2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව දන්වා සිටිමි.
2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන අතර මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව වැඩිදුරටත් දැනුම් දෙමි.