ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වුවත් අපේ රටේ ප්‍රථම උපාධිය මහජනතාවගේ බඳු මුදලින් නොමිලේ ලබා දීම ශ්‍රී ලාංකික සිසුන් ලද මහත් භාග්‍යයක් බව ද, එබැවින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලික පරමාර්ථය විය යුත්තේ තම අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් අවසන් කොට සමාජයේ ඔවුන්ට හිමි ව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීම බව ද අමාත්‍යවරයා පැවසී ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
තව ද විශ්වවිද්‍යාල සිසුන් නියමිත කාල සීමාව තුළ අධ්‍යයන කටයුතු අවසන් නොකර වසර 8ක් 10ක් වැනි වැඩි කාලයක් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටීම හේතුවෙන් නවක සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා මඟහැරී යන බවත්, එලෙස විශ්වවිද්‍යල තුළ වැඩි කලක් රැඳී සිටින සිසුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල එක් ව ඉදිරියේ දී සුදුසු තීරණ ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ ය.