සුභග ශිෂ්‍යත්ව වැඩසටහන
අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන විභව්යතාවලින් යුත් නිර්මාණශීලී තරුණ පරපුරක් බිහි කරලීම උදෙසා පාසල් සිසුන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩා, කලා හා නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට සුවිශේෂි හැකියා දායාද කර ගත් සිසු දරු දැරියන් සඳහා සුභග ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
නව නිපැයුම්, සෞන්දර්යය හා ක්‍රීඩා ක්ෂේත්රයන්හි සුවිශේෂී දක්ෂතා දක්වන අ.පො.ස. (උ.පෙළ) ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම සුභග ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ යටතේ 12 වන ශ්‍රේණියට ඇතුළත් ව උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කරන සිසුන් අතරින් තෝරා ගත් සිසුන් 1000 කට අ.පො.ස. (උ.පෙළ) ඉගෙනුම ලබන අවුරුදු දෙකක කාලසීමාව සඳහා රු. 50,000 ක වටිනාකමින් යුතු ශිෂ්‍යත්ව, එක් මසකට රු. 2500/- බැගින් සමාන වාරික 20 කින් පිරිනමනු ලැබේ.
මීට අදාළව නිකුත් කර තිබූ 2020.12.15 දිනැති 34/2020 චක්‍රලේඛය අභිබවා 2022.12.30 දිනැති 41/2022 චක්‍රලේඛය මින් ඉදිරියට ක්‍රියාත්මක වේ.
දැනුම්දීමේ ලිපිය
අයදුම්පත