තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
එක් පළාත්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව, අනාවරණය වී ඇත්තේ, වයඹ පළාතේ සිසුන් 35%ක් සහ ගුරුවරුන් 85%ක් ද, දකුණු පළාතේ සිසුන් 15%ක් සහ ගුරුවරුන් 80%ක් ද, සබරගමුවේ සිසුන් 55%ක් සහ ගුරුවරුන් 86%ක්ද, උතුරුමැද පළාතේ සිසුන් 30%ක් සහ ගුරුවරුන් 80%ක් ද, මධ්‍යම පළාතේ සිසුන් 40%ක් සහ ගුරුවරුන් 80%ක් ද, උතුරු පළාතේ සිසුන් 47%ක් සහ ගුරුවරුන් 75%ක් ද, නැගෙනහිර පළාතේ සිසුන් 28%ක් සහ ගුරුවරුන් 80%ක් ද, ඌව පළාතේ සිසුන් 30%ක් සහ ගුරුවරුන් 80%ක් ද පැමිණ ඇති බවයි.