MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ
බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

    මෙම වැඩසටහනට ගුරුවරුන් 13,800ක් පුහුණු කර අවසන්

–          අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 පෙර දැනුම මත අඛණ්ඩ ව යැපීමට කිසි දු වෘත්තිකයකුට නොහැකි බවත් යාවත්කාලීන දැනුම ඔස්සේ හෙට වෙන දේ අද දැනගැනීම මගින් මෙරට ඉදිරි වෘත්තීය ක්ෂේත්‍රයට සරිලන අධ්‍යාපනයක් ලබා දීමේ දී සන්ධාන භාෂාව වශයෙන් ඉතා වැදගත් වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පන්ති කාමරය තුළ සිසුන්ට සිය මුල් ම පාසල් දිනයේ සිට සබකෝලයකින් හා චකිතයකින් තොර ව හැසරවීමේ ප්‍රායෝගික කථන පුහුණුවක් ලබා දීම සිය අපේක්ෂාව බවත් ඊට අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

පාසල් කිහිපයක හැරුණු විට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය 1962 වර්ෂයෙන් පසු මෙරට නොපැවති අතර 2000 වර්ෂයේ දී යම් ප්‍රමාණයකට උසස් පෙළ විෂය ධාරාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළ බවත් මේ වන විට 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් 550කට වැඩි ප්‍රමාණයක දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා මෙන් ම වාණිජ, කලා විෂයන් සඳහා ද පෙනී සිටින බවත් ඇමතිවරයා පැවසී ය.

එමෙන් ම මෙරට ජාත්‍යන්තර පාසල්වල දෙස් විදෙස් දරුවන් මුල සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන බවත් අනාගත දෙස් විදෙස් රැකියා ක්ෂේත්‍රය වැඩි වශයෙන් ම විවෘත වන්නේ ඔවුන් සඳහා බවත් පැවසූ අමාත්‍යවරයා එම පරතරය නැති කිරීමට රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අධ්‍යාපනය ප්‍රායෝගික ව ව්‍යාප්ත කරන බවත් ඒ අනුව ලබන වසරේ දී දෙක ශ්‍රේණියටත් අනතුරු ව තුන වසරේ සිට උගන්වන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සමගත් මෙම වැඩසටහන එකාබද්ධ කරන බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අද පැවති 1 ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹීමේ සමාරම්භක වැඩසටහනට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මගින් 1-5 දක්වා වූ මූලික අධ්‍යාපනය මවුබසින් ලබා දිය යුතු ය, යන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා නීතිය උල්ලංඝනය කරමින් සිංහල භාෂාව නොසලකා හැරීමට කිසි දු අපේක්ෂාවක් නොමැති බවත් දෙමාපිය අපේක්ෂා මල් ඵල ගන්වමින් ඉදිරියට යන ලෝකයට විවෘත වීමේ අවකාශ දරුවන්ට උදා කර දීමට බලාපොරොත්තු වන බවත් ය. එමගින් ගුරු-සිසු දෙපිරිසට ම එක් ව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියැලෙමින් සතුටින් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වීමේ ප්‍රිය ජනක පරිසරයක් පන්ති කාමරය තුළ නිර්මාණය වනු ඇති බවත් ඔහු පැවසී ය. ඉදිරියේ දී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලබන නව ස්ටීම් අධ්‍යාපන (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාවලිය තුළින් ම ගණිතය පරිසරය වැනි විෂයන් ද මේ ආකාරයට ම ඉගැන්වීමේ සුහුරු ප්‍රියජනක ක්‍රමෝපායන් සොයා බැලීමට අධ්‍යාපනඥයන් උත්සුක විය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. සූම් තාක්ෂණය හරහා අන්තර් පළාත් සම්බන්ධීකරණයෙන් ස්ටීම් අධ්‍යාපනයේ සමාරම්භක වැඩසටහන හෙට කොළඹ රාජකීය විද්‍යාලයේ දී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...
  • Workshop on RAMIS System (e-filing)

    Course Details...
  • අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...

Archives

  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP