මොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන 6000ක් (බිලියන 6ක්), ශ්‍රී ලංකාවට ලබාදීමට, ක්වේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග, 2022.02.02 දින අධ්‍යාපන අමාත්‍යංශයේ, උසස් අධ්‍යාපන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් 100ක් අන්තර්ජාතික මට්ටමට ගෙන ඒම සඳහා ආධාර කිරීමට බලාපොරොත්තු වන බව ක්වේට් අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. මෙම සාකච්ඡාවට මෙරට ක්වේට් තානාපති Khalaf Dhhair මහතා මෙන්ම ක්වේට් අරමුදලේ පරිපාලන හා මූල්‍ය කටයුතු අධ්යක්ෂ ජෙනරාල් Nedhal A-Olayan සහ ක්වේට් අරමුදලේ නැඟෙනහිර, දකුණ ආසියානු හා පැසිෆික් කලාපීය අධ්යක්ෂ Yonsef Al-Bader යන මහත්තුරුද එක්ව සිටියහ.