සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපනික සමුඵවක් පසුගිය ජූනි 29 වන දින ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද සහභාගි විය.
“අධ්‍යාපනයේ පරිවර්තනය” (Transforming Education) තේමාව කොට ගෙන පැවැති මෙම සමුඵව 2020/21 වර්ෂවල ගෝලීය කොවිඩ් 19 ව්‍යසනය හේතු කොට ගෙන පාසල් කාලය අහිමි වූ ලොව බොහෝ රටවල පාසල් දරුවන්ට, 4 වන තිරසර සංවර්ධන ඉලක්කය ලෙස නම් කරන ගුණාත්මක අධ්‍යාපනය සඳහා පෙළ ගැස්වීම හා ඒ ඒ රටවල අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සමුඵවේ මූලික අරමුණ විය.