අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්ධුරයට පත්වූ මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා පසුගියදා (17) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයෙහි වැඩ භාරගත්තේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා කලක් එම විශ්වවිද්‍යාලයේ ම ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇති අතර විශ්වවිද්‍යාලයේ පරිපාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය, අධ්‍යයන පරිපාලනය මෙන් ම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම, දෙපාර්තමේන්තු තත්ත්ව සහතික කිරීම, කාර්ය මණ්ඩල සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඇතුළු කාර්යයන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
එමෙන් ම බලශක්ති තාක්ෂණය හා පරිසරය, තාපගති විද්‍යාවේ මූලධර්ම ඇතුළු විෂයයන් රැසක් සඳහා උපාධි අපෙක්ෂක පාඨමාලා, උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා දේශකවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති ඒ මහතා, වර්ෂ 1986 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ම සිය ප්‍රථම උපාධිය ලබාගෙන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන ඇත. එමෙන්ම පෙරේරා මහතා මෝටර් රථ ඉංජිනේරු ආයතනය, ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක සාමාජිකත්වය දරමින් කටයුතු කරතිබේ.