ශ්‍රී ලංකාව සහ රුසියාව අතර උසස් අධ්‍යාපනයේ සහයෝගීතාව සහ ප්‍රගතිය උදෙසා,
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුසියාවේ උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක්, 2022.03.03 දින, කොළඹ , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය මෙන්ම මෙරට රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් Anatasia Khokiova මහත්මියද එක් වූහ.
රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා සරසවියේ) ජාත්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳ උප කුලපති Larisa Ivanovna Efrernova, එහි වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ Alexey Yurievich Abramov, එම වෛද්‍ය ආයතනයේ පශ්චාත් උපාධි පීඨ ප්‍රධානි Maria Viadimirovna Greenbeng, උපාධිධාරීන් සමඟ කටයුතු කිරීමේ පීඨයේ ප්‍රධාන විශේෂඥ Daria Alekseevna Vasina, ජාත්‍යන්තර ක්‍රියාකාරකම්, දර්ශන පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති Natalla Viadimirovna Poplavskaya, මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ප්‍රධානි Yastrebov Oleg Alexandrovich, රුසියාවේ අධ්‍යාපනය ලැබීමට ඉලක්ක කර ඇති අධ්‍යයන සඳහා ඇතුළත් වීමේ සහය ලබාදීමේ සහ අධ්‍යාපන උපදේශන සමාගමේ සභාපති Dr. Hannah Halim යන නියෝජිත පිරිස මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් සෙනෙවිරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එහි උප සභාපති මහාචාර්ය චන්දන ප්‍රේමකුමාර උඩවත්ත යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට එක් වූහ