2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022.08.05 (අද) දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමා, අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ මාර්ගගත තාක්ෂණය ඔස්සේ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පාළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගන්නා ලද අදහස්, මත 2022 පාසල් වර්ෂය සඳහා පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් 2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට, වැඩිමනත් වශයෙනි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු වූවද 2022.08.11 වන බ්‍රහස්පතින්දා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින්, උක්ත සතිය තුළ පාසල් පැවැත්වීමේදී පහත සඳහන් පරිදි සිදු කෙරේ.
- එම සතියේ සදුදා, අඟහරුවාදා හා බදාදා දිනවලදී පාසල් පැවැත්වීම සහ සිකුරාදා දින සිසු සිසුවියන්ට නිවෙස් පාදක ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
- ප්‍රවාහන අපහසුතා බල නොපාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සිකුරාදා දින ද පාසල් පැවැත්විම හා සෑම ගුරුවරයෙක්ටම අවම වශයෙන් සතියට දින තුනක් පාසල් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකිවන පරිදි නම්‍යශීලි කාලසටහනක් සකස් කිරීම.