙබි ක්‍රීඩාශීලී හා සෞඛ්‍යය සම්පන්න පුරවැසියකු රටට නිර්මාණය කිරීම.

මෙහෙවර

ජාතික සහ අන්තර් ජාතික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි ජයග්‍රාහී, සෞඛ්‍යය සම්පන්න පුරවැසියකු නිර්මාණය කිරීම.

ශාඛාවේ කාර්යයන්

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන විෂයය පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කිරීම, විෂයට අදාළ මාර්ගෝපදේශ, අත්පොත් සකස් කර ලබාදීම මගින් ක්‍රීඩා ප්‍රවර්ධනයට කටයුතු කිරීම

සෑම සිසුවකුම ක්‍රීඩාවක / විෂය සමගාමී ක්‍රියාකාරකමක යෙදවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම.

සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලිය වාර්ෂිකව පැවැත්විම.

සිසුනට ක්‍රීඩා අවස්ථා ලබාදීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ක්‍රමවත්ව පවත්වාගෙන යාම.

නිලධාරීන්, ගුරු උපදේශකවරුන්, ක්‍රීඩා ගුරුවරුන්, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වෘත්තීය හා ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියා කිරීම.

ක්‍රීඩා දක්ෂතා සහිත දරුවන් සඳහා විශේෂ ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට කටයුතු කිරීම.

දේශීය සහ විදේශිය ක්‍රීඩා තරග සදහා නිර්දේශ / අනුමැතිය ලබාදීම හා නියාමනය.

ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික ක්‍රීඩා සංගම්, ආසියානු පාසල් ක්‍රීඩා සභාව [ASSF] සහ අන්තර් ජාතික පාසල් ක්‍රීඩා සම්මේලනය [ISF] සමග සහ සම්බන්ධව කටයුතු කිරීම.

සමස්ත සිසු ප්‍රජාව ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වල නිරත කරවීම.

කායික, මානසික චිත්තවේගික සමබරතාවය සදහා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

පාසල් ක්‍රීඩා සභාව ක්‍රියාත්මකව පවත්වා ගනිමින් ක්‍රීඩා සංගම් නියාමනය සහ අධික්ෂණය.

ක්‍රීඩා දක්ෂතා සහිත දරුවන් සදහා දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කර ඇති ක්‍රීඩා පාසල් සාර්ථකව හා ඵලදායීව පවත්වාගෙන යාමට අවැසි සහාය ලබාදීම, නියාමනය සහ අධීක්ෂණය

ක්‍රීඩා දක්ෂතා ඇති සිසුන් ඇගයීම සඳහා වර්ණ ප්‍රදාන උත්සවය ක්‍රීඩා සභාව මගින් වාර්ෂිකව සංවීධානය කරවීම.

පාසල්වලට ක්‍රීඩා උපකරණ ලබා දීමට, පහසුකම් ලබා දීමට කටයුතු කිරීම.

ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රීඩා වැඩ සටහන් සකස් කිරීම.

අරමුණු

නිරෝගිමත්ව ජීවත්වීමට අවැසි දැනුම ලබාදීම හා හුරු පුරුදු ඇති කිරීම.

ශාරීරික අධ්‍යාපනය, සාමාජීය වෘත්තිමය කායික හා මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීම උදෙසා පාසල්වල ඉගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම.

ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන්ගේ තොරතුරු පද්ධතියක් සකස් කිරීම.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ යහපත් ආකල්ප සිසුන් තුළ වර්ධනය කිරීම.

ක්‍රීඩාවලින් සුවිශේෂ දක්ෂතා දක්වන සිසුන් ඇගයීම.

