සිය 71වැනි උපන්දිනය සමරන තර්ස්ටන් විද්‍යාලයේ අබලන් ව පැවති ගොඩනැඟිලි පද්ධතිය පූර්ණ ප්රතිසංස්කරණයකින් අනතුරුව එහි ආදි ශිෂ්‍යයෙක් වන ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට 2021/01/11වැනි දින (අද දින) පත් කරන ලදී.
මෙරට ප්‍රධාන පෙළේ ජාතික පාසලක් වූ තර්ස්ටන් විද්‍යාලය ආරම්භ කෙරුණේ 1950 වර්ෂයේ ජනවාරි 11 වැනි දින එවක අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි ඊ.ඒ.නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙනි. විවිධ ක්ෂේත්රවල දෙස් විදෙස් පතල උගතුන්, හමුදා නිලධාරීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් බිහි කළ තර්ස්ටන් විද්‍යාලයේ ගොඩනැඟිලි පද්ධතිය පූර්ණ ප්රතිසංස්කරණයක් සඳහා වැඩකටයුතු 2020 අගෝස්තු මස ආරම්භ කරන ලදී. සිසුන් 3,000කට අධික පිරිසක් මෙහි අධ්‍යාපනය හදාරති.මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආදි ශිෂ්‍යයකු වන ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න, විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එක් වූහ.