නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස් තානාපති ANDREI I. RZHEUSSKY මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් බෙලරූස්හි උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමටත් දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ද්වීපාර්ශ්වික වැඩසටහන් ක්‍රියාවට නැංවීමටත් මෙම හමුවේ දී කරුණු සාකච්ඡුා කෙරිණි. සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මීට ඉහත දී බෙලරූස් රාජ්‍යය මෙරටට ලබා දී ඇති උසස් අධ්‍යාපන අවස්ථා මෙන් ම දක්වා ඇති සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය බෙලරූස් තානාපතිවරයාට පළ කළේ ය.
අනතුරුව වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, නිපුණතා සංවර්ධන අරමුදල, උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනය, NSBM හරිත සරසවිය, මොරටුව විශ්ව විද්‍යාලය යන ආයතනයන් හී ප්‍රධානීන් සමඟ බෙලරූස් තානාපතිවරයා විශේෂ සාකච්ඡුාවක නිරත විය.
එහි දී බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ මෙම ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා මෙරට සිසුන්ට හදුන්වා දීම පිළිබඳ ව සාකච්ඡුා විය. තව ද නිපුණතා සංවර්ධනය, තාක්ෂණික අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්රවල පුහුණු වැඩසටහන් සහ හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ණ සහය ලබා දීමට ද බෙලරූස් තානාපතිවරයා මෙහි දී පොරොන්දු විය.