දැක්ම හා මෙහෙවර

දැක්ම

සංස්කෘතික හා භාෂාමය වශයෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාව රැකගත් ජාතික සමගිය ස්ථාපිත කෙරෙන අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන අනාගත පරපුරක්

මෙහෙවර

චතුර්විධ භාෂා කුසලතාවන් ප්‍රවීණත්වයට පත් කිරීමෙන් හා සමාජ විද්‍යා විෂයයන් මගින් සංස්කෘතිය පවරාදීමෙන් දේශීය වටිනාකම් අගය කරන ජාතික අනන්‍යතාව සුරැකීමට හා අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සමත් දේශමාමක සිසු පරපුරක් බිහි කිරීම

ශාඛාවේ කාර්යයන්

6 සිට 13 ශ්‍රේණි දක්වා සිසු දරුවන් මවුබස හා චතුර්විධ භාෂා කුසලතා ප්‍රවීණත්වයට පත් කිරීම

ජාතික භාෂාව හා මානව ශාස්ත්‍ර විෂයයන් ඉගැන්විමේ ගුණාත්මක බව වර්ධනය කිරීම තුළින් සිසු සාධනය ඉහළ නැංවීම

සිසු දරු දැරියන්ගේ වින්දන ශක්තිය දියුණු කිරීම

දේශීය සංස්කෘතිකාංග හා ජාතික සමගිය අගයන අනාගත අභියෝගවලට සාර්ථක ව මුහුණ දිය හැකි සිසු පරපුරක් බිහි කිරීම

දැක්ම

දැක්ම

රජයේ පාසල්වල සියලු සිසුන් ඉංග්‍රීසි සහ විදේශ භාෂා සම්බන්ධ සාක්ෂරතාව හා නිපුණතා වැඩිදියුණු කරගැනීම තුළින් දේශීයව හා ජාත්‍යන්තරව ඵලදායීතාවෙන් සන්නද්ධ වූ සම්පූර්ණ පුරවැසියන් බවට පත් කිරීම ඉංග්‍රීසි සහ විදේශ භාෂා ශාඛාවේ ප්‍රධාන අරමුණ වේ

ශාඛාවේ කාර්යයන්

ශ්‍රී ලංකාවේ පාසල්වල ඉංග්‍රීසි හා විදේශ භාෂාවන් පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගැනීම

ප්‍රාදේශීය ඉංග්‍රීසි උපකාරක මධ්‍යස්ථාන සඳහා ප්‍රතිපාදන ලබාදීම හා නියාමනය

ඉංග්‍රීසි හා විදේශීය භාෂා ධාරිතා සංවර්ධන වැඩසටහන්

ලෝක බැංකු GEMP-ELLE වැඩසටහන ක්‍රියාත්මක කිරීම

අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන

පළාත් හා කලාපවල ඉංග්‍රීසි හා විදේශීය භාෂා වැඩසටහන් නියාමනය

ජාතික මට්ටමේ ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරග පැවැත් වීම

බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග ක්‍රියාත්මක කරනු (iTESL) ලබන ඉංග්‍රිසී ගුරු සංවර්ධන ව්‍යාපෘතිය

US Peace Corps ස්වේච්ඡා ඉංග්‍රීසී අධ්‍යාපන වැඩසටහන සම්බන්ධීකරණය

ඉංග්‍රිසි සාහිත්‍ය ධාරිතා සංවර්ධන වැඩසටහන්

දැක්ම හා මෙහෙවර

දැක්ම

ගුණාත්මක සමාජයක් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක්

මෙහෙවර

නිපුණතා හා ප්‍රමිති පදනම් කර ගෙන අභ්‍යන්තර හා බාහිර ඇඟයීම් ක්‍රියාවලිය ශක්තිමත් කරමින් පාසල් පද්ධතියේ භෞතික හා මානව සම්පත්වල ගුණාත්මක බව තහවරු කිරීම සඳහා කළමණාකරන හා ඇඟයීම් නියාමන යාන්ත්‍රණය දිශානුගත කිරීම

ශාඛාවේ කාර්යයන්

පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන පිරිස් සඳහා නිපුණතා පාදක ප්‍රමිතීන් හඳුනා ගැනීම

ගොඩනැගිලි, ලී බඩු උපකරණ, පරිගණක, පොත්පත් හා රසායන ද්‍රව්‍ය ආදී භෞතික යෙදවුම් පිළිබඳව ප්‍රමිතීන් රැස්කිරීම හෝ හඳුනාගෙන පද්ධතියට ඉදිරිපත් කිරීම හා ඇගයීම් සඳහා උපයෝගී කර ගැනීම

ප්‍රමිතීන් පිළිබඳ නිර්ණායක හෝ දර්ශක සකස් කිරීම

පාසල්වල අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලියක් පද්ධතියට හඳුන්වාදීම

සුවිශේෂ අරමුණු

දැක්ම හා මෙහෙවර

දැක්ම

ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් උදෙසා ජාතික හා පළාත් මට්ටමේ සම්බන්ධීකරණයෙන් යුක්තව අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් දියත් කිරීම

මෙහෙවර

පළාත් හා ජාතික මට්ටමින් විෂයය සංවර්ධනය උදෙසා කෙරෙන කටයුතුවල ඒකමතිකබව ඇති කිරීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය රාජකාරී කටයුතු කිරීම

ශාඛාවේ කාර්යයන්

විෂය සංවර්ධනය සඳහා ජාතික හා පළාත් මට්ටමින් සම්බන්ධීකරණය පවත්වාගෙන යාම

එක් දිනකට නිල කටයුතු සඳහා මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

ආගම ධර්මය කෙරෙහි මනා විශ්වාසයකින් හා ගෞරවයකින් යුක්ත එම ඉගැන්වීම් චරිතායනය කරගත් සාරධර්මවලින් පිරිපුන් අනාගත පරපුරක් බිහි කිරීම

මෙහෙවර

ස්වකීය ආගම ධර්මයට අනුව ජීවිතය හැඩගසා ගනිමින් ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට ආගමික ඉගැන්වීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒවා ප්‍රගුණ කිරීම තුළින් යහපත් සමාජ සංස්ථාවක් බිහි කිරීම හා සමාජ සම්මත සාම්ප්‍රදායික සිරිත් විරිත් හා ගුණධර්ම සමාජයට හිතකර වන අයුරින් ආරක්ෂා කර ගනිමින් තම ජීවිතය හා අන් අයගේ ජීවිත වාසනාවන්ත කිරීම සඳහා ක්‍රමෝපායයන් යෙදීම

ශාඛාවේ කාර්යයන්

ආගමික විෂයය සංවර්ධනය අරමුණු කරගත් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

සිසුන්ගේ සාරධර්ම වර්ධනය සඳහා ධාරිතා සංවර්ධනය

විශේෂිත වූ ආගමික උත්සව සංවිධානය කිරීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

අනාගත වාණිජ ලෝකයට අනුගත විය හැකි ලෙසින් දැනුමින් හා වෘත්තීය කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වූ ගුණයහපත් ශ්‍රී ලාංකිකයන් බිහිකිරීම

මෙහෙවර

වාණිජ ලෝකයේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික හා සමාජයීය සංවර්ධනය උදෙසා වාණිජ අධ්‍යාපනය පිළිබඳ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාවන් සම්පාදනය කිරීම තුළින් සිසු විභව ශක්ති මතුකිරීම

විෂයයන්

අ.පො.ස.(උසස් පෙළ) වාණිජ විෂය ධාරාවේ විෂයයන්

1.ගිණුම්කරණය 2.ව්‍යාපාර අධ්‍යයනය 3.ආර්ථික විද්‍යාව 4.ව්‍යාපාර සංඛ්‍යානය

අ.පො.ස.(සා.පෙ) විෂයයන්

1.ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 2.ව්‍යවසායකත්ව අධ්‍යයනය

1.කාර්ය සිද්ධි කළමණාකරණය 2.ව්‍යවසායකත්ව කුසලතා

කාර්යයන්

ඉහත විෂයයන් 08 හි ඉගෙනුම්,ඉගැන්වීම්, ඇගයීම් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම.

* ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් * විෂය අධ්‍යක්ෂවරු දැනුවත් කිරීම මෙහෙයවීම උපදෙස් දීම හා ප්‍රගතිය පරීක්ෂා කිරීම. * ප්‍රශ්න බැංකුව

දරුවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කිරීම සඳහා විෂය සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* රැකියා බැංකුව * ව්‍යවසායකත්ව සංගම් * ව්‍යවසායකත්ව විෂයයන් සඳහා ව්‍යාපෘති * ප්‍රදර්ශන පැවැත්වීම

* කාර්ය සිද්ධි කළමණාකරණය,ව්‍යවසායකත්ව කුසලතා විෂය ඇතුළු වෘත්තීය විෂයයන් සඳහා NVQ 4 ලබා දීම. * කලාප මට්ටමින් ශිෂ්‍ය කඳවුරු, පාසල් මට්ටමින් වාණිජ සතිය හා වාණිජ දිනය පැවැත්වීම

වාණිජ විෂය ක්ෂේත්‍රයට අදාල විවිධ වෘත්තීය ආයතන සම්බන්ධීකරණය තුළින් ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා ලබාදීම.

* ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය- හොඳම වාර්ෂික වාර්තාව හා මුල්‍ය ප්‍රකාශන තරගාවලිය. *ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය *සහතිකලත් කළමණාකරණ ගණකාධිකාරී ආයතනය. * වරලත් කළමණාකරණ ගණකාධිකාරී ආයතනය * ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය * ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව/කොටස් වෙළඳපොළ * ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය * ශ්‍රී ලංකා මහ බැංකුව * දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

* ඉගෙනුම් උපකරණ නිර්මාණය කිරීම. * වාණිජ සගරාවක් නිර්මාණය කිරීම. * අත්පත්‍රිකා සකස් කිරීම.

දැක්ම හා මෙහෙවර

දැක්ම

වින්දනීයත්වයෙන් පරිපූර්ණ මානවයකු අනාගත ප්‍රජාවට දායාද කිරීම

මෙහෙවර

පාසල් ශිෂ්‍යයා/ ශිෂ්‍යාව මනා හැදියාවකින් යුතු ඔවුනොවුන් අතර අන්‍යොන්‍ය සුහදතාවකින් හෙබි වින්දනාත්මක වූත්, අර්ථාන්විත වූත් දරුවකු ලෙස සමාජගත කරවීම ත්, ඔවුන් වටා පෙළගැසී සිටින ගුරු භවතුන් දැනුමින්, කුසලතාවෙන් පිරිපුන් දයාබරිත පුද්ගලයන් ලෙස පාසල් ප්‍රජාව ඉදිරියේ සන්නද්ධ කරවීම ත්, එතුළින් සුයහපත් සමාජයක් බිහි කිරීම

ශාඛාවේ කාර්යයන්

චිත්‍ර කලාව, නර්තනය (සිංහල, භරත), සංගීතය (පෙරදිග, බටහිර), නාට්‍ය හා රංගකලාව (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) යන සෞන්දර්ය විෂයයන් හදාරන සිසුනට පූර්ණ හැකියාවන් අත්පත් කරදීම සඳහා අධ්‍යාපන ගුණාත්මක භාවයේ අඛණ්ඩ ප්‍රවර්ධනයට දායක වීම

ගුරුභවතුන්ගේ ධාරිතා සංවර්ධනය තුළින් උසස් අධ්‍යාපනික සාධනයක් ඇති කරවීම

නිපුණතා වලින් පිරිපුන් සුයහපත් සමාජයකට අවශ්‍ය අඩිතාලම සකස්කර දීම

පාසල් විෂයමාලාව ශිෂ්‍යයාගේ අධ්‍යාපනික සාධනය ප්‍රවර්ධනය වන ආකාරයෙන් වඩාත් ගුණාත්මක ලෙස නිර්මාණය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයට අවශ්‍ය සහය ලබා දීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

භාෂා විවිධත්වය තුළින් ලෝකය ගවේෂණය සඳහා නිම් වළලු පුළුල් කිරීම

මෙහෙවර

ඉංග්‍රීසි භාෂාව මෙවලමක් ලෙස භාවිත කරමින් හා ශ්‍රී ලාංකික අනන්‍යතාව නියෝජනය කරමින් බහු භාෂාවන් ප්‍රගුණ කිරීම (අවම වශයෙන් ද්විභාෂා) සඳහා අනාගත පරපුර සවිබල ගැන්වීම

ශාඛාවේ කාර්යයන්

ද්වි භාෂා අධ්‍යාපන වැඩසටහන සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දී සැලකිල්ලට ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවල දී පවතින ගැටලු හඳුනා ගනිමින් සංකල්ප පත්‍රිකා සකස් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසම සමඟ සම්බන්ධීකරණය

