අංක 1928/28 හා 2015.08.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10.3 වගන්තියේ සහ 2020.01.21 දිනැති සංශෝධනයේ සඳහන් විධිවිධාන අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ 2021.01.01 දිනට අනුමත තනතුරු සඳහා පවත්නා පුරප්පාඩු පිරවීමට ජ්‍යෙෂ්ඨතාවය මත සුදුසුකම් ලැබූ නිලධාරීන්ගෙන් ඉදිරියේදී අයදුම්පත් කැඳවනු ලැබේ.
පුරප්පාඩු ගණනය කරනු ලබන දිනට 1 ශ්‍රේණියේ සිටින නිලධාරීන්ගෙන් ජේෂ්ඨතාවයේ අනුපිළිවෙළ අනුව, පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන්ගුණයක් වශයෙන් ගැනෙන සංඛ්‍යාවට නොඅඩු නිලධාරීන් සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සාමාජිකයින් තිදෙනෙක්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් එම නිලධාරීන්ගේ මූලික සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨතාවය පමණක් පරීක්ෂා කරනු ලැබේ.
ඒ අනුව අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිදු විය යුතු යම් සංශෝධනයක් වෙතොත් 2021.02.15 දිනට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) වෙත ඉදිරිපත් කරන මෙන් දන්වමි.
ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර, අතිරේක ලේකම් අධ්‍යාපන සේවා ආයතන
2021. 02. 01
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය මෙතනින් භාගත කළ හැකිය.