01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R) යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් 6316 ක් 2023 මැයි 22 දින සිට ජුනි 10 දින දක්වා කැඳවන ලදී.
02. එම සම්මුඛ පරීක්ෂණ සඳහා තවදුරටත් අයදුම්කරුවන් 1093 ක් කැඳවීමට නියමිතව ඇති අතර එම සම්මුඛ පරීක්ෂණ 2023 සැප්තැම්බර් මස 20, 21, 22, 25, සහ 26 යන දිනයන්හි බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ 4 වන මහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ සඳහා 2019.02.10 දින පැවති සීමීත තරඟ විභාගයට ඉදිරිපත්ව ඉන් සමත් ඉහත සඳහන් අයදුම්කරුවන් 1093 දෙනාගේ නාම ලේඛනය සහිත උපලේඛනය (ඇමුණුම 01).
03. තවද, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය හා ඊට අදාළව ඉදිරිපත් කල යුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාවේ ආකෘති පත්‍රය අදාළ අයදුම්කරුවන්ගේ පුද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කර ඇති අතර එම ආකෘතියේ මෘදු පිටපතක් ද (ඇමුණුම 02).
අයඳුම්කරුවන් 1093 දෙනාගේ නාම ලේඛනය සහිත උපලේඛනය (ඇමුණුම 01)
සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය හා ඊට අදාළ ඇමුණුම (ඇමුණුම 02)