MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • 520
  • අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.
බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 / Published in 520, Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.

2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝජිතව තිබුනේ 2023 ඔක්තෝම්බර් මසදීය. එහෙත් 2022 අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මාස 3 කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රථිපල නිකුත් වූයේ 2023.09.04 දීය.

එහෙත් ඊට පෙර 2023.07.31 දින වන විට 2023 අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවන අතර අයදුම්කරුවන් 324,410 ක ගෙන් ඉල්ලුම්පත්‍ර ලැබී තිබුණු අතර ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු 2023.09.18 දින වන විට නැවත අයදුම්පත් 18,473 ක් ලැබී ඇත. එම නිසා මේ වන විට අයදුම් කරන ලද මුළු අපේක්ෂක සංඛ්‍යාව 342,883 ක් වන අතර එම සංඛ්‍යාව 2022 පෙනී සිටි (332,406) සංඛ්‍යාවට වඩා 10,837 ක වැඩි වීමකි. අ.පො.ස උසස් පෙළ 2022 විභාගයේ ප්‍රථිපල නිකුත් වීම ප්‍රමාද වීම නිසා මුලින් යෝජිත පරිදි 2023 අ.පො.ස උසස් පෙළ විභාගය, 2023 නොවැම්බර් මස 27 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර දෙසැම්බර් මස 21 දින අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් යෝජිත විභාග දින කල් දමන ලෙසට ඉල්ලීම් කරන ලද අතර පාර් ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුගිය දින කිහිපයේදීම මහජන නියෝජිතයන් ලෙස එම ඉල්ලීම පාර්ලිමේන්තුවේදී මතු කරන ලදී.

ඒ අනුව, විභාග පැවැත්වීමේ යෝජිත කාල වකවානුව කල් දැමීම සලකා බැලීමේදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

කොවිඩ් 19 හේතුවෙන් 2019 අවසන් භාගය, 2020 හා 2021 වර්ෂ වල පැවැත්වූ පාසල් දින ගණන 50% – 60% වන ප්‍රතිශතයක් අතර වීමත් නිසා අ.පො.ස සා. පෙළ, අ.පො.ස උසස් පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාගය කල් ගිය අතර උත්තර පත්‍ර ඇගයීම හා ප්‍රථිපල නිකුත් කිරීම ද කල් ගොස් ඇත.

තවද විවිධ වෘත්තීය ක්‍රියා මාර්ග හා 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික පසුබෑම් හා අරගල නිසාද පාසල් අධ්‍යාපනයට බාධා ඇති වී ඇත. විභාග පැවැත්වීමටද බාධා සිදු විය. මේ සියල්ලෙන් පීඩාවට පත් වුයේ පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ය.

පසුගිය වකවානුවේ ඉහත කී විවිධ හේතු නිසා විභාග කල් යාම හා ප්‍රථිපල නිකුත් වීම පමා වීම නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශය, උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලාවලට ඇතුල් වීම, විදේශ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම පසුගිය වසර කිහිපය පුරාම ප්‍රමාද වීමෙන් නියමිත වයසේදී පාඨමාලා අයදුම් කිරීමට තිබූ අවස්ථා පමා වී ඇත.

මෙය වසරෙන් වසරට පමා වීම වලක්වා නියමිත වයස් සීමාවේදී විභාගවලට පෙනී සිට උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීම අමාත්‍යාංශයේ අපේක්ෂාව විය.
2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024 ජනවාරි මාසය දක්වා කල් දැමීමෙන් ඇති වන අයහපත් ප්‍රථිඵල

  • මේ වන විට 2024 මාර්තු, අප්‍රේල් මාස වලදී පැවැත්වීමට සැලසුම් කර ඇති 2023 අ.පො.ස. (සා.පෙළ) විභාගය 2024 මැයි, ජුනි මාස දක්වා කල් දැමීමට සිදුවනු ඇත.
  • 2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රථිපල නිකුත් කිරීම 2024 ජුලි මාසයේදී සිදු වනු ඇත.
  • 2024 ජුලි මාසයේදී ප්‍රථිඵල නිකුත් වීමෙන් පසු 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට මෙවර මෙන්ම අමතර කාලයක් ලබා දීමට සිදුවනු ඇත.

එසේ වුව හොත් 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය නැවතත් 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි මාසය දක්වා කල් දැමීමට සිදු වනු ඇත.

  • ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ මේ වන විට ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තවත් පමාවනු වනු ඇත.
  • පාසල් විභාග කාල සටහන් මෙසේ අක්‍රමවත් වීම හේතුවෙන් පාසල් වාර සටහන ද ප්‍රමාද වීම මගින් අධ්‍යාපන ක්‍රියාවලියේම සැලසුම් අක්‍රමවත් විය හැක.
  • එමගින් පාසල්වල පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළු කරගැනිමේ කාර්යය ද ප්‍රමාද වේ.
  • උසස් පෙළ ශ්‍රේණි අතර උසස් කිරීම ප්‍රමාද වීම මගින් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් 02 ක් බැගින් යම් කාලයක්
    රැඳීම හේතුවෙන් විභාගයට පෙනී සිටින කණ්ඩායමට පන්ති කාමර ලබා දීම ගැටළුවක් වනු ඇත.
  • උසස් පෙළ විභාග ප්‍රථිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම් හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වේ.
  • විදේශීය විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමේ අවස්ථා අහිමි වීම සහ විදේශීය විශ්ව විද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීම.
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රථිඵල මත බඳවාගනු ලබන ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව වැනි පාඨමාලා සඳහා ඇතුළත් වීමේ අවස්ථා ප්‍රමාද වීම.
  • දැනටමත් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති ආයතනික විභාග රාශියක් ද ප්‍රමාද කිරීමට සිදු වීම හා ඒ හරහා රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම.

උසස් පෙළ විභාගය සඳහා දරුවන් වයස 18 දී පමණ පෙනී සිටිය යුතු වුව ද විභාග කල් දැමීම නිසා විභාගයට පෙනී සිටින විට දරුවන්ගේ වයස 18 ඉක්මවා යනු ඇත.

කෙසේ වෙතත් මුලින් සඳහන් කරුණු අනුව ප්‍රථිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හා ප්‍රථිඵල නිකුත් වීමෙන් පසු අයඳුම් කළ අපේක්ෂක සංඛ්‍යාව පෙර වර්ෂ වලට වඩා වැඩි වීම (අයඳුම්පත් 18,473) සලකා බැලීමේදී විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් විය හැකි අසාධාරණය සැළකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ලෙස යෝජිත අ.පො.ස. (උසස් පෙළ) 2023 පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇත. ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් ඉදිරි සතියේදී නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත් කරනු ඇත.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට මේ වන විටත් සූදානම් වී සිටින දරුවන් විශාල පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් මෙම විභාගය තවදුරටත් කල් නොදමන ලෙසට, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුම් හා WhatsApp පණිවිඩ මගින් ඉල්ලීම් කර ඇති බවත් මේ ගරු සභාවට මා දැනුම්වත් කරමි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...
  • Workshop on RAMIS System (e-filing)

    Course Details...
  • අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...

Archives

  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP