උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්රයෙහි ප්රසිද්ධ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.donets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු වේ.
දායක විශ්රාම වැටුප් සහිත හෝ සේවක අර්ථසාධක අරමුදලට/සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකවන හෝ රාජ්ය සේවයේ ස්ථීර පත්වීම් නොදරන උපාධිධාරීන්ට (උදා : පිරිවෙන් ගුරුවරු,පෞද්ගලික පාසල් ගුරුවරු ,අර්ධ රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන් ) මෙම තරග විභාගය සඳහා ඉල්ලුම් කළ නොහැකි බව කාරුණිකව දන්වමි.