සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක සිට උත්කර්ෂයෙන් සමරන සංස්කෘතික උත්සවයකි. හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන අලුත් අවුරුද්දට දරුවෝ ද වැඩිහිටියෝ ද එකසේ ඇලුම් කරති.අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික හැඳුනුම්පත වසරක් පාසා අලුත් කර දෙයි. ජාතියක් වශයෙන් එකිනෙකා සමග සාමූහිකව බැඳෙමින් සිතුම් පැතුම් සවිමත් කරගන්නට අලුත් අවුරුද්ද අපූරු ජවයක් ලබා දෙයි. කොවිඩ් අවදානම සහමුලින් තුරන් ව නොමැති වුවත් රටක් වශයෙන් ඉතා සාර්ථකව ඊට මුහුණ දෙමින් මෙවර අලුත් අවුරුද්ද වගකීමෙන් සමරන්නට අපි සූදානම්ව සිටිමු. විශේෂයෙන්ම රටේ අධ්‍යාපන පද්ධතිය නව දිශානතියකට යොමුකළ මෙම අභියෝගාත්මක සමයෙහි නිවසට සීමා වී සිටි දරුවන්ගේ පාසල් ගමන යළි අරඹන්නට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයකි . අතපසු වූ විභාග සියල්ල සාර්ථකව පවත්වමින් මගහැරුණු අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරන්නට අපි සමත් වූයෙමු. නව ලොවට ගැලපෙන ඉදිරි අධ්‍යාපන සැලසුම් සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සියලු පාර්ශ්වවල දායකත්වය ලබාගැනීමට ඩිජිටල් වේදිකාවක් සැලසුම් කළෙමු. රටේ දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් වනු දැකීම අප සැමගේ වගකීමක් වන බැවින් ඒ වෙනුවෙන් අප සතු යුතුකම් සහ කාර්යභාරය නොමසුරුව සහ නොපැකිලී ලබා දෙන්නට උදා වූ අලුත් අවුරුද්දේ අධිෂ්ඨාන කර ගනිමු.
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics