අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මගින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වන ලදී.
ඒ අනුව, එම නිදහස් කිරීම 2022 අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට පමණක් අදාළ වූ බැවින් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව මෙමගින් නිවේදනය කරමි.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය