- උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශ්වවිද්‍යාල මගින් පුහුණු සැසි
- විදුහල්පති ශේණියේ 111 ශේණියට නව පත්වීම් 155ක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප්‍රධාන විෂයන් 24ක් සඳහා පළාත් අන්තර් සම්බන්ධීකරණයක් සහිත ව විශ්වවිද්‍යාල පද්ධතිය මගින් පුහුණු සැසි පවත්වන අතර, පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ පැවති කොරෝනා තත්වය සහ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුකොටගෙන නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගත නොහැකිවූ දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි. ඒ අනුව සැකසෙන මූලික පොදු පසුබිමක් යටතේ සැප්තැම්බර් මස මුල සිට පන්තිකාමර තුළ කණ්ඩායම් ක්‍රමයකට අනුව ප්‍රශ්නෝත්තර සහිත අතිරේක ඉගැන්වීම් මගින් විභාගයට සිසුන් සූදානම් කිරීමට ගුරුවරුන්ට හැකියාව ලැබෙනු ඇත. ප්‍රමාද වූ 5 ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 පැවැත්වීමෙන් පසු උසස්පෙළ විභාගය ද නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමටත් ඒ අනුව ලබන සඳුදා සිට නිවාඩු නොමැති ව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පවත්වමින් අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමටත් සැලසුම් කර ඇත. එමෙන් ම 1,2 ශේණිවල ප්‍රාථමික අධ්‍යාපනය අහිමි ව 3 ශේණියට පිවිසෙන දරුවන්ගේ පවත්නා සාධනීය මට්ටම් හඳුනාගැනීමට විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මේ වන විටත් සමීක්ෂණ සිදු කර ඇති අතර එම වාර්තා මත පදනම් ව එම සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සැලසුම් කරන බව ද අමත්‍යවරයා පැවසී ය. අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ, පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2018/ 2019 සීමිත තරග විභාගය මත පදනම් ව සම ලකුණු ලබාගත් නිලධාරීන් 155කට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 ශේණියට අදාළ නව පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරු ව ය. මෙහි දී පාසල් ප්‍රවාහනය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘සිසුසැරියට‘ අමතර ව ‘පාසල් සේවය‘ නමින් පාසල් ළමුන් ප්‍රවාහනය ස`දහා පෞද්ගලික බස් රථ යොදාගනිමින් බස් රථ සේවයක් ලබන සඳුදා වනවිට දීපව්‍යාප්ත ව ධාවනයේ යෙදවීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. අධ්‍යාපන ලේකම් එන්. එම්. රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics