2022. 05. 31 ඊයේ දින වැසි සහිත කාලගුණික තත්වය තුළ
අපොස සා/පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පිළිබඳව
සමාජ මාධ්‍ය හා පුවත්පතක පළ වූ ඡායාරූපය සම්බන්ධයෙනි
සමාජ මාධ්‍ය මගින් හා දිනපතා පුවත්පතක පළ වූ ඡායාරූපය අනුව ඊයේ (2022. 05. 31) දින ගම්පහ කලාපයේ පාසලක විභාග ශාලාවක අපොස සාමාන්‍ය පෙළ සිසුන් දුෂ්කරතා මධ්‍යයේ විභාගයට පෙනී සිටින ආකාරය දක්වා තිබිණි.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත් වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත් විභාග දෙපාර්තමේන්තුවට මේ තත්වය වාර්තා කර උපදෙස් නොගැනීමත් යන කරුණු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කර නිසි පියවර ගැනීමට හා මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට සුදුසු පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග කොමසාරිස්වරයාට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
තව ද විභාග දෙපාර්තමේන්තුවේ මේ සම්න්ධ වාර්තාවට අනුව දුෂ්කරතාවට පත් වූ විභාග අපේක්ෂකයන්ට එම අවස්ථාවේ දී ම සහනයක් ලබා දී ඇතිබව වාර්තා කර ඇත.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය