‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් සම්බන්ධ මෙම අනු කමිටු රැස්වීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික සම්බන්ධීකරණ කමිටුවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත, අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සීතා අරඹේපොළ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමන් ප්රමුඛ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් රැසක් ද, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු නියෝජිතවරුන් රැසක් ද එක්ව සිටියහ.
අධ්‍යාපන අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළද අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය
අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය , සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයත් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටුවට අයත් වේ .
මෙම අනු කමිටුව විසින් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යයන් අතර, 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් සමාලෝචනය මගපෙන්වීම හා අධීක්ෂණයටත්, කමිටු විෂය පථය ආවරණය කරන පොදු සේවා සැපයීමට අදාළ අනෙකුත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාකාරිත්වය විමසා බැලීමටත්, ගම සමග පිළිසදරක් වැඩසටහන තුළින් හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලින් ඉදිරිපත් වන යෝජනා හා අන්තර් අමාත්‍යාංශ මට්ටමින් විසඳාලිය යුතු ගැටළු සාකච්ඡාකර විසඳුම් ලබාදීමටත් කටයුතු කරනු ලැබේ .
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා වන යෝජනා රැසක් සහ විකල්ප අදහස් රැසක් මෙහි දී ඉදිරිපත් වූ අතර, අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සමාජ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ දී අධ්‍යාපන ක්ෂේත්රයට පැවරෙන කාර්යභාරය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.