ද්වි භාෂා අධ්‍යාපන වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාත්මක ක්‍රමවේදයක් සකස් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම

ද්වි භාෂා වැඩසටහන හා සම්බන්ධ දත්ත හා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම

ගුරුවරුන්, නිලධාරීන් හා සම්පත්දායකයින්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව ක්‍රියාත්මක කිරීම

ගුරු ක්‍රියාකාරකම් සඳහා මාර්ගෝපදේශ සැපයීම

අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු

දැක්ම

කෘෂි කර්ම හා තාක්ෂණ අධ්‍යාපනය තුළින් තිරසාර සංවර්ධනය

මෙහෙවර

කෘෂි කර්ම හා ජෛව පද්ධති තාක්ෂණය පිළිබඳව තිරසාර,නිර්මාණශීලී හා ධනාත්මක ආකල්ප දරමින් දැනුම හා කුසලතාවලින් පරිපුර්ණ වූ අනාගත පරපුරක් නිර්මාණය කිරීම.

අරමුණු

කෘෂිකර්ම හා ජෛව තාක්ෂණය යන අංශවල තිරසාර සංවර්ධනයට දායක විම.

වෙනස්විම් වලට අනුවර්තනය වෙමින් නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද හඳුනා ගෙන ක්‍රියාත්මක කිරිමට යොමුවන තරුණ පරපුරක් බිහි කිරීම.

කෘෂි හා ජෛව තාක්ෂණ ක්ෂේත්‍ර සඳහා උචිත පාරම්පරික දේශීය තාක්ෂණික ක්‍රම භාවිතය දිරි ගැන්වීම.

අනාගත පරපුර කෘෂි හා ජෛව පද්ධති තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල වෘත්තීන් හා ව්‍යවසාය වෙත යොමු කිරීම.

කෘෂිකර්ම හා ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ සාධනීය හා අඛණ්ඩ සංවර්ධනයට දායක වීම.

කාර්යයන්

කෘෂිකර්මය හා ජෛව පද්ධති තාක්ෂණවේදය පිළිබඳ අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම

කෘෂිකර්මය හා ජෛව තාක්ෂණවේදය විෂයයන්හි ගුණාත්මක භාවයට අදාළ ප්‍රමිති පවත්වා ගෙන යාම සහ විෂය සංවර්ධනයට අදාළ කාර්ය සංවිධානය (අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම,භෞතික හා මානව සම්පත් සපයා දීම, මානව සම්පත් සංවර්ධනය ආදිය

අදාල දත්ත හා තොරතුරු රැස්කිරීම,ගැටළු හඳුනාගැනීම හා ප්‍රතිකාර්ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා කරවීමේ (ධාරිතා සංවර්ධන වැඩසටහන්, පුරප්පාඩු පිරවිමට ක්‍රියා කිරීම ආදිය)

කෘෂිකර්ම හා ජෛව පද්ධති තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳව වාර්ෂික සැලසුම් සකස් කිරීම ක්‍රියාත්මක කිරීම/ කරවීම හා නියාමනය

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග එක්ව විෂයන්ට අදාළ තරග ප්‍රදර්ශන, ව්‍යාපෘති හා ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම/කරවීම හා නියාමනය

- පරිසරයේ යහ පැවැත්ම උදෙසා පරිසර නිරීක්සණයට හා දත්ත විශ්ලේෂණයට සිසුන් යොමු කිරීමේ ග්ලෝබ් පරිසර අධ්‍යයන වැඩසටහන - පරිසර අධිකාරිය මෙහෙයවන පරිසර නියමු හා පරිසර ළමා සමාජ වැඩසටහන - හරිත පාසල්, පාසල් වගා ආදර්ශන,පාසල් ඔසු උයන්,රුක්රෝපණ ආදී වැඩසටහන් - ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ජාතික කාෂිකර්ම හා පරිසර සංරක්ෂණ වැඩසටහන් - පෞද්ගලික ආයතන සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන "ECO GO BEYOND" වැනි තිරසර සංවර්ධන වැඩසටහන්, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් හා තෙත් බිම් සුරැකීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්

