The Minister of Education mentioned that there was a formal mechanism in relation to the admission of students and teachers to Madrasa schools and the activities of those schools since the time when the present President Gotabhaya Rajapaksa had been the secretary of defense. But
when the Yahapalana government came into power this mechanism was completely neglected. The minister stated this while replying to a question raised by the Member of Parliament Mr. Kavinda Jayawardana in the parliament today (20). He also mentioned that a strict investigation must be done about the persons who come to Sri Lanka requesting visas to teach in Madrasa schools. It is a wrongful deed to direct those people to teach in schools without investigating their background and past activities. The information about the background must be investigated while maintaining a close coordination with the Department of Immigration and Emigration and the intelligence sections. The minister pointed out that all the matters including the courses taught and the methods of admission of students as well as the people who are granted to teach in those schools will be supervised by the ministry of education. The Minister of Education Professor G.L. Pieris further stated that a responsibility lies with the minister of education to supervise the Madrasa schools and he appears to fulfill that obligation.
“It is my duty as the minister of education to investigate about the functioning of Madrasa schools,…. I will do it” The Minister of Education Professor G.L. Pieris
“මද්රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මගේ යුතුකමක්,… මම එය ඉටු කරනවා” අධ්‍යාපන අමාත්‍ය – මහාචාර්ය ජී. එල්. පීරිස්
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
මද්රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිලිබද දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය. මද්රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මද්රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.