● ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස් විශ්වවිද්‍යාල අතර
සහයෝගීතාවය වර්ධනයට පියවර.
බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා බෙලරූස්හි අධ්‍යාපන අමාත්‍ය ්බාරුස ෂග ෂඩ්බැඑි
(ඇන්ඩි්රයි අයි. ඉවනැට්ස්) මැතිතුමා මුණගැසිණි. එහි දී සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය හැදෑරීමට බෙලරූස් සරසවිවලට ඇතුළු වී ඇති බව පැවසී ය. තව ද ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් විශාල සංඛ්‍යාවක් බෙලරූස්හි අධ්‍යාපනය ලබන බව ද අමාත්‍යවරයා සිහිපත් කරන ලදි. මෙහි දී මෙම සිසුන්ගේ ඉදිරි සුබසාධන කටයුතු පිළිබඳ ව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. තවද බෙලරූස් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අදාල කෙටුම්පත කෙරෙහි මෙහි දී අවධානය යොමු කරන ලදි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස්හි විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ ව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. වත්මනට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කරුණු පැහැදිලි කළ අතර බෙලරූස්හි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.