MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • 520
  • මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි
සඳුදා, 09 ඔක්තෝබර් 2023 / Published in 520, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි

– හමුවේ ගලනය වන බුද්ධිය දුර්වලයි
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ‘ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක්’ ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන හා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද පැවති ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ මැයෙන් වූ ගුරු හා විදුහල්පති ප්‍රණාම උළෙල අමතමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ සෑම ක්ෂේත්‍රයක ම කාලීන අභියෝගයක් ව පවතින බුද්ධිගලනය මගහරවාගැනීම සඳහා නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලය ලෙසින් බිහි වූ බුද්ධිමතුන්ගේ වගකීම පිළිබඳ සිහිපත් කරමින් කියා සිටියේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ප්‍රතිලාභීන් ලෙස සමාජ වරප්‍රසාද භුක්ති විඳිමින් සිට අසීරු අවස්ථාවල රට හැර යන බුද්ධිමතුන්ගේ බුද්ධිය ඌනතා සහිතවූවක් බවයි. ඔවුන්ගේ වගකීම වන්නේ එවන් මොහොතක රට හැර යාම නොව මෙරට රැඳී සිටිමින් අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දීමේ නිපුණතා ප්‍රදර්ශනය කිරීම බවත් න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකත්වයට නංවන පන්ති කාමර මොඩ්‍යුලර් ක්‍රියාකාරකම් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද හා බද්ධ වූ අධ්‍යාපන ක්‍රමවේද තුළ එවන් නිපුණතා සහිත ගුණාත්මක දරු පරපුරක් බිහි කිරීමේ පරිවර්තනීය අධ්‍යාපන වෙනස්කම් ක්‍රියාවට නැංවීමේ දී දැනුම හා පුහුණු කුසලතා සහිත උපාධිධාරී ගුරුභවතුන්ගේ භූමිකාව අතිශය වැදගත් බවත් හෙතෙම පැවසී ය. ඉදිරියේ දී සමස්ත විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර ස්ථාපිත කරනු ලබන අධ්‍යාපන විශ්වවිද්‍යාලය එම අරමුණු මුදුන් පමුණුවාගැනීමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ය. අනාගත ඩිජිටල්කරණ ලෝකය තුළ අතරමං නොවී සිටීමේ ඉඩ ප්‍රස්ථා වත්මන් දරු පරපුරට උරුම කර දීමේ කාර්යභාරය තුළ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය යථාවත් ව පවත්වාගෙන යාමට අවශ්‍ය දිවා ආහාර, පෙළපොත්, නිල ඇඳුම් ආදිය ලබා දීම මෙන් ම හැකි පමණ ගොඩනැගිලි පහසුකම් සංවර්ධනයට ද අවධානය යොමු කරන බව මෙහි දී කියා සිටි අමාත්‍යවරයා ඒ සියල්ල අභිභවා ගුරුභවතුන්ගේ සාධනීය මට්ටම ඉහළ නංවාගැනීමේ වැදගත්කම අවධාරණය කළේ ය. එහි දී ගුරු වැටුප් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ සඳහා රටේ ආර්ථිකය හා ගළපාගත් නිශ්චිත ක්‍රමවේදයකට අනුව විසඳුම් ලබා දීමට ද ඉදිරියේ දී කටයුතු කරන බැව් පැවසූ අමාත්‍යවරයා වෙසෙසින් ම නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සිදු කෙරෙන වෙනස්කම්වල දී ඊට අනුගත ව සහයෝගය දෙමින් ක්‍රියා කරන විදුහල්පතිවරුන් ඇතුළු ගුරුභවතුන්ට සිය ප්‍රණාමය පුද කර සිටියේ ය. ඔක්තෝබර් 5 වෙනිදාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ගුරු ප්‍රණාම උළෙලේ දී පාසල් මට්ටමින් මුහුණපාන විවිධ ගැටලු‍ සහ සංවර්ධනය කරගත යුතු තත්වයන් කෙරෙහි සංවේදී ව ඒවා විසඳාගෙන ශිෂ්‍ය ප්‍රජාවට අනුපමේය මෙහෙවරක් ඉටු කිරීමට දායක වූ පාසල් 26කට අයත් විදුහල්පතිවරුන් 21ක් සහ ගුරුභවතුන් 70ක් තෝරාගෙන ප්‍රණාම පිරිනැමීම සිදු විය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ හා අරවින්ද් කුමාර් මෙන් ම අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ යන මහත්වරුන්, අධ්‍යාපන නිලධාරීන් ගුරුවරුන්, විදුහල්පතිවරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය – 2024

    චක්‍රලේඛය ජාතික පාසල් ලිපිය ජාතික පාසල් ඇමුණුම්...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අ.පො.ස. (උ.පෙළ) විෂයානුබද්ධ පුනරීක්ෂණ සංචිතය – ව්‍යාපාර අධ්‍යයනය

    හැඳින්වීම සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර සිංහල මාධ්...
  • ’ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමෙන් ක්ෂේත්‍රයේ බොහෝ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකියි’

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත රජයේ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...

Archives

  • දෙසැම්බර් 2023
  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP