පාසල්, අධ්‍යාපන කාර්යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ආදර්ශ ගෙවතු ස්ථාපනය කිරීමේ වැඩසටහන
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සියලු ම රජයේ ආයතන හා පාසල් භූමි පරිශ්‍රවල හා ගෙවතුවල බෝග වගා කිරීමට රජය තීරණය කර ඇත. ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයකට සාර්ථකව මුහුණ දීම මගින් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන ගෙවතු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ. ඒ අනුව අධ්‍යාපන අමාත්යාතුමාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව “විදු බිමෙන් ගොවි බිමක්” ජාතික සිසු දරු වගා සංග්‍රාමය නමින් පාසල් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන යටතේ දිවයිනේ පාසල්, පිරිවෙන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල හා සියළුම අධ්‍යාපන කාර්යාල ආදී අධ්‍යාපන ආයතන සතුව ඇති වගා කළ හැකි ඉඩම් ඵලදායී ලෙස වගා කිරීමටත් එය තවදුරටත් ව්‍යාප්ත කරමින් සිසුන්ගේ ගුරුභවතුන්ගේ හා නිලධාරීන්ගේ ගෙවතු වගා කිරීමටත් බලාපොරොත්තු වේ. මෙම වැඩසටහන දිවයිනේ සියලු ම පාසල්වල හා අධ්‍යාපන ආයතන පරිශ්‍රවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.