UNICEF ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත Christian Skoog මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2022/01/25 දින සිදුවිය.
නැවත පාසල් ආරම්භ කිරීම, අධ්‍යායන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව හා කොවිඩ් 19 නව සාමාන්‍යකරණය යටතේ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට UNICEF හි ප්‍රසාදය පළ විය. කොවිඩ් කාලය තුළ පාසල් වැසීම නිසා දරුවන්ට අහිමි වූ අධ්‍යයන කාලය පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනය හමුවේ UNICEF කළ කාර්යභාර්ය, පාසල් වල ජල සම්පාදන සහ සනීපාරක්ෂක පහසුකම් වලට දුන් ආධාර, කොවිඩ් 19 සමයේ දුන් මාර්ගෝපදේශ පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පළ කළේය.