ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදයෙන් ලෝක ජල දිනයේ දී (මාර්තු 22) සංවිධානය කරන ලද උත්සවයේ දී දරුවන්ට අදාළ කාටූන් වීඩියෝ පටයක් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් නිකුත් කරනු ලැබී ය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදයේ සභාපති ටනූජා ආරියනන්ද සමඟ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනයේ වැඩසටහන් අධ්යක්ෂවරයා ද සහභාගි විය.