● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මකයි.
වැල්ලවත්ත ලින්ඩිසේ බාලිකා විද්‍යාලය හා අනුබද්ධිත වෛශාඛ බාලිකා විද්‍යාලයේ පවත්නා පන්ති කාමර ඉඩ පහසුකම් ගැටලුවට පිළියමක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහාය ඇති ව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හිටපු සභාපති, මාතික මාතා ගිලන් භික්ෂූ මධ්‍යස්ථානයේ වැඩ සිටින මාතික මාතා මෑණියන් විසින් තම ධන පරිත්‍යාගයෙන් සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර පාසලට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇති අතර ඊට මුල්ගල් තැබීමේ උත්සවය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් පරිශ්‍රයේ දී පසුගිය දා සිදු වූ අතර එහි දී රැස් ව සිටි පිරිස අමතමින් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ පාසල්වල භෞතික සම්පත් වර්ධනයත් සමග ම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ද සුරැකිය යුතු බවත් පාසල් දරුවන්ගේ සතිමත්භාවය වර්ධනය කරන දෛනික ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් සිසුන්ගේ විනයගරුක භාවය හා මානසික ස්වස්ථතාව වර්ධනය කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නැංවීමට තමන් උත්සුක වූ බවත් එම සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මක වන බවත් ය.
එහී දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බවයග
පාසලේ විදුහල්පති ආර්. එන්. ජයසිංහ මහත්මිය ඇතුළු ගුරු-දෙගුරුන් හා සිසුන් මෙන් ම අධ්‍යාපන නිලධාරීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.