පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් තීරණගැනීමේ සංස්කෘතියක් බිහිකරලීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන පාසල් පර්යේෂණ සතියට සමගාමීව ‘තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව’ යන තේමාව පාදක කරගනිමින් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන – 2022‘ සංවිධානය කර ඇත. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 10වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරුදැරියන් මෙම වැඩසටහන සඳහා ඉලක්කගත කණ්ඩායම වේ. පර්යේෂණ කණ්ඩායම් ලෙස මේ සඳහා ඉදිරිපත් විය යුතු අතර කණ්ඩායම් භාර ගුරුවරයකු ද ඇතුළත් ව කණ්ඩායමේ උපරිම සාමාජික සංඛ්‍යාව 05 දෙනෙකුට නොවැඩි විය යුතු ය.
මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ මාර්ගගත වැඩසටහනක් 2022 මැයි මස 22වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා MS Teams මෘදුකාංගය ඔස්සේ පැවැත්වීමට නියමිත ය. ජල ආරක්ෂක සැලසුම් උපදේශන ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය එස්.කේ. වේරගොඩ මහතා මෙහි ප්‍රධාන සම්පත්දායක ලෙස සහභාගීවීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාවේ හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පිළිසැකසුම් අංශයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වය ද මේ සඳහා ලබාදෙනු ලැබේ.
මෙම මාර්ගගත දැනුම්වත්කිරීමේ වැඩසටහන සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන සැමට අවශ්‍ය තොරතුරු පහත පරිදි වේ.
තේමාව: තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව පාදක කරගත් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන 2022’
දිනය හා වේලාව: 2022 මැයි 24 වන දින පෙ.ව.10.30
MS Teams මාර්ගගත වැඩසටහන සඳහා සහභාගීවීම සඳහා:
වැඩසටහන් සබැඳිය :
කෙටි සබැඳිය
සිසුන් ලියාපදිංචිය සඳහා:
ලියාපදිංචි සබැඳිය :
කෙටි සබැඳිය: