ආයුවේද චක්‍රවර්ති, පණ්ඩිත, ගම්පහ ජී.පී. වික්‍රමාරච්චි මැතිතුමා දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ඉටු කළ ඉමහත් සේවාවට පුද කරන ගෞරවයක් ලෙස එතුමාගේ පිණිපිරියක වන, වෛද්‍ය අනූෂා ඩියාන් වික්‍රමාරච්චි මහත්මිය, “ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ” පාලක සභා සාමාජිකාවක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර ඇති අතර, එම පත්වීම් ලිපිය, 2022.01.24 දින ප්රදානය කෙරිණි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ, උසස් අධ්‍යාපන කාර්යාලයේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම පත්වීම් ලිපිය ප්රදානය කළ අතර, ඊට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද එක්ව සිටියේය.
වෛද්‍ය අනූෂා ඩියාන් වික්‍රමාරච්චි මහත්මිය දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි. ගම්පහ වික්‍රමාරච්චි සිද්ධායුර්වේද ඖෂධ සමාගමේ සභාපතිනිය වන්නේද ඇයයි. 1929 දී, ආයුවේද චක්‍රවර්ති, පණ්ඩිත, ගම්පහ ජී.පී. වික්‍රමාරච්චි මැතිතුමා, ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටුවූ අතර පසුව 1995 වසරේදී කැලනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල ආයතනයක තත්ත්වයට උසස් කරනු ලැබීය. ඉන් අනතුරුව, 2021 මාර්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි “ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, ශ්‍රි ලංකාව” යන නාමය යටතේ, වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි.