අධ්‍යාපනයේ විකාශය
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ පිහිටි දූපතකි. එය ඉන්දියානු උප මහද්වීපයට දකුණින් පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර 65 000ක භූමි ප්‍රමාණයක් සහිතව සමකයට අංශක කිහිපයක් උතුරින් පිහිටා ඇත. එය නිවර්තන දේශගුණයකින් යුක්තය. සොබාදහමෙන් තිළිණ කළ වැසි සහ සාරවත් පස හේතුවෙන් ඉතිහාසයේ ආරම්භයේ සිටම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී ඇත්තේ කෘෂිකර්මාන්තයයි.
ඉන්දීය උප මහද්වීපයට සමීපව පිහිටා තිබීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සබඳතා ගොඩ නැගීමට හේතුවක් වී ඇත. රට තුළ ප්‍රධාන ආගම් (බුද්ධාගම සහ හින්දු) ව්‍යාප්ත කරමින් ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් මෙහි මුල් පදිංචිකරුවන් විය. පුරාණ සංස්කෘතිය, භාෂාව, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, තාක්ෂණය සහ සමාජ සිරිත් විරිත් ඉන්දියානු සම්භවයක් සහිත දේවල් විය. ඉන්දියාවේ දේශපාලනමය සංවර්ධනය ද මෙහිලා බලපෑම් ඇති කළේය. ශ්‍රී ලංකාව දකුණු ඉන්දියානු ආක්‍රමණයන්ට නිරන්තරයෙන් ලක් විය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව විසින් තමාට සුවිශේෂී අනන්‍යතාවයක් සහිතව තමන්ගේම සංස්කෘතියක් ගොඩ නගා ගන්නා ලදී. ඉන්දියාව තුළ සම්භවය ලද බුද්ධාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම වේ. එමෙන්ම, භාෂාව සහ අනෙකුත් සංස්කෘතික අංගයන් අනන්‍ය ලක්ෂණ සහිතව වර්ධනය වී ඇත. ප්‍රධාන මුහුදු මාර්ග තුළ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් අතීතයේ දී සංචාරකයින් මෙම රටට පැමිණියහ. ග්‍රීක සහ අරාබි වෙළඳ නැවියන් මෙරට හැඳින්වූයේ ටැප්රොබේන්, සෙරෙන්ඩිබ්, සීලාවෝ සහ සිලෝන් වශයෙනි. ශ්‍රී ලංකාව යන වත්මන් නාමය 1972 දී ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ භාවිතයට පැමිණ තිබේ. යුරෝපීය ගවේෂකයෝ දහසයවන සියවසේදී දිවයින යටත් කර ගත් අතර සියවස් හතරහමාරක කාල සීමාවක් පාලනය කළහ.
1948 වර්ෂයේ දී, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත්තේය. නිදහසෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ වෙස්ට්මිනිස්ටර් ආකාරයේ රජයක් විසින් රට පාලනය කරන ලදී. වර්ෂ 1972 දී එය ජනරජයක් බවට පත් වූ අතර, l978 දී විධායක ජනාධිපති ක්‍රමයකට අනුගත විය. එතුළ ව්‍යවස්ථාදායකය, පාර්ලිමේන්තුව සහ විධායක ජනාධිපති සිටියද බලය සැලකිය යුතු ලෙස තේරී පත් වූ පළාත් සභා වෙත බලය බෙදාහැර ඇත. පළාත් පාලන ක්‍රමය මගින් ප්‍රාදේශීය කටයුතු කළමනාකරණය කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වය සහතික කරනු ලබයි.