2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ භාරදූර අභියෝගය ජයගැනීම සඳහා ලබා දුන් ඉන්දියානු ණය ආධාර යටතේ මුද්‍රණය වන පෙළපොත්වල වත්මන් ප්‍රගතිය සොයා බැලීමට අද දින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහි දී පෙළපොත් මුද්‍රණය කළ ශ්‍රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාවට සිය ප්‍රසාදය පළ කරමින් ඉදිරියේ දී එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව ප්‍රකාශ කළේ ය.
මෙම ණය ආධාර වැඩසටහන යටතේ පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා අනිකුත් උපකරණ ලබා දීමට මැදිහත් ව ක්‍රියා කරමින් ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු නිලධාරීන් දක්වන ලද අනුග්‍රහය වෙනුවෙන් ඔවුන්ට සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දියානු රජයට සිය කෘතවේදීත්වය පිරිනමන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරාලීමට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කරනු ලබයි.
අසල්වැසි ඉන්දියාව සමග පවත්නා දිගුකාලීන ආගමික, සංස්කෘතික හා වෙළෙඳ සබඳතා පිළිබඳ ව ද සිහිපත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා රට මුහුණ පා සිටි අසීරු අවස්ථාවක ලබා දුන් මෙම සහයෝගය, දෙරටේ සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ද ප්‍රකාශ කළේ ය.