උක්ත විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවනු ලැබේ.
02. අයදුම්පත් භාරගනු ලබන්නේ 2023.01.16 දින සිට 2023.02.15 දින දක්වා වේ.
03. නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් අනුගමනය කළ හැක.
* විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා ” (our services) යටතේ ඇති මූලික පිරිවෙන් අවසාන විභාගය – 2021 (2022)- උත්තර පත්‍ර නැවත සමීක්ෂණය [Mulika Piriven Final Examination – 2021 (2022) – Re-scrutiny of Results] සබැඳිය මත click කිරීම.
* විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile Application), “DOE” වෙත පිවිස
මූලික පිරිවෙන් අවසාන විභාගය 2021 (2022)- උත්තර පත්‍ර නැවත සමීක්ෂණය [Mulika_Piriven Final Examination – 2021 (2022) – Re-scrutiny of Results] සබැඳිය මත
click කිරීම.
* https : //onlineexams.gov.lk/eic වෙත පිවිසීම.
04. දැනටමත් පරිශීලක ගිණුමක් ඔබ සතු වේ නම්, Personal Account Login හරහා පද්ධතියට ප්‍රවේශ වන්න. නැතහොත් විභාගයට පෙනී සිටි ජාතික හැඳුනුම්පත් අංකය හා ඔබ දැනට භාවිත කරන ජංගම දුරකථන අංකය යොදා ගිණුමක් නිර්මාණය (Register) කර ගන්න. ඔබගේ ජංගම දුරකථන අංකයට ලැබෙන OTP අංකය භාවිත කර ඔබ නිර්මාණය කරගත් ගිණුමට ප්‍රවේශ වන්න. ” MULIKA PIRIVEN FINAL_EXAMINATION – 2021 (2022) – Application for Re – Scrutiny of Results” මත Click කරන්න. අයදුම්පත් සම්පූර්ණ කිරීමට පෙර Technical Instructions හා Common Instructions කියවීම හා උපදෙස් වීඩියෝව නැරඹීම අත්‍යවශ්‍ය බව සලකන්න.
05. එක් විෂයයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රු. 200 /= කි. හර පතක් (Debit Card)/ ණය පතක් (Credit Card) භාවිත කර හෝ තැපැල් කාර්යාල මඟින් ගෙවීම් සිදු කළ යුතුය. තැපැල් කාර්යාල මඟින් ගෙවීම් කිරිමේ දි අයදුම්කරු විසින් මාර්ගගත ක්‍රම වේදයට අනුව ලබා ගන්නා ලද යොමු අංකය (Reference No.) ඉදිරිපත් කර ගෙවීම් සිදු කළ යුතුය. මුදල් ගෙවීමෙන් පසු, ලබාදුන් ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් ලැබෙනු ඇත. මුදල් ගෙවීමේ අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණක් බැවින් මුදල් ගෙවන ආකාරය තෝරා ගැනීමට පෙර නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත සියලුම විෂයන් තෝරා ගන්න.
06. මුදල් ගෙවීමෙන් පසු අයදුම්පත pdf ක්‍රමයට බාගත (Download) කරගත හැකි අතර, එම අයදුම්පත පරිවේණාධිපති/ ප්‍රධානාචාර්ය නිර්දේශය සහිතව පහත ලිපිනයට එවිය යුතුය.
විභාග කොමසාරිස් ජනරාල්,
ආයතනික විභාග ඇගයීම් ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
තැ. පෙ. 1503, කොළඹ.
07. නැවත සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය සියලුම විෂයන් සහිතව නිවැරදිව අයදුම්පත ඉදිරිපත් කිරීම අයදුම්කරුගේ වගකීම වේ. අදාළ ගාස්තුව ගෙවා නොමැති අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කෙරේ. අයදුම්පත සඳහා ගෙවා ඇති ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
08. මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වේ නම් පහත සඳහන් දුරකථන අංක භාවිත කළ හැකිය.
ආයතනික විභාග ඇගයීම් ශාඛාව 011-2785105 / 011-2786235