දැක්ම හා මෙහෙවර

දැක්ම

ජාතික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිපුනතාවලින් පරිපූර්ණ අනාගත වැඩ ලෝකයේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි පුරවැසියකු බිහි කරන ඉගෙනුම් සංස්කෘතියක් ඇති කිරීම

මෙහෙවර

නිපුණතා පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් තුළින් කුසලතා වර්ධනය හා ව්‍යවසායකත්වයට යොමුවන සේ ශ්‍රමාභිමානය ජනිත වන අයුරින් සිසුන්ගේ විභව ශක්තීන් සංවර්ධනය කිරීම

ශාඛාවේ කාර්යයන්

අ.පො.ස.උසස් පෙළ: ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව,ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන්

අ.පො.ස. සාමාන්‍යපෙළ: නිර්මාණකරණය හා තාක්ෂණවේදය, නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය, නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය, නිර්මාණකරණය හා විදුලි ඉලෙක්ට්‍රොණික තාක්ෂණවේදය , ගෘහ ආර්ථික විද්‍යාව ශිල්ප කලා යන විෂයන් සහ

6-9 ශ්‍රේණි වල: ප්‍රායෝගික තාක්ෂණික කුසලතා, යන විෂයයන් සම්බන්ධ කටයුතු

දැක්ම හා මෙහෙවර

දැක්ම

අනාගත ලෝකයේ පැවැත්මට හා දේශයේ ප්‍රගමණයට ගණිතයෙන් ලබා දියහැකි අනුබලය හඳුනාගත් ඊට අදාළ නන්විධ නිපුණතාවලින් යුත් ගණිතයට ගරු කරන හා ඇලුම් කරන දරු පරපුරක නිර්මාණකරුවන් වීම

මෙහෙවර

දේශයේ දූ පුතුනට සතුටින් හා උද්‍යෝගයෙන් යුතුව ගණිතක්ෂේත්‍රයේ අපේක්ෂිත නිපුණතා අත්පත් කර ගැනීමට අවශ්‍ය සම අවස්ථා සම්පාදනය කිරීමෙහිලා දායකවන අධ්‍යාපන අමාත්‍යාංශය අනුබද්ධිත සියලු ම ආයතන සම්බන්ධීකරණය කරගනිමින් අනුමත ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියා කිරීම පිණිස මග පෙන්වීම, අභිප්‍රේරණය සහ නිරන්තර නියාමනය මගින් ඉහළ අධ්‍යාපන ගුණාත්මක මට්ටමක් කරා එළැඹීමට දායක වීම

ශාඛාවේ කාර්යයන්

ජාතික අභිමතාර්ථ වෙනුවෙන් ගණිත විෂය යටතේ පොදු අරමුණකින් යුතුව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ විෂය මාලාව, පෙළපොත්, ඇගයීම් හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිවැරදිව දිශානුගත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව නිර්මාණය කිරීම.


* පෙළපොත්, විෂය නිර්දේශය, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විභාග පිළිබඳ විශ්ලේෂණය

ගණිත විෂයේ ගුණාත්මක සංවර්ධනය පිළිබිඹු වන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස ගුරු සිසු අභිප්‍රේරණ වැඩසටහන් කලාප කොට්ඨාශ මට්ටමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ගුරු සිසු ඇගයීම හරහා ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම


* ගණිතයේ ගුණාත්මක සංවර්ධනය පිළිබිඹු වන ඉලක්ක කරා ළඟාවීම සඳහා රට පුරා කලාප මට්ටමින් ශිෂ්‍ය හා ගුරු අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ගුරුවරුන් සහ සිසුන් ඇගයීම තුළින් ශිෂ්‍ය සාධනය වැඩි දියුණු කිරීම.

* සමස්ත ලංකා පාසල් ගණිත දැනුම මිනුම හා නාට්‍ය තරගාවලිය සඳහා පළාත් අභිප්‍රේරණ වැඩසටහන

* සමස්ත ලංකා පාසල් ගණිත දැනුම මිනුම හා නාට්‍ය තරගාවලිය, සහතික හා පදක්කම් ප්‍රදානොත්සවය පැවැත් වීම

* ගණිත විෂය සාධන මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ගුරු සිසු ඇගයීමේ වැඩසටහන

* ගණිත විෂය කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා ශිෂ්‍ය කඳවුරු, වැඩසටහන් පැවැත්වීම හා සම්මාන ප්‍රදානය

නවෝත්පාදන යාන්ත්‍රණයට ශ්‍රී ලාංකීය සිසු පරපුර යොමු කරවන ගණිතඥයින් බිහි කිරීම වෙනුවෙන් සුභග සිසුන් සඳහා බාහිර ආයතන සම්පත් ද උපයෝගී කර ගනිමින් සක්‍රීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් ලබා දෙමින් ඉහළ ජයග්‍රහණ අත්පත් කරගැනීම පිණිස අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම


* සුභග සිසුන් සඳහා වන වැඩසටහන

අසීරු වියුක්ත ගණිත සංකල්ප ප්‍රියජනක ලෙස සංයුක්ත අත්දැකීම් ඔස්සේ නව ඉගෙනුම් ක්‍රමෝපායයන් භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තරකර ගැනීමට ගණිතාගාර, ගණිත උපකරණ පරිහරණ මෘදුකාංග තේමාපාදක ගණිතාධාරක ඔස්සේ හා විශ්ව විද්‍යාල සම්පත් දායකත්වය ඇතිව ඉහළ මට්ටමේ ගුරු ධාරිතා සංවර්ධන අවස්ථා හා ඉගෙනුම් යටිතල පහසුකම් සම්පාදනය


* ජාතික පාසල්වල සිංහල මාධ්‍ය ගණිත ගුරුවරුන් සඳහා වන ධාරිතා සංවර්ධන සහ විෂය දිශානුගත කිරීමේ ගුරු සංවර්ධන වැඩසටහන් සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ ගුරු උපදෙස් සංග්‍රහ සැකසීම

* ගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය දියුණු කිරීම පිණිස තොරතුරු තාක්ෂණික පසුබිමක් යටතේ ද්විතීයීක පාසල් 1000 හි ගුරුවරුන් බලගැන්වීම සඳහා තේමාපාදක ගණිතාධාරක මොඩියුල සැපයීම

* ගණිත ගුරු උපදේශකවරුන් සඳහා කෙටිකාලීන දේශීය පුහුණු වැඩසටහන් පැවැත් වීම

* ද්විතියීක පාසල් 1000හි ගණිතාගාර සහිත පාසල් හා කලාප සලකමින් බෙදාදීම සඳහා “ගණිත උපකරණ භාවිතය පිළිබඳ ගුරු සිසු මාර්ගෝපදේශ සංග්‍රහය“ පොත දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුද්‍රණය කිරීම

* ජාතික පාසල්වල දෙමළ මාධ්‍ය ගණිත ගුරුවරුන් සඳහා වන ධාරිතා සංවර්ධන සහ විෂය දිශානුගත කිරීමේ ගුරු සංවර්ධන වැඩසටහන් සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ ගුරු උපදෙස් සංග්‍රහ සැකසීම

* පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ වන පාසල්වන ගුරුවරුන් සඳහා ක්‍රියාත්මක සමෝධානිත පරිගණක උපකාරක ගණිත ඉගෙනුම් වැඩසටහන සඳහා ශාස්ත්‍රීය සහය ලබාදීම

ශාඛාවේ නියමිත අධීක්ෂණ හා නියාමන කාර්යයන් හා පළාත් ජාතික නියාමන වැඩසටහන මගින් ප්‍රාදේශීය වශයෙන් හා කාලීන වශයෙන් අධීක්ෂණය හා නියාමනය


* ජාතික හා පළාත් සමෝධානිත නියාමන වැඩසටහන

* කාර්තුමය වශයෙන් සැලසුම් සකස් කිරීමේ හා ප්‍රගති සමාලෝචන සැසි පැවැත් වීම

* ගණිත විශේෂ උපදේශක කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරවීම හා මෙහෙයුම් කමිටු රැස්වීම් පැවැත් වීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

- එදිනෙදා ජීවිතයට විද්‍යා දැනුම, ආකල්ප හා කුසලතා ලබා දීම

- නව ලෝකයට ගැලපෙන පුරවැසියකු බිහිකිරීම

- අනාගත උසස් අධ්‍යාපන අවශ්‍යතා සඳහා අවකාශ ලබා දීම

- පරිසර හිතකාමී සංවර්ධනයන් පිළිබඳ යහපත් ආකල්ප ඇති කිරීම

මෙහෙවර

තාක්ෂණ සමාජයක් සඳහා අවශ්‍ය විද්‍යා දැනුම ලබා දීම

ශාඛාවේ කාර්යයන්

විද්‍යා ක්ෂේත්‍ර මධ්‍යස්ථාන ආශ්‍රිත ක්‍රියාකාරකම් - මධ්‍යස්ථාන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

එදිනෙදා ජීවිතය සඳහා විද්‍යාව වැඩසටහන - ගුරු හා සිසු ප්‍රායෝගික වැඩසටහන , ජාතික අධ්‍යාපන ආයතනය හා විශ්ව විද්‍යාල සම්බන්ධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

විද්‍යා උපකරණ හා සේවා සැපයීම - විද්‍යාගාර උපකරණ හා රසායන ද්‍රව්‍ය මිලදී ගැනීම, පාසල් විද්‍යාගාර සඳහා විද්‍යාගාර උපකරණ ද්‍රව්‍ය සැපයීම හා රසායනාගාර සහකාර පුහුණු වැඩමුළු පැවැත්වීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපන සම්ප්‍රදාය සුරකිමින් කාලීන අවශ්‍යතාවලට යෝග්‍ය ලෙස දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් පැවිදි ගිහි පුරවැසි පිරිසක් බිහිකිරීම

මෙහෙවර

ථේරවාදී භික්ෂු සමාජයේ මනා පැවැත්මට උරදිය හැකි ධර්මධර හා විනයධර භික්ෂු පිරිසක් හා ශ්‍රී ලංකික අනන්‍යතාව ස්ව ලක්ෂණ කරගත් පෞරුෂයක් ඇති පුරවැසි පිරිසක් බිහි කරන ආයතන පද්ධතියක් ලෙස පිරිවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යය කටයුතු ඉටුකිරීම

ශාඛාවේ කාර්යයන්

1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනතේ පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම, පනතට හා නියෝගවලට අනුකුල ව දිවයින පුරා පිරිවෙන් ආයතන අනුමත කිරීම, පිරිවේනාචාර්යවරුන් අනුමත කිරීම, පරිවේණාධිපති වැටුප් හා පිරිවෙන් පරීක්ෂණ සඳහා වාර්ෂික ආධාර මුදල් ගෙවීම, සම්පත් ලබාදීම, පුස්තකාල අනුමත කිරීම හා සංවර්ධනය, ආයතන වර්ග කිරීම, විෂය මාලා සංවර්ධනය, විෂය උපදේශනය, ගුරු පුහුණුව, ගුරුභවතුන්ගේ විශ්‍රාම අනුමත කිරීම, පිරිවෙන් ප්‍රත්‍යාදිෂ්ඨ කිරීම, ගුරුවරුන්ගේ සේවය අවසන් කිරීම ආදී අධ්‍යාපන පරිපාලන සංවර්ධන හා අධීක්ෂණ කටයුතු කිරීම

පිරිවෙන් අධ්‍යාපන පනතට හා රෙගුලාසි මාලාව සංශෝධනය කිරීමට ඉදිරිපත් කිරීම

පිරිවෙන් නිල ඇදුම් සැපයීමට අවශ්‍ය සහාය ලබාදීම

ජාතික අධ්‍යාපන ආයතනය සමඟ පිරිවෙන් විෂය නිර්දේශ, ගුරු පුහුණු ගුරු අත්පොත් ආදීය සම්බන්ධ ව ක්‍රියාකිරීම

"සම්භාෂා" කලාපය ඇතුලු පිරිවෙන් ශාඛාවේ ප්‍රකාශන එළිදැක්වීම

පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ කැඳවීම හා උපදෙස් යෝග්‍ය ලෙස ක්‍රියාත්මක කරවීම

TOP