ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ) සහ ගුරු සහායකයින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මැයි මස තුන්වන දින සිදු විය.
එහි දි ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරින් (විද්‍යා පීඨ) 544 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම සිදු වූ අතර සමස්ථ දිවයිනේ ම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4645ක් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණිය සඳහා පත්වීම් ලබා දීම සිදුවිය.
මෙම අවස්ථාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ අනාගතය රැඳී ඇත්තේ අධ්‍යාපනය මත බවත් අධ්‍යාපනය සඳහා කරනු ලබන ආයෝජනය තුළින් මනා ප්‍රයෝජනයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවත්, අධ්‍යාපනයේ නව ප්රවණතා හඳුනාගනිමින් තාක්ෂණ අවශ්‍යතා සහ හතරවන කර්මාන්ත විප්ලවයට ගැළපෙන අයුරින් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඇති බවත් ය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති එල්. ඩි. නිමලසිරි,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ප්‍රධාන ලේකම් ගාමිණි ජයරත්න, පළාත් අධ්‍යාපන ලේකම් අජිත් පේ‍්‍රමසිංහ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics