සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ
සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය
ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…
අද දින (මැයි මස 23) ආරම්භ වන, 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපොස සා/ පෙළ විභාගය සාර්ථක ව පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු යුහුසුලූ ව සම්පාදනය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින පළාත් ආණ්ඩුකාරවරු සමග මාර්ගගත තාක්ෂණය Zoom ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ය.
පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ගමනාගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමය, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාකච්ඡා කර, එම ආයතනවල පූර්ණ සහයෝගය ලබා ගනිමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන, ප්‍රවාහන වැනි පහසුකම් නිසි අවස්ථාවේ දී සපයා දී එම විභාගය සාර්ථක ව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට හැකි වූ බව, මෙවන් අසීරු අවස්ථාවක දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් එම සියලු ආයතනවලට කෘතවේදී වෙමින් අමාත්‍යවරයා පැවසී ය.
මෙම සාකච්ඡාවේ දී පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ සියලූ කාර්යන් ඉදිරියේ දී අදාළ පළාත්වලට ම පවරා, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ම පූර්ණ වශයෙන් කැප වී ක්‍රියා කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ ව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡුා කළේ ය.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල්, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වූ අතර අනෙකුත් පළාත් ආණ්ඩුකාරවරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගි වී සිටියහ.